ජනපතිගේ 2020ජනාධිපති සිහිනය බොද කල නිසා රටේ ජනතාවගේ නිවාස සිහිනය බොද කරලා..

March 5, 2018 at 5:30 pm | lanka C news
ජනපතිගේ 2020ජනාධිපති සිහිනය බොද කල නිසා රටේ ජනතාවගේ නිවාස සිහිනය බොද කරලා..

සිමෙන්ති මිල රුපියල් 30 කින් වැඩි කිරීමට කර්මාන්ත ඇමති සමාගමකට අවසර දීමෙන් පාරිභෝගිකයන්ගේ නිවාස සිහිනය බොද කිරීමට රජය කටයුතු කර ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සෑම ඉදිකිරීමක් සදහාම සිමෙන්ති අත්‍යවශ්‍ය ද්‍රවයකි. 2003 පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ වීධිවිධාන වලට අනුව සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසර ගැනීම අනිවාර්ය වේ. එසේ කරනුයේ මේ වනවිට සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ඇති නිසාය.  පසුගිය කාලය පුරාම හොල්සිම් සමාගම තමන් නිෂ්පාදනය කරන සිමෙන්ති වල මිල වැඩි කිරීම සදහා ඉල්ලීම් ඉදිරිපත් කලද ඒ සදහා නිසි අවසරය ලැබුනේ නැත.

එහෙත් පසුගිය සතියේ කර්මාන්ත ඇමතිවරයා විසින් හොල්සිම් සිමෙන්ති මිල රුපියල් 30 කින් වැඩිකිරීම සදහා අවශ්‍ය අවසරය දී තිබේ. අප සංවිධානයට දැන ගැනීමට ලැබුනු ආකාරයට සිමෙන්ති මිල වැඩිකිරීමට අවශ්‍ය වී ඇත්තේ ඇමතිවරයාටය.

හොල්සිම් සිමෙන්ති මිල රුපියල් 30 කින් වැඩිකිරීම පුදුම සහගත වන්නේ ආනයනික සිමෙන්ති තිබියදී එම සිමෙන්ති මිල වැඩි නොකොට දේශීයව නිපදවන හොල්සිම් සිමෙන්ති මිල වැඩි කිරීමට අවසරය ලබාදීමය.

කෙසේවෙතත් සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දීමෙන් කබලෙන් ලිපට වැටෙන්නේ පාරිභෝගිකයාය. සාක්කු පිරෙන්නේ අමතිවරුන්ගේය.

ජනාධිපතිතුමනි, අප රටේ ජනතාවගේ නිවාස සිහිනය  බොද කරන්නේ ඔබගේ 2020 ජනාධිපති සිහිනය ජනතාව බොද කල නිසාද? සිමෙන්ති මිල  වැඩි කිරීමට දුන් අවසරය වහා අවලංගු කරන්න.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

69 views

3 Comments to “ජනපතිගේ 2020ජනාධිපති සිහිනය බොද කල නිසා රටේ ජනතාවගේ නිවාස සිහිනය බොද කරලා..”

  1. සාධාරණ මිනිසා says:

    මෙම නිවේදනය නිකුත් කොට ඇත්තේ මෙම රජයේ හැම දෙයටම විරුද්ධ වන අයෙකි.අධිකරණය විසින් ඉන්ධන මිල අඩුකිරීමට නියෝග කර තිබුනද එය ඉටුනොකල MR ගේ පාලන සමයේ මෙම පුද්ගලයා රටේ හිටියාද ?

    • ජනක says:

      අනේ ගොන් බජ්ජ්පෝ සාධාරණ කම ගහගනින් උඹේ …කේ .ඇයි මිනිහෝ රටක කිසිම මිනිහෙක් කමතිවෙනවද කිසිම බාන්ඩයක මිල වැඩිවෙනවට ඔන්න ආණ්ඩුවෙන් මිල අඩු කරන්න ගියානම් එකට විරුද්ද උනානම් එක වැරදියි කියන්න පුළුවන් .තමුසෙගෙ මොලේ තියෙන්නේ කොහෙද ඔයි ?තමුසේ කියන්නේ බාන්ඩවල මිල වැඩි වෙනකොට රටේ මිනිස්සු ජයවේවා කියල ඔල්වරසන් හඬ නගන්න ඕනා කියලද ?

  2. Open mind says:

    අපොයි මුං පාරිභෝගික ජනතාවම තමයි ආරක්ෂා කර තිබෙන්නේ……ජනතාව දැන් සනීපෙන්.

Main News