ජනපතිට පාර්ලිමේන්තු එන්න මන්ත‍්‍රීකමෙන් අස්වෙන්න ඩිලාන් කැමති නොවෙයි.. ඌව ආණ්ඩුකාරකමත් දෙන්න අහයි..

October 26, 2019 at 10:32 pm | lanka C news
ජනපතිට පාර්ලිමේන්තු එන්න මන්ත‍්‍රීකමෙන් අස්වෙන්න ඩිලාන් කැමති නොවෙයි.. ඌව ආණ්ඩුකාරකමත් දෙන්න අහයි..

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට මන්ත්‍රීවරයකු ලෙස මැතිසබයට පැමිණීමට ඉඩ ලබා ගැනීම සඳහා ශ්‍රී.ල.නි.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ඩිලාන් පෙරේරා මෙතෙක් පිළිගෙන නැත.

පසුගියදා ඩිලාන් පෙරේරා තම කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා තමන්ට මැතිසබයට පැමිණීම සඳහා පත්කළ මන්ත්‍රී තනතුරින් ඉවත් වන ලෙස ඔහුට දැනුම් දුන්නේය. ඔහු එම තනතුරින් ඉවත් වුවහොත් ඌව පළාත් ආණ්ඩුකාර පදවිය ලබාදෙන බව ද ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ.

ඩිලාන්ට එම අවස්ථාව ලබාදීම පිණිස දැනට ඌව ආණ්ඩුකාර ධූරය දරන මෛත්‍රී ගුණරත්න මහතාට තනතුරින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලය දැනටමත් දන්වා තිබේ.

එහෙත් ඩිලාන් පෙරේරා මහතා මේ ගැන ස්වකීය අවසන් තීරණය ජනාධිපතිවරයාට දන්වා නැත්තේ ලබන 17 දායින් පසු පත්වන නව ජනාධිපතිවරයා අලුතෙන් පළාත් ආණ්ඩුකාරවරැන් පත්කිරීමට නියමිත බව කියමිනි.

– deshaya

61 views

13 Comments to “ජනපතිට පාර්ලිමේන්තු එන්න මන්ත‍්‍රීකමෙන් අස්වෙන්න ඩිලාන් කැමති නොවෙයි.. ඌව ආණ්ඩුකාරකමත් දෙන්න අහයි..”

  1. GulSiri Lal Nanda says:

    We are not that interest about that of Mathripala Sirisena be in next position of MP of Parliment .
    That is quite impossible without voters,it has to decide by citizens by their another incoming election ?
    Back-door that politics has no way for democracy in Lanka >
    It apply to MS as well .

  2. Mahesh says:

    Chande illala warako hffa

Main News