ජනපතිගේ ප‍්‍රහාරයෙන් එජාපය තක්කු මුක්කු වෙයි.. සියළු මාධ්‍ය හමු අවලංගු කරයි..

October 14, 2016 at 5:30 pm | lanka C news
ජනපතිගේ ප‍්‍රහාරයෙන් එජාපය තක්කු මුක්කු වෙයි.. සියළු මාධ්‍ය හමු අවලංගු කරයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් කැදවා ඇති මාධ්‍ය හමු සියල්ල අවලංගු කිරීමට පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ මාධ්‍ය ප්‍රධානීන්ට දන්වා ඇත.

ඒ අනුව ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් ඊයේ දින කැදවා තිබූ මාධ්‍ය හමුව හා මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් විසින් අද දිනයේ කැදවා තිබූ මාධ්‍ය හමු අවලංගු කර තිබේ.

එසේම විවිධ අවස්ථාවන්වදී මාධ්‍යන් හමුවේ අදහස් දැක්වීමේදී හැකි තාක් ප‍්‍රවේශම් වන්නැයි අවධාරණය කර ඇත.

මීට හේතු වී ඇත්තේ පෙරේදා දිනයේ ජනාධිපතිවරයා විසින් සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන මාධ්‍ය විමසන ප‍්‍රශ්නවලට පිලිතුරු දීමේදී ඒකාබද්ධ විපක්ෂයට වාසියක් විය හැකි බවට සාකච්චා වී තිබීමයි.

20 views
Main News