ජනපතිගේ මත් විරෝදය තුට්ටුවකට නොතැකේ.. බියර් සමාගම තුන් මාසයට බිලියන 6.5ක අමතර ලාබ ගනී..

September 15, 2016 at 9:59 pm | lanka C news
ජනපතිගේ මත් විරෝදය තුට්ටුවකට නොතැකේ.. බියර් සමාගම තුන් මාසයට බිලියන 6.5ක අමතර ලාබ ගනී..

මැලේසියාව සහ වියට්නාමයෙන් මෙරටට බියර් ආනයනය කොට අලෙවි කරන මහා පරිමාන සමාගමකට මුදල් අමාත්‍යාංශය විසින් එම සමාගමට පමණක් සීමා වන සේ විශාල බදු සහනයක් ලබාදීමට කටයුතු කොට තිබීම නිසා අති විශාල ලාබයක් උපයා ගෙන තිබේ.

එකී සමාගම විසින් පසුගිය මාස තුන තුල පමණක් ආනයනය කරන ලද බියර් සඳහා පමණක් රජයට අහිමි වූ රේගු බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.5 කි. එනම් රුපියල් දශලක්ෂ 6500 පමණ වේ.

පසුගියදා යාපනයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී සම්මන්ත්‍රණයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ රටේ කාන්තාවෝ විශාල වශයෙන් බියර් බීමට පුරුදුවී ඇති බවත් ලංකාවේ වැඩිපුරම මත්පැන් අලෙවිය නිසා රජයට ආදායම් ගෙනදෙන්නේ උතුරු පලාතෙන් බවත්ය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මත්පැන් පානය කරන පිරිස් කන්ණාඩිය ඉස්සරහට ගොස් තමන් කොතරම් මෝඩ ගොන් හරකෙක්ද කියා අසා බැලිය යුතු බවයි.

87 views
Main News