ජනපතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු කරලා.. මේ තනි බල පෙරේතකමක් මුදුන් පමුණුවා ගන්න කරන වැඩක්..- ඇමති විමල්

February 7, 2021 at 9:20 am | lanka C news
ජනපතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු කරලා.. මේ තනි බල පෙරේතකමක් මුදුන් පමුණුවා ගන්න කරන වැඩක්..- ඇමති විමල්

ඇතැමුන් තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ පෞද්ගලික බල පෙරේත කම සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බවත් ඒ ගැන විශාල කනගාටුවක් ඇති බවත් ඔහු පවසයි.

රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බවද පවසන ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බවද ඇමතිවරයා කියයි.

එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉන් සිදුවන්නේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබල වීම බවත් එය ආණ්ඩුවේ සහ රටේ නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඒ මහතා කියා සිටී.

ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් ගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

82,692 views

20 Comments to “ජනපතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු කරලා.. මේ තනි බල පෙරේතකමක් මුදුන් පමුණුවා ගන්න කරන වැඩක්..- ඇමති විමල්”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    අපේ විජේවීර සහෝදරයාගෙන් දේශපාලනය උගත් වීරවංශ සහෝදරයා මේ කියන්නෙ ඇත්ත. මහින්ද දැන් පෙන්ෂන් යන්න ඉක්මනට

  2. Rama says:

    Mamath hitanne eyaysyi

  3. ශශී වංශ වීර says:

    අයියා මලෝගෙ හීතලයුද්දෙ අස්සෙ මැක්කො අනාථාගාරයේ තනිවෙනවා….🤣🤣🤣

  4. රන්ජන් says:

    2015 මහින්ද රජය පෙරලන්න මුලින්ම විවෙචන පටන්ගත්ත කෙනා. ආයෙත් ගේමට බැහැලා. ගොඨබයව ජනාධිපති කලේ. පක්ෂ බදාගන්න නෙමෙයි . බල පෙරේතයෝ කව්ද කියලා විමල්ලාගේ හැසිරීමෙන් පේනවා. කලයුත්තේ ජනාධිපතිට සහය දීමයි. ලැජ්ජයි මහත්තයෝ

  5. කුඩුලංසා ,කසිප්පුඡොනි, මරාටත් කෙලවල සඡියට සෙට්වෙන්න බලං ඉන්නෙ.! says:

    කුඩුලංසා ,කසිප්පුඡොනි, මරාටත් කෙලවල සඡියට සෙට්වෙන්න බලං ඉන්නෙ.!
    කුඩුලංසා ,කසිප්පුඡොනි, මරා, සෙට් ඵකම ඡනාධිපතිට යටිං ගේම ..

    විරවංශල වගේ මිනිස්සු නැති උනානං මෙලහකටත් ආන්ඩුව ඡනාධිපති ගෙදර ගිහිං…
    බලං හිටපල්ල මොකද වේනෙ කියලා..

  6. Akila says:

    මේ ෆොන්සේකා ට බාරදීමට කාලය පැමිණ ඇත.

Main News