ජනපතිගේ ලගම අසුන් ගන්නට සිටි විජයකලා ඉවත් කරයි.. විජයකලා අවුලේ..

September 1, 2018 at 11:20 am | lanka C news
ජනපතිගේ ලගම අසුන් ගන්නට සිටි විජයකලා ඉවත් කරයි.. විජයකලා අවුලේ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා යාපනයේ කරන ලද සංචාරයේදී මයිලඩි ප‍්‍රදේශයේ පැවති උත්සවයක වේදිකාවේ තමන් අසල අසුන් ගැනීමට සූදානමින් සිටි හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

වේදිකාවට ගොඩවීමට පෙර ජනාධිවරයා එහි අසුන් පනවා ඇති ආකාරය සංවිධායකයන්ගෙන් විමසා ඇති අතර විජයකලා මන්ත‍්‍රීවරියගේ ආසනය තමන් අසලින්ම වෙන් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

එම ආසනය වහාම වෙනස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුව විජයකලා මන්ත‍්‍රීවරියගේ ආසනය එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

මෙම සිදුවීමෙන් පසු මන්ත‍්‍රිනිය සිත් කලකිරීමනේ පසුවන්නේ යයිද වාර්තා වෙයි.

කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි ඇය විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් මේ වන විට පරීක්‍ෂණ පැවැත්වෙයි.

14,804 Viewers
Main News