ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරය අගයා සහතිකයක්.. ලෝක මැතිවරණ ඉතිහාසයේ පලමු වතාවටයි..
July 17, 2020 at 8:40 am | lanka C news
ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගිත්වය සහිත ප්‍රථම “කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය” සඳහා ප්රදානය කෙරෙන “කාබන් ශූන්‍යකරණ” සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමේ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයෝ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත සහතිකය පිළිගැන්වූහ.
රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබාගත් බව සහතික කර ඇත්තේ හරිතාගාර වායු කළමනාකරණය පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා බලය හිමි Sustainable Future Group නම් පරිසර පර්ෂදය විසිනි. මේ කණ්ඩායම හරිතාගාර වායු විමෝචන ක්ෂේත්රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමැතිය ලැබූවකි.
සම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණය සැලසුම් කිරීම රාජපක්ෂ මැතිතුමාගේ චින්තනය හා අධිෂ්ඨානය විය. දිවයිනම ආවරණය කළ 150කට අධික ජන රැලි පොලිතීන්, පෝස්ටර්, බැනර්, කටවුට් ආදියෙන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මැතිතුමා තීරණය කළේය.
ජනහමුවලට එන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කෙරිණ. එලෙස මුදාහැරෙන කාබන් ස්කන්ධය අවශෝෂණය කර ගැනීමට ශාක 21,000ක් රෝපණය කළ යුතු බව නිගමනය කරනු ලැබීය. ඒ අනුව “රටේ පැළවන නිදහසේ හුස්ම” රුක් රෝපණ ව්‍යාපෘතිය සෑම ජන රැළියක්ම අවරණය වන පරිදි ක්‍රියාවට නැංවිණ.
ව්‍යාපෘතිය යටතේ පැළ 26,000ක් රෝපණය කොට, මේ දක්වා රැක ගැනීමෙන් කාබන් අවශෝෂනය වී හානිය ශූන්‍ය කර ඇතැයි “ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය” තක්සේරු කර තිබේ. අදාළ කාලසීමාවේ දී වූ පරිසර හානිය හා කාබන් අවශෝෂනය පදනම් කොට ගෙන පරිසර හානිය ශූන්‍ය බව පූර්ණ වශයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතන කියා සිටී.
“තිරසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ, ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවීමය” යන්න ජනාධිපතිතුමා “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර තිබේ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්රකාශනයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය සම්පත් වාහල, දර්ශනී ලහඳපුර, රෝෂිනී රාජපක්ෂ, චමින්ද මහනායක, අනුෂ්ක කුමාරසිංහ, සමන්ත ගුණසේකර සහ අර්ජුන පෙරේරා යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
ඔබතුමාට
යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා,තෙරුවන්සරනයි,නිදුක් නිිරෝගි චිරංජයතු වේවා! මේ රටේ ජනතාවට නිවැරදි සත්‍ය දැණුවත් කර නිර්පාක්ෂික වී මේ රට නැවත හෙලජාතික අභිමානය නැවත පුතිස්තාපනය කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
බොහෝ රටවල කොරෝනා තත්වය අපේ රටේ කොරෝනා තත්වයට වඩා ඉතා දරුණු වුනත් ඒ බොහෝ රටවල් දේශපාලන භේද අමතක කරලා මේ වසංගතයෙන් ජනතාව බේරගන්න රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට උපරිම සහාද දෙනවා. හැබැයි අපේ විපක්ෂේ දේශපාලුවො කැමතියි අපේ රටේ කොරෝනා තත්වේ පාලනේ කර ගැන්න බැරුව රෝගීන් ගණන වැඩිවෙලා මිනිස්සු මැරිලා හරි උන්ට දේශපාලන වාසියක් එනවා නම්. කොහෙන් හරි කොරෝනා රෝගියෙක් දෙන්නෙක් හමු වෙනකන් අපේ විපක්ෂෙ මඟ බලාගෙන ඉන්නවා මාධ්‍ය නිවේදන නිකුත් කරන්න. නමුත් ඔවුන්ගේ යහපාලනේ කාලේ අපේ මිනිස්සුන් මැරුනු හැටි අපිට අමතක නැහැ. ඔවුන් මේ වෙද්දී රට පාලනේ කලා නම් අපි අද ජීවතුන් අතරත් නැහැ.
කොරෝනා සහ එහි පැතිරීම ගැන වැඩිපුරම දැනීමක් තියෙන ලෝකෙ ඉහලම සෞඛ්‍ය නායකයො අපේ රටේ කොරෝනා පාලනයට රජය ගෙන යන වැඩ පිලිවෙල අගය කරද්දී විපක්ෂෙ අඳ බාලයො ප්ලැකනිල් බීපල්ලා, ලාඕසෙ, කේරළේ දෙන බලපල්ලා යැයි හැමදාම කුහක කතා පමණක් කියමින් රට පුරා යනවා
මහින්දගේ එක් බූරු පුතෙක් මේ ලගදී කියා තිබෙනවා ගොටාබය ජයග්‍රහණය කලේ මහින්ද නිසා කියල. මෙයට දැන් දැඩි මහජන විරෝදයක් එල්ලවෙලා තියෙන්නේ. එමනිසා මෙවර බොහෝ දෙනෙක් තීරනය කරනව මහින්දට ගෑවුන කෙනෙකුට මනාපය නොදීමට.
ගෝඨාභය මහත්තය ජනාදිපතිවරනෙට ආවෙ මහින්ද මහත්තයගේ සහ ජනතාවගේ ඉල්ලීම නිසා. අයියා කියනවා නම් තරඟ කරනවා කියලා ගෝඨාභයත් ඉතා නිහතමානීව කීවා . නමුත් මහින්ද, ගෝඨාභය දෙන්නම මේ රටේ වසර ගණනක් ඇදි ඇදි තිබුන යුද්ධේ ඉවර කරල අපිව කොටින්ගෙන් බේර ගනිපු ජාතික වීරයෝ. ඒ වගේම අපේ වාසනාවකට අපිව කොරෝනා වලින් බේර ගන්නත් ගෝඨාභය ,මහින්ද රටේ නායකයෝ වුනා. මහින්දට ගෝඨාභයත් ගෝඨාභයට මහින්දත් හැමදාමත් ශක්තියක්. ගෝඨාභය මහින්ද සුසංයෝගය අපේ පිනට මේ රටට පහළ වුනු නායකයෝ.. ඔවුන් තමයි මේ රට ඉදිරියට ගෙන යන්න දැනට මේ රටේ ඉන්න හොඳම පාලකයෝ දෙන්නා.
අය්ය හොඳයි කිව්ව්ත් වැරදියි.
මල්ලි හොඳයි කීවත් වැරදියි.
එබැවින් කෙල්ලනි කොල්ලනි පවසනු දෙදෙනම නරක කියා.
සජිය හොඳයි කියා.
ජලනිත් මරුයි කියා.
Gotabhaya timely became the president of Sri Lanka to save all of our lives. There is no way ignorant politicians like Sajith or Sirisena can handle such a deadly pandemic. If Corona arrived when Sirisena or Sajith was the president that could have been the end of our civilization.
In Ranjan’s leaked recordings we heard that UNP MPs were discussing that Sajith is incapable of doing anything as Sajith has no capacity. At his maximum capacity Sajith could have proposed to build a small house for every corona affected family with government’s money. Sajith or Sirisena would get panic and die if they had to handle this deadly Covid pandemic.
Hoooooo… Hoooo. Pacha kingss. Loketa parakase, gedarata maragathe.
අපේ රට,Narada, Api, All my respect to you people for realizing the truth. May the triple gem protect our President and you three people too.
මම මේ ලඟක් වෙනකම් 2007දි ගෝටා ACSA අත්සන් කලා කියා දැනගෙන හිටියේ නෑ .අපරාදේ අපට ඒකාලේ 2/3 කුත් තිබුන නිසා මට දැනගන්න ලැබුනනම් ACSA අහෝසිි කරන්න තිබුනා.
දැන් ඉතිං ගියදේ ගියාවේ… මේ පාර අපට 2/3 දෙන්න අම්මේ තාත්තේ දේශද්රෝහිි MCC හා ACSA දෙකම අහෝසිි කරන්න .
Mesa thamai vihilu. Thamange ewungen thamannta sahathika labaa ganeema.
One of the great leaders in the world. Our Original Sri Lankan People are seeking your service in this decade. Hon Mahinda Rajapaksa selects you for this purpose. To build up our nation at the top level in the world.
විද්‍යාත්මක ඇගයීමකින් පසුව කරණලද මේ අගයකිරීම ඉතාමත් වටිනවා. ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව මුළු ලෝකෙටම දැකගන්න පුළුවන් අපේ රට නව මානයකට ගමන් කරනවා. මේ අවස්ථාවේ මේ ඇගයීම ඉතාමත් වටිනවා, මක්නිසාද යත් ජනාධිපතිතුමාගේ ගමන ශක්තිමත් කිරීම සඳහා සුදුසුම කණ්ඩායම තෝරාගැනීමට චන්ද දායකයන් හට මඟ පෙන්වන්නක් වේවි. කණ්ඩායම තුලත් පරිසරයට ආදරය කරණ බුද්ධිමත් මිනිසුන් තෝරාගැනීමට මඟ පෙන්වනු ඇත.
අනේ බන් ! අන්න අරහේ පස් කාරයො පස් කපනවා , කැලෑ පාළුවෙක්ට වනජිවී අමාත්‍යාංශය බාරදීලා , අවශේශ වනාන්තර බහුජාතික සමාගම් වලට විකුනන්න ගැසට් ගහගෙන යනවා , වියත්තු හදපු MCC ගිවිසුම් සමාලොචන වාර්ථාව ගැන හොයාබලන්න එලෙවල් ෆේල් , ජොනී , එස් එම් චන්ද්රසේණ ලා වගේ ගොජිබිල්ලු පත් කරලා , මේ රටේ සෞඛ්‍ය ඇමතිණිය තැලසීමියා රොගය මොකක්ද කියලවත් දන්නෑ , සෞ.සේ.අ.ජ රුසියානු උපාධි කාරයෙක් . පත් කරලා , ජනාධිපති ලේඛම් ආර්ථික ඝාතකයෙක් . මෙගොල්ලන්ගේ සහතික හොදයි බෝට්ටු හදලා වැස්සට දාන්න. හැබැයි ඉතින් බෛයො අන්දන්න කියාපු කයිවාරූ.
මේ තරම් දිගට කොමෙන්ට් දාන්න එපා බං, මුන් කියවන්නේ නැ. දැක්කේ නැ වගේ යනවා.
ගණන් ගන්න එපා, මගේ කමෙන්ට් එක ලියල තියෙන්නේ ප්රවෘතියට අදාලවයි. මේ ප්‍රවෘතිය 2019 ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිගේ මැතිවරණ ව්‍යාපාරය පාදක කරගෙන කරපු ඇගයීමක් මිස ඔය ලියල තියන කතන්දර වලට අදාල දෙයක් නොවේ. නමුත් කාටහරි ප්‍රහාරයක් දෙන්න තමුන්ට ලැබී ඇති නියෝගයට අනුව හතර අතේ වනනවා. කියවන්නෝ බුද්ධිමත්ව කියවා අවබෝධකරගනිත්වා!
නැහැ මගේ මිතුරා මේ මිනිහගේ මෝඩ අදහස් වලට කිසිම ගෞරවයක් කරන්නේ නැහැ, ඔහු උමතු පුද්ගලයෙක්
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව වෙන්න ඕන මේ කියන්නේ. මේ කොරෝනා වසංගතේ මර්ධනය සඳහා එතුමා දෙනලද නායකත්වය සහ දායකත්වය අනුව බලනවිට ඉතාමත් ඉහළ මට්ටමින් එතුමා ඇගයිය යුතුව තිබේ. නමුත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවප්‍රමාණ කිරීමට තැත්කරන්නේ කොරෝනා මර්ධණය සාර්ථකව සිදුකල නිසා බලාපොරොත්තු විනාශවී ඇති UNP, SJB, JVP, NGO ආධාර කරුවන් පමණි අනෙකුත් සියළු දෙනාම එතුමාට සුභාපතති.
sahathika aththa machan
sahathika aththa keewe criminalge comment eka
අරයට නම් කවදාවත් මේ සහතිකය ගන්න බැහැ. ඒ මොකද කිව්වොත් එයාගේ ශ්‍රී මුඛයෙන් පිටවෙන්නෙ, අධෝමුඛයෙන් පිටවෙන්න තියෙන හරිතාගාර වාතය මැයි.
කයියයි ! මාධ්‍ය සංදර්ශණයි , මාධ්‍ය ප්‍රකාශණයි , සහතිකයි විතරයි . කෙරුවාවල් “නිල්”.
When you mix Blue (“නිල්”) & Green you will get Yellow. By Backside Nika. You never can see the reality, my dear.
Shit. … Stupid Bullshit politics is everywhere. .. OMG …Prof. Sarath kotagama what happened to you. ..so sad….😓😓
Kotagama I knew was a very ‘olmorandan’ character.
රට රකින අපේ විරුවා! මව් බිමට පෙමින් සැමදා!
pissu nathnam shoak