ජනපතිගේ ‘මතින් තොර රටක්’ කැලේ… බියර් මිල පහලට.. ශ්රීලනිපය කණගාටුවෙන්..
November 14, 2017 at 6:47 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් වන ‘මතින් තොර රටක්’ වැඩපිලිවෙල ක්‍රියාත්මක කර ඇති මොහොතක මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති 2018 අයවැය මගින් බියර් මිල පහත දැමීම පිලිගත නොහැකි යයි ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙරට විසි ලක්ෂයක පමණ පිරිසක් මත්පැන් භාවිත කරන බවත් බියර් මිල අඩු කිරීම කිසිසේතම සුභදායි නොවන බව ද ඔහු පැවසීය.
නමුත් අදාල යෝජනාවෙන් යම් ආර්ථික වාසියක් හිමිවුවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය හා කිසිසේතම නොගැලපෙන බවද ඔහු සදහන් කලේය.
මෙනිසා වහාම අදාල යෝජනාව වෙනස් විය යුතු යයිද ඔහු පැවසීය.
යකෝ මම දන්න හැම එකාම බොනවා, බියර් මිල අඩුකලොත් උන් බනිනව. අයෙම ලොකු ගනන් දීල බොනව. මොන මෝඩයො ටිකක්ද මේ.
‘මතින් තොර රටක්’. හරි. එතකොට දෑන් රට දියුණු වෙයි.
“යකෝ රටේ මගේ වැසියන්ට විහිලුවක් වත් තේරෙන්න නැති හැටි,
ටිකක් රත්වෙන්න ගත්තාට කමක් නැහැ” ‘ටිකක් ගත්තට මත්වෙන්නේ නැහැනේ ‘
ඒ පඹ ජඩපතිගේ සරළ තීරනයයි