ජනපතිගේ ශ්රීලනිපය සමඟ පමණයි… සම සමාජ බහුතර කණ්ඩායම තීරණය කරයි..
November 22, 2017 at 5:30 pm | lanka C news
රාජපකෂ රෙජීමය පරාජය කිරීමට එ.ජා.ප., ඇතුළු පුළුල් හවුලකින් කටයුතු කළද, මින් ඉදිරියට එ.ජා.ප. සමඟ කිසිදු මැතිවරණ සන්ධානයක් නොමැති බව සම සමාජ බහුතර කණ්ඩායමේ මධ්‍යම කාරක සභාව සභාව පසුගිය සතියේ රැස්වී තීරණය කළේය.
ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දරණ ශ්‍රී.ල.නි.ප. සමඟ එක්වී ඉදිරි මැතිවරණවලදී තරඟ කිරීමට සම සමාජ බහුතර කණ්ඩායම තීරණය කර ඇත. එමෙන්ම පවතින දේශපාලන සංස්කෘතිය තුළ අද පවතින ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳවද සාකච්ඡා කළේය.
තනි පුද්ගලයකු වටා විධායක බලය කේන්ද්‍රගතවන ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩ නොතැබිය යුතු බවත්, සංවරණ හා තුලන ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය බවත් එහිදී සාකච්ඡා කර ඇත. වර්තමාන පාර්ලිමේන්තු සංස්කෘතියේ ලූම්පන් ස්වභාවය තුළ, එකී පාර්ලිමේන්තුවකින් විධායකයක් තෝරාපත්කිරීමට ඉඩදීමේ ගැටලූව සාකච්ඡා කළේය.
මේ තත්ත්වය තුළ ජනාධිපති ධූරය අහෝසි කිරීම ප්රජාතන්ත්රවාදයට බරපතල අනතුරක් බව සාකච්ඡා කර ඇත. චමීර පෙරේරා, බර්නාඩ් කාරියවසම්, භාරත පෙරේරා, ඩී. ඇම්. ඩි. අබේරත්න, අමරජීව එදිරිසූරිය, උදය කරුණාරත්න මෙම ජරාජීර්ණව ඇති දේශපාලන සංස්කෘතිය තුළ විධායකය තෝරාපත්කරගැනීමට පාර්ලිමේන්තුවට පැවරීම පිළිබඳව ඉතා තදබල විවේචනයක් කළ අතර, පවතින ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳච නැවත සිතා බැලිය යුතු බව පෙන්වා දුන්නේය.
විධායකය පිළිබඳව තින්දුවක් ගැනීමට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුව තීරණය විය. එමෙන්ම මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ අයවැය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ බොහෝ මධ්‍යම කාරකසභිකයන්, එය ලිහිල්කරණය නමින් ඉදිරියට දමා එ.ජා.ප.යේ යල්පැනපු නවලිබරල් වැඩපිළිවෙල ගෙනයාමට ඉදිරිපත් කළ මහජන විරෝධී අයවැයක් බව පෙන්වා දුන්නේය.
තමන්ගේ අභිමතයට අනුව ආර්ථීක ප්‍රතිපත්ති තීරණය කිරීමට එ.ජා.ප. යට ජනවරමක් ලැබී නැති බවත්, ජනවාරි 8 දා ජනවරම ලබාගත් ජනාධිපතිවරයා තමන් එකඟවූ සමාජ සාධාරණත්වය මුල්කරගත් මහජන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමට නායකත්වය දිය යුතු බවත් පෙන්වා දුන්නේය.
– කුමුදු කුසුම්
meyalata chanda godak tiyeda hitan?
අවසානයේ සියලුම සම සමාජ පාක්ෂිකයන් ත්‍රි විල් දෙකක නැගී සතුටින් විසර ගියහ.
Ehemanakm brapathita kisi dekata bayawenna epa…..chande dinanna puluwan ihalinma….mahindata apath nathi wenawa.. .. ( chandayak thiyaida ?)
කවුද බොලේ මේ කල්ලිය. ? බෝඩ් ලෑලි සෙට් එකක් ?
සිරස තිබේ තල්ලු වට……..
Munta unge paule unwath chande denne na… Pau jeewitha…
මොකක්ද මේ සමසමාජ පක්ෂෙ?
මම හිතුවෙ ඒක ඉවරවුනේ අවුරුදු 25-30 කට කලින් කියල.
balusenage&unp BALU kalliyak…….hena gahapiya…..