ජනපතිට බැණ වැදුනු සුජීව සේනසිංහ ඇමතිකමෙන් නෙරපයි..?
November 26, 2017 at 3:00 pm | lanka C news
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිලිබද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බන අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් වාර්තා පල කර ඇත.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැඩිව විවේචනය කිරීම නිසා මෙම පියවර ගැනෙනු ඇති බව එම වාර්තාවන්හි සදහන්ය.
සේනසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් මලික් සමරවික්‍රම ඇමතිවරයා මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇති බවද පැවසෙයි.
එම ඇමතිවරුන් පිරිස වැඩි දුරටත් පවසා ඇත්තේ සුජීව සේනසිංහ මහතා කල ප්‍රකාශයන් හේතුවෙන් ජනාධිපතිවරයා බලවත් කනස්සල්ලෙන් සිටින බවයි.
ඕකට තමයි කියන්නේ සකලවිද උඩුකුරු ඤං ද යටි කුරුං ඤංංද කියලා අර උරුලැවා ගිය පාර වගේ කියන්නේ ඕකට තමයි බං නේද හිටං අං කුට්ටමකුත් ඇඳ ගත්තා නම් තමයි වැඩේට හරියටාම ගැලපෙන්නේ??