ජනපතිගේ රාජාසන කතාව පරාජය කරන්නේ නෑ..- කිරිඇල්ල

January 2, 2020 at 4:40 pm | lanka C news
ජනපතිගේ රාජාසන කතාව පරාජය කරන්නේ නෑ..- කිරිඇල්ල

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (03 දා) පාර්ලිමේන්තුවේදී පවත්වන නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය (රාජාසන කතාව) පිළිබඳව ඡුන්දයක් ඉල්ලීමට හෝ එය පරාජය කිරීමට විපක්ෂය කටයුතු නොකරන බව හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

නව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සිය කටයුතු ගෙන යෑමට කාලයක් අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා පොරොන්දු වු පරිදි සිය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරනු ඇතැයි විපක්ෂය අපේක්ෂා කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ගන්නා සියලූ යහපත් කි‍්‍රයාමාර්ගවලට විපක්ෂය සහාය ලබා දෙන අතර ජනතාවට අයහපතක් සිදුවේ නම් ඒ සියල්ලටම විරෝධය දක්වන බව ද ඒ මහතා කීය.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවේදී කටයුතු කරන බවට අසත්‍ය ප‍්‍රචාරයක් පැතිර ඇති බවත් එවැන්නකට විපක්ෂය යොමු නොවන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

– divaina

24,299 Viewers

5 Comments to “ජනපතිගේ රාජාසන කතාව පරාජය කරන්නේ නෑ..- කිරිඇල්ල”

  1. සරා says:

    ඇති යාන්තම් ‌ෙමොලය පැදුනා.රාජාසන කතාව පරාජය කරානම් මහ මැතිවරනයේදි ‌ෙගෝඨා 155 පන්නවා.දැන් 135ක් ගනීවි.

  2. Ekayana says:

    UNP will have another set back if they try to do that. Winning the presidential election with a such a majority UNP should respect the people’s decision.

  3. Gs says:

    Thopita baha…..
    3%…..

  4. Dp says:

    බොරු පම්පෝරි ගැහුවට ඕක පරාද කරන්න පුළුවන් වුනත් ඒක කරන්න ඔය නපුන්සක රැලට පන නෑ.එහෙම කරන්න හැදුවත් මහ චන්දෙදි ජනතාව දෙනවා චූ යන්නම

  5. කිරි ඇල්ල සමාදියට පත්වී ඇත ගොන්නු විකුනා ඇස් ඇරීම​?????

Main News