ජනපතිගේ ප‍්‍රහාරයෙන් අල්ලස් කොමිසම බිය වී වෙවුලයි.. සියළු දෙනා ඉල්ලා අස්වෙන්න යයි..

October 14, 2016 at 7:05 am | lanka C news
ජනපතිගේ ප‍්‍රහාරයෙන් අල්ලස් කොමිසම බිය වී වෙවුලයි.. සියළු දෙනා ඉල්ලා අස්වෙන්න යයි..

ජනාධිපතිවරයා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට විරෝධය පල කිරීමක් ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඇතුළු සභාපති, කොමසාරිස්වරුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රැක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය මේ දිනවල නිරතව සිටින විදෙස් සංචාරය නිමවා මෙරටට පැමිණි වහාම ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙනු ඇතියද සදහන්ය.

130 views
Main News