ජනපතිට-රාජිතට එංගලන්තයෙන් සම්මාන පුදයි..

September 29, 2017 at 8:40 am | lanka C news
ජනපතිට-රාජිතට එංගලන්තයෙන් සම්මාන පුදයි..

දුමිකොළ භාවිතය අවම කිරීම සඳහා ලක් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට මහා බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන 15 ක මුදලක් ලබා දී ඇත. ඒ පිළිබඳමාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – :

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඊට සක්‍රීය ලෙස දායකත්වය දැක්වීම හේතුවෙන් තමයි ජනාධිපතිවරයාට සහ මට සම්මාන ලැබුනේ. මෙවර දුම්කොළ පාලනය කිරීමේ තීන්දු තීරණ ගැනීමේ සමුළුව ඌරුගුවේදි පැවැත්වෙනවා. එම සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට සහ මට ආරාධනා කර තිබෙනවා. දුම්කොළ වලට එරෙහිව වැඩි වශයෙන්ම තීන්දු තීරණ ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වනවා. රූපමය අවවාද සිගරට් පැකට් වල ඇතුලත් කිරීම, දුම්කොළ සඳහා අය කරන බදු ප්‍රතිශතය 90% දක්වා ඉහල නැංවීම තුලින් දුම්කොළ පාලනයට ශ්‍රී ලංකාව සෘජු තීන්දු ගෙන තිබෙනවා. දුම්කොළ සඳහා ලෝකයේ විශාලතම බදු පනවා ඇති රට ශ්‍රී ලංකාවයි. එලෙස බදු පැනවීමේ දී විවිධ බාධක තිබුණා. අමාත්‍ය මණ්ඩලය තුලද විවිධ මත පළවුණා. දුම්කොළ සමාගමේ මව් සමාගම පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍යයේයි. එම රටේ මහකොමසාරිස් වරයා අද ශ්‍රී ලංකාවට දුම්කොළ පාලනය කිරීම සඳහා පවුම් මිලියන 15ක ආධාර මුදලක් ලබා දුන්නා. එම සහයෝගය ඉතා වැදගත්. බදු වැඩි කිරීම නතර කිරීමට විවිධ බලපෑම් එල්ල වුවද අපි පසුබෑමට ලක්වූයේ නැහැ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව දුම්පානයෙන් ලෝකයේ වාර්ෂිකව බිලියන 30 ක් පමණ මිය යනවා. ඒ පිළිබඳ අවධානය යොමු කිරිම ඉතාම වැදගත්. බදු ප්‍රතිශතය වැඩි කිරීමෙන් පසු දුම් වැටි වල මිල ඉහල යාම හේතුවෙන් දුම්පානය 46% ක් අඩු වී තිබෙනවා. එම නිසා මම ගත්ත පියවර සාර්ථකයි. පුවත්පත්වල වාර්තා පළවුණා දුම්කොළ බදු වැඩි කිරීම තුලින් බීඩී භාවිතය ඉහල ගොස් ඇති බව. නමුත් එවැනි පරීක්ෂණයක් සිදු කර තොරතුරු සොයාගෙන නැහැ. නිකටින් වලට ඇබිබැහි වු පුද්ගලයා බීඩී උරන්නේ නැහැ. අපේ රජය බීඩී වලටත් බදු පනවා තිබෙනවා. වසර 2020 වනවිට දුම්කොළ වගා කිරීම නතර කරනවා.

දුම්කොළ වගාවෙන් ඉවත් වන ගොවිජනතාව වෙනුවෙන් විකල්ප වගා ක්‍රම හදුන්වා දී තිබෙනවා. එම ජනතාවට ආර්ථික සහන ලබා දෙනවා. පාසල් අවට මීටර් 500 වපසරිය තුල දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීමට කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නවා. ඉන් පසු තනි සිගරැට්ටුව විකිණිම තහනම් කරන අතර පසුව සුදු පැහැති සිගරට් පැකැට්ටුව හදුන්වා දෙනවා. දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ද 25000ක් මිය යනවා ඉන් 5% කුඩා දරුවන්.

මෙම මාධ්‍ය හමුවට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජේම්ස් චොරිස් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියොජිත වෛද්‍ය රෂියා පෙන්සේ මහත්මිය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතාද එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

27 views

4 Comments to “ජනපතිට-රාජිතට එංගලන්තයෙන් සම්මාන පුදයි..”

  1. Nuwan says:

    සම්මාන හම්ටබ උනා නං රවී උණා වගේ වෙයි

  2. leel says:

    බලයට පත් වී වසර 2-3 ක් යනකොට තම රටේ ජනතාව ගනන් නොගන්නා, එහෙත් පිටරැටියන් ගනන් ගන්නා අප රටේ පාලකයින්…….

  3. Trumph says:

    How ever we know they did it highly appreciate it.

Main News