ජනපතිට දැඩි විරෝධය.. වහා ගැසට්ටුව අවලංගු කරන්නැයි දන්වයි..

September 10, 2019 at 5:30 pm | lanka C news
ජනපතිට දැඩි විරෝධය.. වහා ගැසට්ටුව අවලංගු කරන්නැයි දන්වයි..

ජනාධිපතිවරයා විසින් රූපවාහිනි සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට විරෝධය පල කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය  යටතට පවරා ගැනීම දැඩිව හෙළා දකිමු.– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනාධිපති බලතල යොදා ගනිමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.

විශේෂයෙන්ම මැතිවරණ සුදානමක් පවතින සන්දර්භයක් තුල, මෙම පවරා ගැනීම සිදුවිමෙන් තත්ත්වය වඩාත් බරපතල වෙයි. එසේම ව්‍යවස්ථානුකුල ජනාධිපති බලතල අනිසි ලෙස භාවිතා නොකරන බවට ප්‍රතිඥාවක් දෙමින් බලයට පත්වු යහපාලන ජනාධිපතිවරයකු යටතේ මෙම පියවර ගැනීම පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කනස්සල්ලට පත් වෙයි. ව්‍යවස්ථානුකූලව ඔනෑම විෂයක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට තිබෙන අයිතිය පාවිච්චි කොට ගත් බව පෙනෙන මෙම තීරණය, වර්තමාන දේශපාලන සන්දර්භය තුල තබා බැලිය යුතුයැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කල්පනා කරයි. ව්‍යවස්ථානුකූලව එලබෙන ජනාධිපති මැතිවරණ සමයක, ජන මාධ්‍යය සමාජ වගකීමක් සහිත රාමුවක් තුල ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම මැතිවරණ කොමසාරිස්වරයා සතු සුවිශේෂ කාර්යභාරයක් ලෙස පිලි ගැනීමක් පවතියි.ජනාධිපතිවරයා යටතේ තිබෙන විෂයක් එවැනි නියාමන රාමුවකට විෂය වන්නේ ද යන්න විමසිය යුතු නීතිමය ගැටළුවක් වෙයි. එසේම ජනාධිපතිවරයා  සභාපතිත්වය දරන දේශපාලන පක්ෂයෙන් ද ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මේ වන විට මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දිමක් ද කර තිබේ. ඒ අනුවත් ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂ අමාත්‍යංශය යටතට, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පත් කිරීම විවාද සම්පන්නය.

ඔිනෑම මැතිවරණයක්  නිදහස් හා සාධාරණ මැතිවරණයක්  වන්නේ ජන්දදායකයින්ට ස්වාධීන තීරණයක් ගැනීමට අවශ්‍ය තොරතුරු අපක්ෂපාතිව ලබා දෙන ජනමාධ්‍ය භාවිතයක්  තුල  බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.ජනාධිපතිවරයා ගත් මෙම තීරණය එම අයිතිය උල්ලංඝණය කිරීමක් වෙයි.  මේ නිසා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම පිළිබඳ ගැසට් නිවේදනය වහාම අවලංගු කරන ලෙසටත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහතික වන ලෙසටත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියි.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

59,775 Viewers

14 Comments to “ජනපතිට දැඩි විරෝධය.. වහා ගැසට්ටුව අවලංගු කරන්නැයි දන්වයි..”

  1. Puncha says:

    Kiyala wedak ne maruwatama UNP eke keruwawa samabarawa denawa . Umbala nidahas madyawedin nowe . Unp ekata passa dena napunsaka set ekak.

  2. royal fool says:

    අම්මප ඔව්. රූපවාහිණියේ දෙන අපක්‍ෂපාතී නිවුස් නැතුව රටම අමාරුවේ වැටී ඉන්නේ.

  3. Gamini says:

    රූපවාහිණිය රනිල් යටතට පත් කරනු…!

  4. Vasana says:

    කරුණාකර මැතිසබයත් විසිරුවා හරින්න

  5. නිමා says:

    ඔන්න නැතෙයි කිව්ව ජනාධිපති බලතල

    • Rata Wenuwen says:

      ජනාදිපතිට නැතිවූ බලතල නැවත ලැබී ඇත, පචෝරිස්

  6. sw says:

    රිලවු ටිකට ඇහැරිලා .

  7. සිංහල බන්ඩා says:

    නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියන්නෙ රනිල්ට තඩේ යන එන්ජීඕ කල්ලියක්.

  8. Rohan says:

    Ethakota mangalayata dubbama harida. Redde kathawakne ban meka. Makota demu ministryeka

  9. W M Fernando says:

    Please let us know under which minister rupahahini becomes independent. Nonsense ?

  10. ranjan says:

    ඇයි මී හරකුනේ ඇමති කෙනෙක් යටතෙ තියෙන කොට බල පෑමක් ඇතිවෙන්නෙ නැද්ද ?

  11. නිළමේ says:

    මොනවා වුණත් වාසනාවකට ජනාධිපති විරුද්ධ පක්ෂයේ වුණේ. නැත්නම් කතානායකවරයා වගේ තමයි.

  12. Sun says:

    Minds of people are not developed appropriately to take independent decisions. We can see lot of people are entangled in the politics due to the feeding of valueless information. I cannot find the politicians with developed minds to analyse critical information, so they always take bias decisions. Something wrong with our cultural affinity of people as always they cannot understand the things well. So the real freedom of people is still away from us my dear friends.

  13. Nadaal says:

    At last HEP has taken another decision which is constructive to the nation by acquiring the Rupavahini under his perview.. The misinformation campaign conducted by Rupavahini has misled the general public in regard to the destruction caused to the country by this corrupt, inefficient administration which has ruined the country. Thank you His Excellency.

Main News