ජනපතිගේ මරණය ගැන කී අනාවැකියෙන් විජිත් රෝහණ විජේමුණි ලෝක ඉතිහාසතවෙයි..

January 2, 2017 at 9:43 pm | lanka C news
ජනපතිගේ මරණය ගැන කී අනාවැකියෙන් විජිත් රෝහණ විජේමුණි ලෝක ඉතිහාසතවෙයි..

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යායේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

2017 වසරේ ආණ්ඩුවෙන් මහා පාවාදීම් 3ක්

2017 සුබ නව වසරක් කී පමණින්ම මේ වසර සුබ වන්නේ නැහැ.  මේ වසර අසුබම වසරක් ලෙස ඉතිහාස ගතවීමට නියමිතයි.  අපි පන්සල් පල්ලි ගිහින් ආශිර්වාදය අරගත්තා. ඒ වගේම දකින දකින කෙනාට ප්‍රාර්ථනා කරනවා අපි සුබ නව වසරක් කියලා.  නමුත් සුබ නව වසරක් කියා පැතූ පමණින්ම  ආගමික නායකයින්ගේ ආශිර්වාදය ලැබු පමණින්ම වසරනම් සුබ වන්නේ නැහැ. වසර සුබ වන්න නම් මේ වසරේ අපිට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න වෙනවා.

මේ ආණ්ඩුව 2017 පාවාදීමේ වසර ලෙස නම් කරලා හමාරයි.  ඒ නිසා 2017 වසර අපි පින්බිම සුරකින වසර ලෙස නම් කරනවා.  මේ වසරෙදි ආණ්ඩුව මහා පාවාදීම් තුනක් කරන්න හදනවා. බොහෝවිට වසරේ පලවෙනි මාස 3 තුල මෙය සිදුවිය හැකියි.  ඉන් පලමුවැන්න දෙමළ බෙදුම්වාදීන්ට අපේ රට පූජා කෙරෙන ෆෙඩරල් ව්‍යවස්ථාව ලබන මාර්තු මාසයේදී සම්මතකරගැනීමේ වෑයමක ආණ්ඩුව නිරතවෙලා ඉන්නවා.  දෙවෙනි කාරණය තමයි මාර්තු මස වන විට එක්ටා ගිවිසුම අත්සන් කරලා ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවසථාවන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල ඉන්දියාවට පූජා කිරීමට නියමිතයි.  තුන්වන කාරණය තමයි හම්බන්තොට චීනයටත් ත්‍රිකුණාමලය ඉන්දියාවටත් කොළඹ ප්‍රධාන ජැට් දෙකක් ඕස්ට්‍රේලියාව හරා ඇමරිකාවටත් ලබාදෙමින් මේ මව්බිම ලෝක බලවතුන් තුන්දෙනෙක්ගේ කෙළිබිමක් බවට පත්කිරීමටද නියමිතයි. මෙවැනි බලවතුන් සයිප්‍රසයේදී ලෙබනනයේදී වියට්නාමයේදී බල අරගල වල යෙදුනු හැටි දැක්කම අපිට පේනවා මේ බලවතුන් එන්නේ යන්න නෙමෙයි කියන එක. මේ අදුරදර්ශි හෙටක් ගැන නොසිතන ආණ්ඩුව මෙතනට තමයි මේ රට තල්ළුකරන්න හදන්නේ.

මේ මහා පාවාදීම් තුන පරාජය කරන වසර බවට මේ වසර පත් කරගන්නට රටේ ජනතාව අධිෂ්ඨාන කර ගත්තොත් ඒ වෙනුවෙන් කැප උනොත් 2017 සුබ වීම කෙසේ වෙතත් අසුබ වීමනම් වලක්වාගන්න හැකිවේවි.

ඒ වගේම මේ මහා පාවාදීම්වලට ආණ්ඩුවට තිබෙන ලොකුම බාධාව තමයි මහසඟරුවන. උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කර සටන්වලට නායකත්වය දුන් නිසා තමයි වසර 2500 පුරාවටම මේ රට රැක ගන්න පුළුවන් උනේ. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා පන්සල්වලට විවිධ ආමිස පූජා හරහා මහා සංඝරත්නය දිනාගන්න පුළුවන් කියලා.  පන්සල් වල විවිධ ඉදිකිරීම්වලට ආණ්ඩුවේ සහ විවිධ ව්‍යාපාරිකයන්ගේ මුදල් ලබාදීම හරහා මහ සංඝරත්නය දිනා ගැනීමේ ව්‍යාපාරයක් මේ ආණ්ඩුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා කියා අපිට තොරතුරු ලැබී තියෙනවා. මේක මහා සංඝරත්නයට කල බලවත් අපහාසයක්. මන්ද ඉතිහාසයේ කවමදාවත් ආමිස පූජාවන්ට යටවී මහා සංඝරත්නය අපේ මව්බිම පවා දී නැහැ.

උතුරට එක හැන්දක් – දකුණට තව හැන්දක්

මේ ජාතිවාදී ආණ්ඩුව රටේ ජාතික සමගිය බිද දැමීම සදහා මහ බලවත් උත්සහයක් දරනවා.  පසුගිය ජූනි මාසයේ ආණ්ඩුවේ වරදින් සාලාව යුධ හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම නිසා දේපල හානි වූ ජනතාවට අද වෙන තුරු නිසි පරිදි වන්දිගෙවා අවසන් කර නෑ.  නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්නයේ ඇතුවූ ගින්නෙන් හානියට පත්වූ වෙළද සැල් වලට නම් ආණ්ඩුව යුහුසුලුව වන්දි ගෙවීමට කටයුතු කර තිබෙනවා. නමුත් ඒ ගිනි ගැණීම ආණ්ඩුවේ වරදක් වත් ස්භාවික විපතක් වත් නෙමෙයි.

දකුණේ සිංහලයන්ට එක හැන්දකින් සහ උතුරේ දෙමළ ජනතාවට තව හැන්දකින් බෙදීම හරහා ආණ්ඩුව මේ රටේ නැති ජාතිවාදයක් වපුරමින් ඉන්නවා.  දෙමළ ජනතාවගේ උද්ඝෝෂණයකදී පොලීසිය කිරි පැකට් වලින් සංග්‍රහා කරනවා.  දකුණේ  සිංහල අය උද්ඝෝෂණය කළොත් කිරි පැකට් නෙමේ පොලීසියෙන් දෙන්නේ ජල ප්‍රහාර. නැත්නම් බැටන් ප්‍රහාර. සිංහල හා දෙමළ ජනතාවට දෙආකාරයකට සලකමින් ජන වර්ග අතර වෛරය අනොන්‍ය අවිෂ්වාසය ඇතිකරමින් පැවතුන සංහිදියාවත් මේ ආණ්ඩුව විනාශ කර දමමින් සිටිනවා.  ඇති ප්‍රශ්න නැතිකරන්න ආපු ආණ්ඩුව නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා.

කවටයා රජ ගෙදරම තබාගන්න

මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් තුමා ප්‍රකාශ කරනවා විජිත රෝහන මහතා විසින් ජනපතිතුමන්ගේ මරණය ගැන කල  ජෝතිෂ්‍ය අනාවැකිය ජෝතිෂයට එකග නැති කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස. ඒ වගේම විජිතරෝහන මහතාව පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාෂය විසින් ප්‍රශ්න කිරීමක් පවා සිදු කලා.  ලොක ඉතිහාසයේම අනාවැකි පලකිරීම නිසා පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක්වු පලමු ජෝතිර්වේදියා විදිහට විජිත රෝහන මහතා ඉතිහාස ගත වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ ඒ වගේම බටහිර රටවල් වල උනත් මෙවැනි අනාවැකි ප්‍රකාශ කිරීම් සිදු වෙනවා.  නමුත් ඒ කාවවත් ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ කරුවන් ලෙස සලකා නෑ.

අපේ ඉතිහාසය ගත්තත් උන්මාද චිත්‍රා කුමරියට උපදින දරුවා සිය මාමා වරුන් මරා රජවන බවට කුමරිය උපන් දා ජෝතිර්වේදීන් කියනවා. නමුත් ඒ මාමා වරුන් එම ජෝතිර්වේදියාව කුමන්ත්‍රණ කරුවෙකු ලෙස සලකා අත්අඩංගුවට ගත්තේ නෑ.  හිස ගසා දැමුවෙත් නෑ.  ඒ වගේම අන්ධ ජෝතිර්වේදියෙක්  සිරි සග බෝ හා ගොඨාභය කුමාරවරුන්ගේ පා සටහන් හඩ අනුව පවසනවා ඒක් කුමරුවෙකුට හිස දන් දෙන්න සිදුවෙන බවත් අනෙක් කුමාරයා දිගු කලක් රටේ පාලනය ගෙනියන බවටත්.  නමුත් ඒ ජෝතිර්වේදියා රාජ කුමාරවරුන් මැරීමේ කුමන්ත්‍රණයක සිටි බවට චෝදනා එල්ල වෙන් නෑ.

එවැනි පසුබිමක තමුන් ද ජෝතිෂ්‍යය දන්නා බවට පවසන මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් තුමන් මාධ්‍ය හමු පවත්වමින් ජෝතිර්වේදින් කුමන්ත්‍රණ කරුවන් ලෙස හුවා දැක්වීමට උත්සහා කරනවා.  නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ පසුගිය ජනාධිපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ මහතා දිනනවා කියලා වගේම එතුමන් පරදිනවා කියලත් ජෝතිශ්‍යය වේදීන් සිය අනා වැකි පල කලා. විජිත රෝහන මහතාත් කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා පරදින බවයි. නමුත් එදා අපි එතුමන් කුමන්ත්‍රණ කරුවෙකු ලෙස හුවා දැක්වූයේ නැ.  ඔහුව පොලීසියට ගෙන ගියෙත් නෑ.

ජෝතිර්වේදින් අනාවැකි පැවසීම ඔවුන්ගේ අදහස් පල කිරීමේ නිදහස.  කලින් ආණ්ඩුවේ නෑ ඒ නිසා අපි සුරක්ෂිත කර ලබා දෙනවා කියලා මේ ආණ්ඩුව කිව්වා  නිදහස තමයි අදහස් පල කිරීමේ නිදහස.  මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් තුමන් මේක කුමන්ත්‍රණයක් ලෙස පැවසීම අදහස් පැවසීමේ අයිතිය උදුරාගැනීමක් වගේම මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් කියන තනතුරටත් අගෞරවයක්.

එතුමන් මේ මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් කියන තනතුර මීට පෙරත් හාස්‍යයට ලක් කලා. වරක් එතුමන් මාධ්‍ය වෙත ලිපියක් එව්වා ඒකාබද්ධ විපක්ෂය ඒ නමින් හදුන්වන එක නීතිය ඉදිරියේ වරදක් කියලා. එතුමන් සී එස් එන් නාලිකා බලපත්‍ර තහනම් කලා. හිරු හා දෙරණ නාලිකා වලට තර්ජනය කලා එම නාලිකාවල බලපත්‍ර තහනම් කරණ බවට.  මේ හැසිරීම් නිසා අද ඔහු විහළු කරුවෙක් වෙලා තියෙනවා . අපි ජනපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජනපතිතුමනි ඔබතුමන්ට තිබෙන වෙහෙසකර ජීවිතයේ හැටියට රජ ගෙදර කවටයෙක් තියා ගත්තට අපේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ. මහනුවර රජ සමයේත් අන්දරේ හිටියා. ඊට කලිනුත් අපේ රජවරුන් ගාව කවටයන් හිටියා.  නමුත් මේ රාජකීය කවටයට කවටයා තනතුරට අමතරව මාධ්‍ය අමාත්‍යංෂයේ ලේකම් වගේ වෙනත් වගකීම් පැවරීමට නම් අපි විරුද්ධයි. ඒ නිසා කවටයන්ට කවටකම් කරමින් ඔබතුමන් ලග ඉන්න දෙන්න. ඒත් වෙනත් වගකීම් පවරන්න එපා කියලා අපි ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජාතිවාදී පදනමින් නඩු තීන්දු විග්‍රහ නොකරනු

නඩරාජා රවිරාජ් මන්ත්‍රීතුමන්ගේ මරණය පිලිබද නඩුවේ දී ජූරිය විසින් ඒකමතිකව තීරණය කලා සියළුම විත්තිකරුවන් නිවැරදිකරුවන් කියලා. ඒ අනුව මහධිකරණ විනිසුරුතුමන් කීරණය කලා සියළු චූදිතයන් නිදොස්කර නිදහස් කරන්න.

මේ පිලිබඳ විවේචනය කරන දෙමළ ජාතික සන්ධානය වගේම ජාත්‍යන්තර බලවේග වලින් නඩත්තුවෙන රාජ්‍ය නොවන සංවිධාන වල එහෙයියන්, එතැන හෙදියෝ මහාචාර්යවරුන් ලේඛකයන් මේ සියළු එන්ජීඕ පිරිස් මේ නඩු තීන්දුව පිළිගත නොහැකි බව කියනවා. හේතුව ලෙස දක්වන්නේ ජූරි සභිකයන් සිංහලවීම.  උගත් නීතිඥ මහත්මයෙක් කියනවනම් මෙන්න මේ සාක්ෂි නඩුවේදී ඉදිරිපත් වුනා මේ සාක්ෂි මත මොවුන් නිදහස් කිරීම නැතිනම් නිවරදිකරුවන් ලෙස ප්‍රකාශ කිරීම නීතියට පටහැනි කියලා අපි හිස නමා එවැනි විග්‍රහයක් පිළිගන්නවා. නමුත් ජූරි සභිකයන් සිංහලවීම නිසා තීන්දුව පිළිනොගන්නවානම් එය ජාතිවාදී ප්‍රකාශයක්. අපිත් ශේෂ්ඨාධිකරණයට විවිධ අවස්ථාවල පිවිතුරු හෙළ උරුමය ලෙස ගිහින් තියෙනවා. අපේ සමහර නඩු වලදී අපේ පැත්තට තීන්දුව ලැබුනා. එක් නඩුවකදී මා බලාපොරොත්තු වන තීන්දුවට එරෙහි  තීන්දුවක් තමයි ලැබුනේ. නමුත් මම කවර කවදාවත් කිව්වේ නෑ ශේෂ්ඨාධිකරණයට නායකත්වය දෙන්නේ දෙමළ ජාතිකයෙක්ය ඒ නිසා එම තීන්දුව අපිට පිළි ගන්න බැහැ කියලා.

අපි ඇතැම් නඩු තීන්දු මාධ්‍ය හමුවලදී කර්කෂ ලෙස විවේචනය කරාල තියෙනවා. නමුත් අපි කවදාවත් ජාතියවත් ගමවත් නමවත් නෑදෑයෝ නිසාවත් එම නඩු තීන්දු පිලිගන්න බෑ කියලා.  අපි නඩු තීන්දු නීතියට අනුව විග්‍රහ කරලයි කියන්නේ මේ නඩු තීන්දුව නීතියට පටහැනියි. ඒ නිසා අපට මේ තීන්දුව පිළි ගන්න බෑ කියලා.  නමුත් ආණ්ඩුවම නඩත්තු කරන ජාත්‍යන්තර බලවේගවලින් යැපෙන මේ රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍ය ඉදිරියට ඇවිත් නඩු තීන්දු ජාතිවාදී කෝනයෙන් විග්‍රහ කරනවා.  මේ නිසා ජන වර්ග අතර නැති ප්‍රශ්න ඇතිවීමේ අවධානමක් තියෙනවා . මේය එක පැත්තකනින් ජාතිවාදය ඇවිස්සීමක් වගේම අනෙක් පැත්තෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හා ගෟරවයට කරන මහ කැලලක්.  අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි අධිකරනයට අපහාසාත්මත ප්‍රකාශ කරන අය ගැන අධිකරණය විසින් තීන්දුවක් නොගත්තොත් අපේ අධිකරණය ගැන සමාජ විශ්වාසය නැතිවෙනවා. අනික් පැත්තෙන් පුංචිදෙයක් අපේ මහා සංඝරත්නය පැත්තෙන් කට වැරැද්දක් වෙච්ච ගමන් ජාතිවාදය වපුරනවෝ කියලා උන්වහන්සේලා අත්අඩංගුවට අරගෙන නඩු දාන මේ ආණ්ඩුව ඒ වගේම වෑල්ඩින් බාස්ගේ පොලීසිය නඩු තීන්දු ජාතිවාදී ආකාරයෙන් විවේචනය කරන එන්ජීඕ ඉත්තන් හා දෙමළ ජාතිවාදී මන්ත්‍රීවරුන්ටත් එරෙහිව කිසිදු පියවරක් නොගැනීමෙන් පොලීසියේ නීතිය නැමීමේ තරම නම් මැනවින් ප්‍රදර්ශනය වෙනවා.

– අරවින්ද අතුකෝරල

20 views

7 Comments to “ජනපතිගේ මරණය ගැන කී අනාවැකියෙන් විජිත් රෝහණ විජේමුණි ලෝක ඉතිහාසතවෙයි..”

  1. UNP PARTY says:

    what a looser

    • Tax officer says:

      You’re correct!. The media secretary is a real looser.
      In order to please his pay masters, he has mixed up government service and astrology.

  2. Lionel Dholapihilla says:

    “ජනපතිගේ මරණය ගැන කී අනාවැකියෙන් විජිත් රෝහණ විජේමුණි ලෝක ඉතිහාසගත වෙයි..”

    Congratulations, Vijith! You are a really, really brave son of Ruhuna!

  3. nish says:

    Mihekge maranaya balagena innawa raja balaya ganna….lajjai yako!

  4. karunaratne says:

    රැකියා ,ව්‍යාපාර ඇතුළු නොයෙකුත් වැඩවලට මිනිස්සු දුර ප්‍රදේශවල සිට දුම්රියෙන් බස්රියෙන් තෙරපිලා නිදිමරාගෙන කොළඹට එන්නේ යන්නේ කොළඹ සියලු ව්‍යාපාර ,හෝටල් සහ ගොඩනැගිලි ආණ්ඩුවේ නිසාද?ඒවා විදේශිකයන්ගේද කාගේද කියලවත් දන්නවාද? අවූල් නම් අන්තර්ජාලයත් භාවිතා නොකර පදිංචි ප්‍රදේශයේදිම තමන්ගේ දෙයකින් හම්භකරගෙන හිටියනම් කොළඹටත් හොද පාඩමක් (පහසුවක්) වේවි.

  5. chathur says:

    ane manda ekko mewa balan apita pissu nethnam me wage ewa dala pablish karan ayata wena deyak nethinda danawada keyala danne ne..

    me wag passa yanna nthuwa jiwetha awl karaganna epa

    mewa thanikarama boru ..

  6. සුරේන් says:

    හයියෝ.. දිග වැඩියි.. සාරාංශ කරලා දාන්න

Main News