ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්..??? ඒකාබද්ද විපක්‍ෂය තීරණාත්මකයි..

October 14, 2016 at 12:01 am | lanka C news
ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්..??? ඒකාබද්ද විපක්‍ෂය තීරණාත්මකයි..

එක්සත් ජාතික පක්‍සය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සාකච්චා වෙමින් ඇති බව එජාපයට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාලා ඔස්සේ වාර්තා කර ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් උසාවියට දක්කාගෙන යාම ගැන තමන් දැඩි විරෝධය පල කරන බවටත් CID FCID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවටත් ජනාධිපතිවරයා විසින් පැවසීමත් සමග දුෂිතයින්ට දඩුවම් දෙන්නේ යයි ඔහු ලද ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ යයි පවසමින් අදාල දෝෂාභියෝගය ගෙන ඒමට සැරසෙන්නේ යයිද එම වාර්තා වල දැක්වෙයි.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂය විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා දේශපාලන පලිගැනීම්වලට එරෙහිව සෘජුව කටයුතු කරන්නේ ඒකාබද්ද විපක්‍ෂයේ පූර්ණ සහාය හිමිවන බවයි.

මේ තත්වය මත දෝෂාභියෝගයක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සතු මන්ත‍්‍රී ධුර හා දෙමල සන්ධාන ජවිපෙ මන්ත‍්‍රී ධුර එකතුවද ප‍්‍රමාණවත් නොවෙන අතර ඒකාබද්ද විපක්‍ෂ සහයෝගය අත්‍යවශ්‍ය වෙයි.

කෙසේ වෙතත් මෙම විශ්වස භංග යෝජනාව ගැන එජාපයේ කිසිදු ප‍්‍රධානියෙක් මේ දක්වා කිසිදු සදහනක් කර නැත. ඇතැම් විට දෝෂාභියෝග තර්ජනය එල්ල කරමින් ජනාධිපතිවරයා පාලනය කිරීමට ගන්නා උත්සාහයක් වන්නටද හැකිය.

23 views

17 Comments to “ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්..??? ඒකාබද්ද විපක්‍ෂය තීරණාත්මකයි..”

  1. Champa says:

    ඒකාබද්ධ විපක්ෂයේ තීරණය අගය කරනවා. අපි අතරේ මොන ප්‍රශ්න තිබුනත්, හැල හැප්පිලි තිබුනත්, මේ වෙලාවේ අපි සිරිසේන ජනාධිපතිතුමාවයි, මස්කටු සංගමයයි (සමා වෙන්න ඕනේ) ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් රනිල් මේ වෙනකම් රටට කරලා තියෙන විනාශයත් එක්ක බැලුවහම, අපිට එයාට තව දුරටත් යන්න ඉඩ දෙන්න බැහැ.

    රටට ආදරය කරන මිනිස්සු විදියට, “පොදු සතුරා” පරාජය කරන්න අපි එකමුතු වෙන්න ඕනේ. මේ වෙලාවේ සිරිසේන ජනාධිපතිතුමාට අපි ශක්තියක් වෙන්න ඕනේ. කරදරයක් වුන වෙලාවක අහක බලන සිරිතක් සිංහල අපිට නැහැ.

    සිරිසේන ජනාධිපතිතුමාව ඇමක් විදියට පාවිච්චි කරලා බලයට ආපු රනිල්ට යුතුකමක් නැහැ, තමන්ට බලයට එන්න උදව් කරපු සිරිසේන ජනාධිපතිතුමාව තනි කරල, වට කරලා මෙහෙම පහර දෙන්න. අපි සමගියෙන් එකතු වෙලා ප්‍රශ්නේ විසඳමු.

    අපි කරන්න ඕනේ මේකයි.

    1. සිරිසේන ජනාධිපතිතුමා ඉස්සෙල්ලම කරන්න ඕනේ හිටපු ආරක්ෂක ලේකම් තුමාට විරුද්ධව තියෙන නඩුව ඉල්ලා අස් කරගන්න කියල අල්ලස් ලොක්කිට කියන එක. බැහැ කිව්වොත් එයාව අස් කරලා විශ්වාස වන්ත කෙනෙක් දාන්න ඕනේ. (මේක අවශම නැහැ, හැබැයි මම කැමතියි එහෙම වුනා නම්).

    2. හිටපු ආරක්ෂක ලේකම්තුමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ, පුළුවන් ඉක්මනට. මේක ඉතාම හදිසියෙන් කරන්න ඕනේ.

    3. ඊළඟට “උප ජනාධිපති” තනතුරක් ඇති කරන්න ඕනේ. විධායක ජනාධිපතිගේ බලතල ඇති මේක ඇති කරන්න. ඒ තනතුරට අයිති කාර්ය භාරය ගැන කතා කරලා එකඟ තාවයකට එන්න පුළුවන්. කිසි දේකට බය වෙන්න එපා. ව්‍යවස්ථාව අරක මේක අපිට වැඩක් නැහැ. To hell with the Constitution. රනිල් දැනට ව්‍යවස්ථාව කී පාරක් නම් කඩලා තියෙනවද? අර ICPPED ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කලේ රටේ විධායක ජනාධිපතිගෙයි, කැබිනට් එකෙයි, පාර්ලිමේන්තුවෙයි මොහොකවත් අනුමැතිය නැතුව. තනිකම නීති විරෝධී වැඩක්. රනිල්ගේ Godfather ඔබාමා 2015 අවුරුද්දේ විතරක් 15 සැරයක් ව්‍යවස්ථාව කඩලා තියෙනවා. (This Vice President post is temporary and will be ceased to exist once the incumbent’s term of office is over or when he becomes the President).

    4. හිටපු ආරක්ෂක ලේකම්තුමා “පුළුවන් තරම් ඉක්මනට” දිවුරුම් දෙන්න ඕනේ උප ජනාධිපති සහ ආරක්ෂක ඇමති විදියට (තව අමාත්‍යංශ එකතු කරන්න පුළුවන්).

    5. ඊළඟට උප ජනාධිපතිතුමා ‘තමන්ගේ ආණ්ඩුව’ පිහිටුවනවා ඒකාබද්ධ විපක්ෂයයි, මස්කටු සංගමයයි (sorry again) එකතු කරලා. 95ක් ඉන්නවා නේද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අගමැති වෙනවා, රනිල් විපක්ෂෙට යනවා. රනිල්ව අස් කරන්නේ නැහැ.. අර රනිල් ජනවාරි 8 වෙනිදා කලේ දී.මු.ව අස් කරන්නේ නැතුව එයා දිවුරුම් දුන්නේ. ඒ විදියටම කරන්න පුළුවන්. පූර්වාදර්ශයක් තියෙනවා දැනටම.

    6. සිරිසේන ජනාධිපතිතුමා විවේක ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ උප ජනාධිපතිතුමා රට පාලනය කරනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වෙනවා.

    7. මේක ඉක්මනට කරන්න. මම අනාවැකි කියන්නෙක් නෙමෙයි. ඒ වුනත් මට හිතෙනවා මොකක් හරි සිද්ධ වුනොත් රනිල් වැඩ බලන ජනාධිපති වෙන්න පුළුවන් නිසා, ඒ මැද්දට උප ජනාධිපති කෙනෙක් වේලාසනම පත් කරලා තියෙන එක හොඳයි කියලා. අපිට ජීවිත ගැන අනාවැකි කියන්න බැහැ. රනිල් කියන්නේ දරුණු හිතක් තියෙන පුද්ගලයෙක් පිටින් නොපෙනුනාට.

    අපි නිකමට හිතමු සිරිසේන ජනාධිපතිතුමාට මොකක් හරි අසනීපයක් හරි අනතුරක් හරි වුනා. රනිල්ට බලය ආපු ගමන් ඒ පවුලෙනුත් අනිවාර්යයෙන්ම පළිගන්නවා. ළමයින්ව හිරේ දමයි. අනිත් එක රනිල් වැඩ බලන ජනාධිපති වුනොත් කවදාවත් ජනාධිපතිවරණයක් තියන්නේ නැහැ. පරාද වෙන බව දන්නා නිසා චන්දෙ කල් දදා දිගටම ඉඳියි.

    මම බුදු දහම ගැන හුඟක් විශ්වාස කරනවා. මම මේක හැම තිස්සෙම කියනවා අපේ රට ආරක්ෂා කරන බලවේගයක් තියෙනවා. අපේ රට විනාශ නොවී තියෙන්නේ බුදුදහම නිසා. හැමදේටම හේතුඵලයක් තියෙනවා. බලන්න කවුරුවත් හිතපු නැති විදියට මේ වගේ ප්‍රශ්ණයක් ඇති වුනේ, ඉස්සරහට මොනවා හරි අභාග්‍යමත් දෙයක් සිද්ධ වෙන්න තියෙනවා නම්, ඒක අපිට හරි ගස්ස ගන්න අවස්තාවක් ලබා දෙන්න.

    මහා මැතිවරණයක්, ජනාධිපතිවරණයක් පෙනෙන තෙක් මානෙක නැති වෙලාවක, අපිට පුදුම හිතෙන විදියට අවස්ථාවක් ලැබිලා තියෙනවා රනිල්ගෙන් රට බේරා ගන්න. මේ තමයි අපිට ලැබෙන එකම සහ අවසාන අවස්ථාව. පස්සේ පසු තැවෙන්න ඉඩ තියා ගන්න එපා. රට වෙනුවෙන් මේක කරන්න බැරිනම් අපේ දේශපාලකයන්ගෙන් වැඩක් නැහැ.

    අපි කරන්න ඕනේ මේ වෙලාවේ සමගි වෙලා, රනිල් ගෙන් රට බේරා ගන්න ආපු මේ මහඟු අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන, රටේ ඉදිරි අනාගතය සුරක්ෂිත කරගන්න එක.

  2. Dickie Bird says:

    No confidence motion against the President means of course with the support of JO, then Ranil will become the President.
    Then, who will be the Prime Minister???
    What will Ranil offer to the JO ???????????????????????
    JO, be ready with your demands.

    On the other hand,
    If JO does not support the No Confidence Motion against the Prez, is Gamarala willing to offer the Chairmanship of the SLFP to MY AND get all SLFP parlimentarians to resign from the Government and send all those PA guys who entered the parliament from the back door home and LISTEN TO TO THE PARTY???

    Can JO trust Gamarala MY3 after the Appa fiasco???????????????????????????

    THREAD CAREFULLY

  3. Aparajitha says:

    ඒකාබද්ධ විපක්ෂයේ නැගිටීමත් සමඟ ඇතිවන දේශපාලන අවුල ලිහාගැනීමට අටවපු උගුලක්ද…?? දෙවරක් නොව තුන්වරක් සිතා බැලිය යුතු කාරණාවක් ! සිරා – රනිල් නාටකයක්ද…?

Main News