ජනපතිට අසනීප තත්වයක්..? යාපනේ සංචාරය අවලංගුයි..

January 4, 2017 at 11:20 am | lanka C news
ජනපතිට අසනීප තත්වයක්..? යාපනේ සංචාරය අවලංගුයි..

අද දිනයේ යොදා තිබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය හදිසියේම අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා අද දිනයේ පලාලි කඳවුරේදී ත්‍රිවිද හමුදාපතිවරුන් ඇතුලු ආරක්ෂක අංශ නායකයින් මුණ ගැසීමට නියමිතව තිබූ අතර ‘ජනපතිට කියන්න’ පළමු ශාඛා කාර්යාලය උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කිරීම ඇතුළු තවත් කටයුතු කිහිපයක් සූදානම් කර තිබින.

අද පෙරවරුවේ හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව සිටියත් එයද අවලංගු කර ඇති අතර ඇමති විජේදාස රාජපක්‍ෂ අතින් එය විවෘත කරනු ලැබින.

ජනාධිපතිවරයාට අසනීප තත්වයක් මතුව ඇති නිසා මෙම සංචාර අවලංගු කර ඇති බවට වාර්තා පලවෙයි.

0 views
Main News