ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..

January 27, 2019 at 10:45 pm | lanka C news
ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිත වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල සිංගප්පූරුවේ සිදුකළ සංචාරයේදී එරට අගමැතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව ද ඔහු සඳහන් කරයි.

මහේන්ද‍්‍රන්ලංකාවට ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින බව ද ඔහු පවසයි.

ජනාධිපතිවරයා සමග සිංගප්පූරුවේ සිදුකළ චාරිකාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

95 views