ජනපතිට-අගමැතිට ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..

January 4, 2022 at 10:02 pm | lanka C news
ජනපතිට-අගමැතිට ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..

20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04)දා මාතලේ දි පැවසිය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ද ගෑන්ඩ් මවුන්ටන් හෝටලයේදි පැවති මාතලේ දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට එක්වෙමිනි.

“ජනවාරි මාසයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලැබුණා. ස්විප් එකක් ගත්තා. ඒක ඇදිලා හයේ පාරක් ගහලා සුසිල් ප්‍රේමජයන්ත් මහතා ගියා .මේවා සිදු කරලා ජනතා මතය වලක්වන්න බැහැ. තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. එම නිසා හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සන්ධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස්කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්.

ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයක ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා. පොහොට්ටුවේම පොලොන්නරුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් කියනවා සර් අර මන්ත්‍රිතුමාට සියයට අටක කොමිස් එකක් දෙන්න ඕන කියලා. ඒ වගේ වැඩ තමයි සිදු වෙන්නේ.

මේ රට වසර 73ක් තිස්සේ රට පාලනය කළ පිරිස් රට විනාශ කරනවා කිව්වාට එහෙමෙ වෙන්නේ නැහැ. හොරුන්ට දේශපාන පක්ෂ භේදයක් නැහැ. දුෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න අපි පෙළ ගැසිය යුතුයි. අද තියන තත්වය අනුව රට ඉතාම නරක තැනක තියෙන්නේ.

ඉදිරියේදි තනි පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බැහැ. ඇතැම් පක්ෂවල නායකයෝ දැන් ඉදන්ම ජනාධිපතිත් වෙලා ඉවරයි.ආණ්ඩු හදලත් ඉවරයි. අපි අලුත් වැඩපිළීවෙලක් යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනතාව අතරට යනවා.මේ රට ගොඩනගන්න ඕන. එදා විදේශ ප්‍රතිපත්තිය හොදට තිබුණුර රටක් දැන් ඒ තත්වය නැතිවෙලා.

එදා 2014 වසරේ පොදු අපෙක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන විට මහාරජානෝ පරද්දන්න බැහැ කිව්වා. එදා මම ගිය ගමන හරිද වැරදිද කියලා අද ජනතාවට තේරිලා තියනවා.19 සංශෝධනය කරලා විධායක බලතල අඩු කළා.එදා 19 සම්මත කරගන්න ඡන්ද 125ක් ගත්තා. එදා යු ඇන්පියේ නායකයො විසින් මහබැංකු මුල්‍ය වංචාව සිදු කරලා පක්ෂය නැත්තට නැති කරගත්තා .එදා සිරිමා මැතිනි මන්ත්‍රි ආසනට අටට බැස්සා.

අද අපි මන්ත්‍රි ආසන 14ක් ගත්තා.අද වන විට තෙල් මිල ඉහළ ගිහින්.අපේ රජයේ කාලයේ රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කලාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. දේශීය කෘෂිකර්මය අද නැතිවෙලා. මම මහවැලි ඇමති වගේම කෘෂිකර්ම ඇමති කාලයේ කාබනික අධිකාරියක් ප්‍රථම වතාවට හැදුවා

අපේ කාලයේ පොහොර හිගයක් තිබ්බේ හැහැ.අපි විදේශ සම්බන්ධතා හොදින් ගොඩනගා ගත්තා.අද වන විට ඒ සියල්ල නැතිවවෙලා. ලෝක බැංකුව,අයිඑම්එෆ්,ආසියානු සංවර්ධන බැංකුව,ජයිකා ආයතනය වැනි ආයතන සමග අප සුහදව කටයුතු කළා. නමුත් අද ඒ සියල්ල නැවතිලා.

රටකට වි‍දේශ රටවලින් උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ රූපය දෙස බලලා නොවේ. ඒ පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා සැලසුම් අනුවයි. එදා 18 වෙනි සංශෝධනය කරලා රාජාණ්ඩුක්‍රමයක් හැදුවා. මම ඒක වෙනස් කළා. එදා 19 වෙනි සංශෝධනය අප හොද හිතින් ගෙනවා.

නමුත් ඒ පිරිසිදු දේ කරන්න බැරිවුණා.එදා එම සංශෝධයෙන් විධායක බලතල තියන තිදෙනෙකු පත් වුණා. අගමැති, ජනාධිපති, කතානායක, ව්‍යවස්ථාදායක සභාව මගින් රටේ වෙනම බලයක් ඇතිවුණා. අද වන විට රටේ විවිධ ප්‍රශ්න රැසක් ඇතිවෙලා ඒ තත්වය මුදා ගැනිමට රටට නායකත්වය ලබා දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුදානම්” යැයිද සිරිසේන මහතා පැවසිය.

– ADA

61,331 views

30 Comments to “ජනපතිට-අගමැතිට ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. Manel says:

    This idiot can’t understand the damage he has done during his term.

  2. On The Spot says:

    දහ නවය බල ගන්වා හිටපු ජනාධිපතිට සිදුවූ දේ එතුමාට දැන් මතක නැත​.රටේ නායකත්වය ජනපති,අගමැති,කථානායක යන් තුන් කට්ටුව අතර බෙදාගත් බවට උදම් අනන හිටපු ජනාධිපතිවරයාට මහ බැංකුව මහ දවල් බින්ද උන් නෙරපා හරින්නට බලයක් නොවීය.අඩුම තරමේ පොලිස්පතිවරයා තනතුරෙන් නෙරපා හරින්නටද නොහැකි විය.පාස්කු ප්‍රහාරය නවතා ගැන්මට ආරක්‍ෂක පියවර නොගැනීම පිළිබඳව වග කිව යුත්තෙක් අදටත් නැත. ඒ දහනමයේ ආනිශංසය මිස වෙන කිසිවක් නොවේ.දහනමය බල ගන්වන්නේ නම් දහතුන අහෝසි කල යුතු බව එතුමාට වැටහෙන්නේ නැත.නැතහොත් පළාත් සභා නමයටම වර්ධරාජා පෙරුමාල්ලා බිහි වීම වැලැක්විය නොහැක​.
    හොරකම් කරන උන් සමග ආණ්ඩුවක් සාදා බලය ගෙන පසුව හොරුන් ඇල්ලීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ න්‍යායයේ අලුත්ම ක්‍රමය බව එතුමා පවසයි.එසේ නම් 2015 ආණ්ඩුවේ සිටි නීලකාස හොරුන් අදටත් වායුසමනය කල මන්දිරවල සුව පහසු ජීවිත ගෙවන්නේ කෙසේද​?මහ රජාණෝ පරදවා ජයග්‍රහණය කලා කියන එතුමාණෝ පසුව මහරජාණෝ සිය අගමැති තනතුරේ පිහිටුවා ගත්තේ කුමන න්‍යායට අනුවද කියා එතුමා දන්නෙත් නැත​,අප දන්නෙත් නැත​.
    අපි පොහොර හිඟ කලේ නැහැ කියන එතුමාණෝ ඒ පොහොරින් ස්වයංපෝෂිතව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේද වී ගබඩා කලේය​.ඒ එතුමාගේ දහනමයට පින් සිදු වන්නටය​.එය නවතා දමන්නට එතුමාට සවියක් නොවීය. විධායකය තුනට බෙදා තුනෙන් දෙකක් දන් දී තුනෙන් එකක් ළඟ තබා ගෙන බකන් නිලාගෙන ඉන්නවා ඇරෙන්නට එතුමාට කරන්නට දෙයක් තිබුනේ නැත​.එයිනුත් පාඩම් ඉගෙන නොගෙන නැවතත් එයටම ආවඩන එතුමා මේ කරන්නේ ජාතික ආරක්‍ෂාවටද සමච්චල් කිරීමකි.
    එතුමා 2014 කඳවුරු බැඳ ගත්තේ වැරදි පිරිසක් සමගය​.එසේ කල එතුමා 2019 වත්මන් ආණ්ඩුව කරවන පිරිසත් සමග කඳවුරු බැඳ ගත්තේය​.දැන් එතුමා නැවත කඳවුරු බඳින්නේ කා සමගද​? ජනතාව කියන්නේ එතුමා දැන් කලා ඇති කියාය​.එතුමා සබුද්ධිකව කටයුතු කරන්නේ නම් කල යුතු හොඳම දේ හිටපු ජනාධිපතිවරයා ලෙස ගෞරවාන්විතව විශ්‍රාම සුව විඳීමය​.එසේ සුව විඳින්නට අවශ්‍ය සියලු පහසුකම් එතුමා විසින් සලසා ගෙන ඇත​.

    • ජනජය says:

      Spot on ” On the spot ” ..bravo for your comment ….හරියටම කියල තියෙනව ….එදා යහපාලනෙන් මැරුං කන්න හිටපු මේ යකා කණවැද්දුම් ගෑනි වගේ අඩාගෙන රාජපක්ෂල ලගට ගිහිල්ල “බුදු සර් මාව මරන්න ඉන්නෝ ” කිව්වම ඒකෙන් බේරගත්ත එකවත් මතක නැති එකා දැං එනව ලොරි ටෝක්ස් දාගෙන්…අදටත් බැරි වෙලා හරි බටලන්ද ප්‍රමුඛ ගැන්සියට ආණ්ඩු බලයක් ලැබුනොත් , මුලින්ම මැරුම් කන්නෙ මූ….

  3. Sarath Bulathsinghala says:

    මේ අපත පොලඟා රෙද්ද අස්සේ දාගෙන දැන් කනෝ කනෝ කියලා කෑගැසිය යුතු නැත.

    අවශ්‍ය වන්නේ පොලඟකු දැක්කහම සාමාන්‍ය ජනයා කරනා දෙය කිරීම පමණයි!

    පාස්කු ප්‍රහාරය දැන දැනම නොවැලකූ මේ අපත ගැඩවිලා නැවත ජනාධිපති සිහින මවනවා! මහින්ද මහතාගේ පතෝල දේශපාලනයෙන් ඉවත්වී කොන්ද කෙලින් කරගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ!

  4. Susantha says:

    මෙයා පව් අනේ.මොකුත් නොදන්න තොත්ත බබා….මේ සියලුම ප්‍රශ්ණවලට මුල මොහුයි.52 ආණ්ඩුව,පාස්කු ප්‍රහාරය දවසේ රටින් පලායාම,පොහොට්ටුවේ සභාපතිකම භාරගැනීම,මේව ඔක්කොම කරල පොහොට්ටුවට පින්සිද්දවෙන්න ආසන 14 ක් අරන් දැන් කියනව සිරිම ගත්තෙ ආස්න 8යි ලු හැබැයි කියන්නෙ නෑ ඒව තනිකර ශ්‍රිලනිප චන්ද කියල ….මේ වගේ හිවලෙක්

  5. පොඩි එ​කා says:

    මොනා කලත් මෛත්‍රීව අයින් කරන්න බෑ. මෛත්‍රී දැන් මහින්ද-රනිල් සෙට් එකේ පොරක්. මොලේ පොඩ්ඩක් අඩු උනාට කියන්න තියන දේ කෙලින්ම කියලා දාන එකට නම් මම කැමතියි.

  6. Prasanna Rane says:

    Lasti weyan hire yanna pasku prahareta. Kelehiguna nodath kalakanniya

  7. p.d goonawardena says:

    කයිය විතරයි….වැඩ නෑ…..වෙන එවුන්ට වරද පටවලා මූ ආතල් එකේ ඉන්නවා…පල හිර ගෙදරට පාස්කු ප්‍රහාරයේ වරද පිලිඅරගෙන​….

  8. බන්ඩා says:

    සිරිසේන ජනාධිපති උන ගමන් පැන්ෂන් ගියාම සැපට ඉන්න මාලිගාව හදා ගත්ත බව ජනතාවට අමතක නැහැ.

  9. Gamini says:

    මාතලේ ද ගෑන්ඩ් මවුන්ටන් හෝටලයේදි පැවති මාතලේ දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පුර්ණ සංවිධාන දායකත්වය දීලා තිබ්බේ හොඳ දෙපිටකාට්ටුවෙක් . ඩඩ්ලිගේ ගජ මිතුරු හිටපු නුවර එළිය නගරාධිපති දොඩම්පේ ගමගේ . මිනිහාටයි මල්ලිටයි නුවර එළියේ හොරකපු හෝටල් දුසිමක් තියනවා

  10. Gamini says:

    මාතලේ ද ගෑන්ඩ් මවුන්ටන් හෝටලයේදි පැවති මාතලේ දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පුර්ණ සංවිධාන දායකත්වය දීලා තිබ්බේ හොඳ දෙපිටකාට්ටුවෙක් . ඩඩ්ලිගේ ගජ මිතුරු හිටපු නුවර එළිය නගරාධිපති දොඩම්පේ ගමගේ . මිනිහාටයි මල්ලිටයි නුවර එළියේ හොරා කාපු හෝටල් දුසිමක් තියනවා