ජනපතිට-අගමැතිට ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..

January 4, 2022 at 10:02 pm | lanka C news
ජනපතිට-අගමැතිට ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..

20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04)දා මාතලේ දි පැවසිය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ද ගෑන්ඩ් මවුන්ටන් හෝටලයේදි පැවති මාතලේ දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට එක්වෙමිනි.

“ජනවාරි මාසයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලැබුණා. ස්විප් එකක් ගත්තා. ඒක ඇදිලා හයේ පාරක් ගහලා සුසිල් ප්‍රේමජයන්ත් මහතා ගියා .මේවා සිදු කරලා ජනතා මතය වලක්වන්න බැහැ. තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. එම නිසා හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සන්ධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස්කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්.

ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයක ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා. පොහොට්ටුවේම පොලොන්නරුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කියනවා සර් අර මන්ත්‍රිතුමාට සියයට අටක කොමිස් එකක් දෙන්න ඕන කියලා. ඒ වගේ වැඩ තමයි සිදු වෙන්නේ.

මේ රට වසර 73ක් තිස්සේ රට පාලනය කළ පිරිස් රට විනාශ කරනවා කිව්වාට එහෙමෙ වෙන්නේ නැහැ. හොරුන්ට දේශපාන පක්ෂ භේදයක් නැහැ. දුෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න අපි පෙළ ගැසිය යුතුයි. අද තියන තත්වය අනුව රට ඉතාම නරක තැනක තියෙන්නේ.

ඉදිරියේදි තනි පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බැහැ. ඇතැම් පක්ෂවල නායකයෝ දැන් ඉදන්ම ජනාධිපතිත් වෙලා ඉවරයි.ආණ්ඩු හදලත් ඉවරයි. අපි අලුත් වැඩපිළීවෙලක් යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනතාව අතරට යනවා.මේ රට ගොඩනගන්න ඕන. එදා විදේශ ප්‍රතිපත්තිය හොදට තිබුණුර රටක් දැන් ඒ තත්වය නැතිවෙලා.

එදා 2014 වසරේ පොදු අපෙක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන විට මහාරජානෝ පරද්දන්න බැහැ කිව්වා. එදා මම ගිය ගමන හරිද වැරදිද කියලා අද ජනතාවට තේරිලා තියනවා.19 සංශෝධනය කරලා විධායක බලතල අඩු කළා.එදා 19 සම්මත කරගන්න ඡන්ද 125ක් ගත්තා. එදා යු ඇන්පියේ නායකයො විසින් මහබැංකු මුල්‍ය වංචාව සිදු කරලා පක්ෂය නැත්තට නැති කරගත්තා .එදා සිරිමා මැතිනි මන්ත්‍රි ආසනට අටට බැස්සා.

අද අපි මන්ත්‍රි ආසන 14ක් ගත්තා.අද වන විට තෙල් මිල ඉහළ ගිහින්.අපේ රජයේ කාලයේ රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කලාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. දේශීය කෘෂිකර්මය අද නැතිවෙලා. මම මහවැලි ඇමති වගේම කෘෂිකර්ම ඇමති කාලයේ කාබනික අධිකාරියක් ප්‍රථම වතාවට හැදුවා

අපේ කාලයේ පොහොර හිගයක් තිබ්බේ හැහැ.අපි විදේශ සම්බන්ධතා හොදින් ගොඩනගා ගත්තා.අද වන විට ඒ සියල්ල නැතිවවෙලා. ලෝක බැංකුව,අයිඑම්එෆ්,ආසියානු සංවර්ධන බැංකුව,ජයිකා ආයතනය වැනි ආයතන සමග අප සුහදව කටයුතු කළා. නමුත් අද ඒ සියල්ල නැවතිලා.

රටකට වි‍දේශ රටවලින් උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ රූපය දෙස බලලා නොවේ. ඒ පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා සැලසුම් අනුවයි. එදා 18 වෙනි සංශෝධනය කරලා රාජාණ්ඩුක්‍රමයක් හැදුවා. මම ඒක වෙනස් කළා. එදා 19 වෙනි සංශෝධනය අප හොද හිතින් ගෙනවා.

නමුත් ඒ පිරිසිදු දේ කරන්න බැරිවුණා.එදා එම සංශෝධයෙන් විධායක බලතල තියන තිදෙනෙකු පත් වුණා. අගමැති, ජනාධිපති, කතානායක, ව්‍යවස්ථාදායක සභාව මගින් රටේ වෙනම බලයක් ඇතිවුණා. අද වන විට රටේ විවිධ ප්‍රශ්න රැසක් ඇතිවෙලා ඒ තත්වය මුදා ගැනිමට රටට නායකත්වය ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුදානම්” යැයිද සිරිසේන මහතා පැවසිය.

– ADA

59,384 views

30 Comments to “ජනපතිට-අගමැතිට ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. Janaka from Matara says:

    This scheming lowlife is responsible 80% forwhere is country is today.

  2. Dharmaprema says:

    ane mage kata.

  3. රතුඑලියේ අතන says:

    අය්යෝ ඔය ආප්පය කියන දේවල් අහල අපිට ඇති වෙලා. හැබැයි හිනා කාල මැරෙනවා\

  4. NAK says:

    ෙකාෙහාමද අාප්පයෙග කටේ සද්දෙ හරියට මූ මහ ෙකමනක් කරල වගේ කරපුව ගැන නම් කතා තරල වැඩක් නෑ

Main News