ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..

January 27, 2019 at 10:45 pm | lanka C news
ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිත වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල සිංගප්පූරුවේ සිදුකළ සංචාරයේදී එරට අගමැතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව ද ඔහු සඳහන් කරයි.

මහේන්ද‍්‍රන්ලංකාවට ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින බව ද ඔහු පවසයි.

ජනාධිපතිවරයා සමග සිංගප්පූරුවේ සිදුකළ චාරිකාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

64 views

23 Comments to “ජනපතිගේ සිංගප්පූරු සැලසුම සාර්ථකයි.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සූදානම්..”

  1. Lal & Geetha, USA says:

    නියමයි, ජනාධිපති තුමනි. ඔබට දහස් වරක් ස්තුතියි!

    ඔය පට්ට හොරාව මෙරටට ගෙන්වා උගේ හතර හන්දි කඩා, ඌට මේ මගඩිය කිරීමට රනිලාගෙන් උපදෙස්, ආධාර, අනුබල සහ ආශිර්වාදය ලැබුන ආකාරය උගේ කටින්ම අසා ගනිමු!

    • නිහාල් says:

      ඔය පට්ට හොරා ලංකාවට ගෙන්න ලේසි වෙන්නේ නෑ.
      ඕකා ගෙනාවොත් රනිල්ගේ ආණ්ඩුව තවත් දුර්වල වෙනවා
      එජාප ආණ්ඩුව වැටුනොත් අවාසිය කාටද ?ඇමරිකන් කාරයාට නේද ?
      ඉතින් අර්ජුන් අහුවෙනවට අකමැති එජාප කාරයෝ ඇමරිකන් කාරයාට කෝල් එකක් දෙනවා
      ඉතින් ඇමරිකන් කාරයා සිංගපූරු අගමැතිට එක කෝල් එකක් දෙනවා
      කතාව එතනින් ඉවරයි .
      අර්ජුන් මහේන්ද්‍රන් කියන පට්ට හෝරාව අල්ලලා ලංකාවට භාර දුන්නොත් ඉතින් පුදුමයක්
      ජනපතිගේ උත්සාහය අගය කරනවා එත් සින්ගපුරු අගමැති ඇමරිකාවට බයයි

    • හැකහැක says:

      බැඳුම්කර වංචාව 2007 සිටම වෙලා කියලා ජනාධිපති කිව්වා.එකම මහ බැංකුව හොරා කාපු උන් දැන් එක මගුල් මේසේ ඉඳගෙන කනවා.මුංගේ පවුල් පිටින් දම්වැල් මාංචු දමා මහපාරේ ඇදගෙන ගොස් දිවි ඇති තෙක් හිරේ දාමු.
      රටට වූ පාඩුව පියවාගන්න මුන්ගේ පවුල් පිටින් වහලුන් ලෙස පිටරටවලට විකුණා දමමු.

    • Kamal says:

      උබල දෙන්න ඇමරිකාවෙ ඉඳගෙන පොඩි බබ්බු වගේ කමෙන්ට් දාන්නෙ ඇයි? 😀

    • මැදමුලනෙ මුත්තා says:

      මහබැංකු බැඳුමිකර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවෙි නිර්දේශවල සඳහන් පරිදි මෙහි යථා තත්ත්වය සොයාගැනීමට 2008 සිට සිදුවූ බැඳුමිකර ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනය ( Forensic Audit ) එක කරපියවි.
      එතකොට දෙගොල්ලොගෙම රෙදි ගැලවෙයි.
      මහින්දගෙ කාලෙ හිටපු මහබැංකු අධිපතිත් කොරල තියෙන්නෙ මෙි සෙල්ලමම තමයි. ඒකාලෙත් මහේන්ද්‍රන්ගෙ බෑනා ඇලෝසියස් බැඳුමිකර ඩීල් කොරල නේද බොලං?

    • chami says:

      Balamu kawadda ekkan enne kiyala. hik hik hik hik

  2. ක්‍රිමිනල් says:

    ජනාධිපති තුමා කොච්චර උත්සාහ ගත්තත් අපේ නායකඅගමැතිතුමා ඒකට ඉඩ තියන්නෙ නෑ.
    අර්ජුනයා ඇවිත්ල උසාවියට ඇත්ත වැමෑරුවොත් රනිල්, රවි සහ ෆුට්නෝට් කල්ලියම ගස්.

  3. හිචිචාමහත්තෙයා says:

    අමිමප ඕයි!
    දැන්නම් ගවුනර්ට අබ සරනයි!
    අපෙ මුතුහෙටිටි බොස් කිව්වනම්බඩුම තමයා!

  4. nilu says:

    Nishantha Muthhetti, he is a Buffoon, is Srilankans are this stupid to believe these uneducated morons?

  5. රොන් says:

    තව ටික දිනකින් කියයි අර්ජුන මහේන්ද්‍රන් හදිසි ශල්‍ය කර්මයකට සිංගප්පූරුවේ රෝහල් ගත කරා කියල.

  6. Nagasinha says:

    පාඩු වූ මුළු මුදල රටේ ජනතාවගේ ගානෙන් බෙදුවාම එක් මිනිසෙකුගෙන් මූ උස්සපු ගාන හොයාගන්න පුළුවන්.

  7. oba adkasa palakayek kiwwata daskamda thibe, Ranil ethuluu salli gatta 120 sun karanna

  8. Ajith says:

    සින්ගපුරුව ඇමෙරිකාවට බය නම් ඇමෙරිකාවේ පුරවැසියෙක්ව හෙරොයින් සමග අහුවුණ වෙලාවේ ඇමෙරිකාව එපා කියද්දී එල්ලලා මරුවා. සින්ගපුරුව කියන්නේ ඇමෙරිකාවට බය රටක් නෙමෙයි බන්. ඇමෙරිකාවට බය ලංකාවේ ඉන්න සිංහල අමෙරිකන්කාරයෝ. උන් තමයි ඇමෙරිකන් පදෙට නටන්නේ. මේවා ඇවිත් සිරාගේ චන්ද ගුණ්ඩු. දත කට මැදගෙන බලාගෙන හිටපන් අර්ජුනව ලංකාවට ගෙනෙනකම්. මුන් ඔක්කොම අපේ බදු සල්ලි වලින් කාලා බීලා එකට ඉන්න ජාතියක්. මුන් ඔක්කොමටම ගහලා එලවන්න ඕනේ. ඒ අස්සේ බදු මිල වැඩිවෙලා ඒවාට වැඩිය උඹලා බලාගෙන හිටපන් අර්ජුන එනකම්. රට කවදා දියුණු වෙයිද බන්?

  9. desta says:

    wadagenada ellumgahatath ohoma tamai kyuwwe baila minissunta me gada gahana deshapalakayo epa wela inne

  10. Buddhist says:

    Appayage kataha ahala apita epawela thiyenne dan. Balamuko monowa mu karaida kiyala.

Main News