ජනපතිත් චන්ද්රිකා වගේ වෙයි.. ඇමතිවරුන්ට කැබිනට්ටුවේදී දුරකතන තහනම් කරයි..
March 13, 2019 at 10:00 am | lanka C news
ජංගම දුරකතන කැබිනට් මණ්ඩල රැස්වීම තුලට ගෙන ඒමට ඇමතිවරුනට ජනාධිපතිවරයා විසින් තහනම් කර ඇත.
ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙක් පැවති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම තහනම පනවා තිබේ.
කැබිනට් හමුව අතරවාරයේ ඇතැම් ඇමතිවරුන් දුරකතන ඇමතුම් ගැනීම, ඇමතුම්වලට පිලිතුරු දීම ආදී කරුණු නිසා ජනාධිපතිවරයා විසින් මෙම තහනම පනවා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම තීරණය අනුමත කරමින් අගමැතිවරයාද අදහස් පල කර ඇතැයි සදහන්ය.
මීට පෙර මේ අකාරයේ තත්වයක් උදා වූයේ 2002-2004 චන්ද්රිකා-රනිල් ආණ්ඩු සමයේදීය.
දුරකතන තහනම් කරලා මදි ජනතාව එක්වේලක් කාලා ජීවත් වන්නේ කොහොමද කියලත්, සොයා බැලිය යුතුය
Athi yanthan denna okatawath ekanga una.