ජනපතිගේ සැමදා ආශිර්වාදය එජාපයටයි.. ශ‍්‍රීලනිපයට නොවේ..- එජාපය කියයි..

August 2, 2017 at 12:40 pm | lanka C news
ජනපතිගේ සැමදා ආශිර්වාදය එජාපයටයි.. ශ‍්‍රීලනිපයට නොවේ..- එජාපය කියයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම තිබෙන්නේ ඔහුව ජනාධිපති පුටුවට පත් කල එක්සත් ජාතික පක්‍ෂයට බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

තම ආශිර්වාදය නැතිව 113ක බහුතරයෙ පෙන්වුවද කිසිවෙකුට ආණ්ඩු හදන්න බැරි බවට ජනාධිපතිවරයා විසින් මෑතකදී කල ප‍්‍රකාශය ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ජනාධිපතිගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මිස ඔහුට විරැද්දව ඡන්දය දුන් ශ‍්‍රීලනිපයට නොවන බවයි.

25 views