ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..

May 7, 2022 at 10:02 pm | lanka C news
ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දකියි.

අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසුනු ඔවුන් දන්වා සිටියේ අග්‍රාමාත්‍යවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධුරයෙන් නෙරපා හරින ලෙසත්ය.

එසේ කලහොත් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත්ව අගමැති ධුරයට පත් කරන බවත් ඔවුන් මෙහිදී සඳහන් කළහ.

ජනතාව යන්න කියන්නේ අග්‍රාමාත්‍යවරයාට නොව ජනාධිපතිවරයාට බවත් පළාත් පාලන නියෝජිතයන් මෙහි දී පෙන්වා දී ඇත.

මේ අතර එළඹෙන සඳුදා දිනයේ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආධාරකරුවන් රැස් කිරීමට එම පක්ෂය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැති ධුරය රැක ගැනීම සදහා අරලියගහ මන්දිරය ඉදිරියට එදින පෙරවරු 9 ට රැස් වන්නැයි ඔවුන් දන්වා ඇත.

192,387 views

45 Comments to “ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..”

  1. saman says:

    මතක වස්ත්‍ර පූජා කරන්න වෙන්න ඇති…………ඔන්න මං යනවා, මාව අල්ලගන්න, ඔන්න යනවා,

  2. Patriot says:

    MR go home. your time is up, what have you done past 2 yrs ? aren’t you responsible of this mess after all you are most experience politician in the government , so you knew what is happing did you give a dame no your only focus was giving crown to your Namal BABY other than that you didnt help Gota or this country. People are sick of you lot now.

  3. Rasika Herath says:

    නුවර එළියේ හිටපු නගරාධිපති දොඩම්පේ පරයා සිරිසේන උන්නැහැගේ අම්මා මතක් කරලා මහින්දට ඉන්න කිවේ උගේ හොර වහගන්න

  4. Rasika Herath says:

    ජනාධිපති ගාවට දාලා ඉන්න ගාමිණී සෙනරත් කියන්නේ මහින්දගේ හිටපු එකා . උ ගානට මහින්දව රකිනවා

  5. ruwan says:

    මිනිස්සු වට කරන්න ඕන මෙන්න මේ පළත් පාලන නිලදාරී වරු. උන්ට බල කරන්න ඕන රට කන එක නවත්වන්න .

    • Manuka says:

      Ow. Aka aeththa. Sath palathpalana sabhapathiwtu thamai basilage hora ranchuwa.

    • Hari says:

      අනිවාර්යයෙන් මුන්ගෙ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා මුන්ටත් “සුබ පතන්න” පටන් ගමු. තම තමන්ගේ ගම්වල ඉන්න අයගෙන් පටන් ගමු.

  6. Janaka says:

    Mala Yaka

  7. මුතු says:

    තන්හාව ජායතී සෝකේ ,එක්කම බය වෙලා ,අන්තිමට මීකුනක් වගේ මැරිලා ගියාම ,කිසිම කෙනෙක් සලකන්නේ නෑ🤣

  8. කොටි නැගිටිනවා බයිය නැගිට්ටා... says:

    අමෝ අමෝ අපේ මයින්ද මාත්තයා

  9. Haritha says:

    මුන් තමයි පලාත් සහ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති වලින් මුදල් වංචා කරන දූෂිතයෝ. මහ හොරා ගියොත් මුන්ට ආදායම් නැති වෙනවා. ඒකයි මේ!

  10. avinash.randir@gmail.com says:

    Mahinda obage kaalaya iwarai. Paw nodi pala

Main News