ජනපතිගේ සමුළු කතාවෙන් දේශපාලන අර්බුදයක්..

September 5, 2019 at 1:20 pm | lanka C news
ජනපතිගේ සමුළු කතාවෙන් දේශපාලන අර්බුදයක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවට වාර්තා වෙයි.

ඉදිරි ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේද පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂද මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතියි.

මේ අතුරතුජන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම දේශපාලන බලවේගයක් හෝ සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව යම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධානීන් වෙන වෙනම සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

විශේෂයෙන්ම සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට ඉහළින් ඇති ලොකු මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවට පැවැසීම ආණ්ඩුවේ ඉහළ පුටු අමාරුවේ වැටෙන බවට ඉඟියක්ද යන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡා වී ඇත.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරයාට වැඩි බලයක් නොැමැති බව පවසා ප්‍රභල අගමැතිවරයෙකු ඇතුළු ආණ්ඩුවක් බිහිකර ගැනීමට කටයුතු කළ බව හා තමාට මෙන් හා තම පක්ෂයට අවුරුදු 68ක් බැවින් තමාද පරිණත පුද්ගලයෙක් බව පැවැසීම තුළ 2020 ආණ්ඩුව පිහිටුවීම හා අගමැතිධුරය ලබාගැනීමේ සැලසුමක් ඔහු සතුව ඇත්දැයි පොදුජන පෙරමුණ ඇතුළු එම පක්ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡා වී ඇතැයිද වාර්තා වෙයි.

එසේම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ මැතිවරණ ව්‍යාපාරයට මේ හේතුවෙන් යම් බලපෑමක් ඇතිවිය හැකිද යන්න පිළිබඳවද ඔවුන් අතර සාකච්ඡා වි තිබේ.

කෙසේ වෙතත් ඉදිරි දේශපාලන ජයග්‍රහණ්‍ය ලබා ගැනීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීම වැදගත් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡා වී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

– ada

74 views

32 Comments to “ජනපතිගේ සමුළු කතාවෙන් දේශපාලන අර්බුදයක්..”

  1. suranga says:

    මොනව‍ා කීවත් මෙයා බල තන්හාවේ උපතක්. වැඩේ කරන්න කළමණාකරණ දැනුමක් නෑ. පිට කොන්දක් නෑ. ඉතින් ආයේ ඇවිත් මොනවා කරයිද කවුද දන්නේ.
    1.

  2. suranga says:

    ශාලාව අවි ගබඩාව ඉවරයි
    මහ බැංකු බැඳුමි කර වංචාව සිදු වුණා
    සහරාන්ගේ පාස්කු ප්‍රහාරය සිදු වුණා
    රාජ්‍ය දේපල විකුණා දැම්මා
    සමනල රැලක් රජ වුණා
    අධ්‍යාපනය ආර්ථිකය කඩා වැටුණා
    කෘෂිකර්මාන්තය, තේ ,පොල් සහ රබර් වැනි අපනයන භෝග වල පසු බෑමක් සිදු වුණා
    සංචාරක කර්මාන්තය බිඳ වැටුණා
    බුද්ධාගම සහ සිංහල ජාතියේ මළ බෙරය වැයුනා
    මුස්ලිම් රජ වුණා
    වෙන්න පුළුවන් ඔකකොම උණා තවත් මෙයාගෙන් මොනවා බලා පොරොත්තු වෙන්නද

  3. Banda says:

    Sira ranilwa saha raviwa ainkaloth eka lankawatama hodak

  4. ක්‍රිමිනල් says:

    බැරිවෙලාක්වත් සිරිසේන ජනාධිපති තුමා ,පොහොට්ටුවට එකතු උනොත් ඔහුත් දේශප්‍රේමියෙක් වෙනවාද ?

  5. ගමය says:

    මු රනිල්ව ඇතුලට දැම්මම පොහොට්ටුව හුරේ දානවා… ටික දවසකින් ගොටාව හිරේ දානවා. එතකොට චන්දෙට මු විතරයි.

  6. SLCommunity says:

    Kondak nathi nayakayek ratata karapu winaseka tharama thamai ada api bukthi widinne. Meka puduma adawadiyaawak. Karapu wadak na hamadama adanawa adanawa duka kiya kiya. Ane mehemath nayakayo

  7. NAK says:

    This man is all fart and no sh*t!!!

  8. Love nature says:

    මිනිස්සු එක එක හේතු වලට බොරු කියනවා. සමහරු වැරැද්දක් වහන්න, බොරුවක් වහන්න බොරු කියනවා. සමහරු ආතල් එකට බොරු කියනවා. සමහරු පුද්ගලික ලාභාපේක්ෂාවෙන් බොරු කියනවා. සමහරු අනික් අයව කොටවන්න බොරු කියනවා. දැන් ඔය කොයි දේට බොරු කිව්වත්, ඒ කියන බොරු මතක තියාගන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් එක බොරුවක් කාලයක් ගිහිල්ලා වුනත් ආයෙමත් උඩට එනවා. එතකොට වෙනත් වාතාවරණයකදී අර කිවුව බොරුව එළිවෙන විදියේ දෙයක් කියන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ එක බොරුව වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියලා.

  9. Sun says:

    I do not know where these dirty politicians going to go after death. As they are not following any principles of buddhist definitely they have no way to survive in the spiritually developed realms. Most of them are thinking the life is permanent and going to continue sucking money from the government.

Main News