ජනපතිට 68යි.. උපන් දිනයට සෙත් පතා ආශීර්වාද පූජා..

September 2, 2019 at 12:40 pm | lanka C news
ජනපතිට 68යි.. උපන් දිනයට සෙත් පතා ආශීර්වාද පූජා..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 68 වන ජන්ම දිනය සහ හෙට (03) පවැත්විමට නියමිත ශ්‍රි ලංකා නිදහස්  පක්ෂයේ 68 වන සම්මේලනයට අශිර්වාද පතා දේව පුජාවක් මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේදි උතුරුමැද පලාත් ආණ්ඩුකාර සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජ්‍යය මහ ලේකම්  සරත් ඒකනායක මහාතා ඇතුළු මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් අද (02) පවත්වනු ලැබුහ.

මස්කෙලිය සමන් දේවාලයට පැමිණි උතුරු මැද පලාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා , නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජි රණසිංහ මහතා ඇතුළු ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මස්කෙලිය සමන් දේවාලයේ බුදු මැදුරට ගොස් මල් පහන් පුජා කිරිමෙන් අනතුරුව සමන් දේවාලයේ දේව ආශිර්වාද පුජාව ආරම්භ කරනු ලැබුවේය.

ආශිර්වාද පුජාව පැවැත්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු උතුරුමැද පලාත් ආණ්ඩුකාර  සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍යය ලේකම් සරත් ඒකනායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විමට මේ වන විට කටයුතු කර ඇති බවයි.

ඉදිරියේදි මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත්, එම ජනාධිපතිවරණයට සියලු දෙනාම එක් වි ඡන්දය භාවිතා කල යුතු බව සරත් ඒකනායක මහතා කියා සිටි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග  පැවැත්වෙන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත්, මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදි අලුතින් ඡන්දය භාවිතා කිරිමට එක් වන තරුණ තරුණියන්ගේ ඡන්දය  තිරණාත්මක ඡන්දයක් වන බව සරත් ඒකනායක මහතා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

5 views

7 Comments to “ජනපතිට 68යි.. උපන් දිනයට සෙත් පතා ආශීර්වාද පූජා..”

  1. Saradiel says:

    බුදු සරණයි

    • Rata Wenuwen says:

      රට කාබාසිනිය කල හිටන් හුටන්ට මොන ආශිර්වාදද, අබ සරනම සරනයි

  2. sunimal says:

    දීර්ඝායු ලැබේවා

  3. kiribatha says:

    Many say MS does not have a backbone because he gives freedom to speak up and does not kill or jail his opponents. Sri Lanka is an interesting country.

  4. Bnda says:

    Ada reta appa patiyak danawa

  5. මඩයා says:

    68 වෙන කොට රටට කල අපරාධ හොදටම ඇති. දැං වත් වහං වෙලා යන්න

  6. p.d goonawardena says:

    ආයිත් උඹ වගේ පොරක් නම් මේ ලෝකෙට එපා හිටන් ………….ඔය කාලේ සාෆිය වගේ එකෙක් හිටියේ නැති එක ගැන හිතල කම්පා වෙනවා ………..

Main News