ජනපතිවරණය දිනන්න සජිත් පිලෙන් වැඩපිළිවෙලක්.. එළිදැක්වීම සුබ නැකතින්…

June 10, 2019 at 11:20 am | lanka C news
ජනපතිවරණය දිනන්න සජිත් පිලෙන් වැඩපිළිවෙලක්.. එළිදැක්වීම සුබ නැකතින්…

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබුවහොත් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ මහතාගේ පාර්ශ්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම ප්‍රකාශයට පත් කළ පසු එම වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශ්වය තීරණය කර තිබේ.

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, මහාචාර්යවරුන්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයන් පිරිසක් එක්ව මෙම වැඩපිළිවෙළ සකසා ඇතැයි වාර්තා වෙයි.

සියලු ජාතීන්ගේ විශ්වාසය දිනාගනිමින්, වඩා ආකර්ෂණීය ප්‍රතිපත්ති මාලාවක් ජනතාවට ඉදිරිපත් කර ජනපතිවරණය ජයගන්නා ආකාරය එහි පැහැදිලි කර ඇතැයි දැනගන්නට ලැබේ.

රටේ ජනමතය සලකා බලා ඉදිරි මාස දෙක ඇතුළත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යම් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත්, එම ජනමතය නොසලකා හැර සිටීමට අගමැතිවරයාට නොහැකි වනු ඇති බවත් ජනාධිපතිවරණ වැඩපිළිවෙළ සකස් කිරීමට සම්බන්ධ වූ නියෝජිතයන් අතර සාකච්ඡා වී තිබේ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එවක ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේදී ජනතාවගේ ඉල්ලීම ප්‍රධාන සාධකයක් වූ බවද එම නියෝජිතයන් විසින් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව රටේ ඉදිරි අවුරුදු 05 සංවර්ධනය කරන ආකාරය ගැන සියලු පාර්ශ්වයන්ගේ අදහස් උපයෝගී කරගෙන වැඩපිළිවෙළක් සකස් කිරීමටද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.

– ada

75 views

23 Comments to “ජනපතිවරණය දිනන්න සජිත් පිලෙන් වැඩපිළිවෙලක්.. එළිදැක්වීම සුබ නැකතින්…”

  1. U.N.J.V.P says:

    Usa nam security miti nam kamkaru wada piliwelata jayawewa.

    Sajiya dinewa.

  2. UNP GAL IBBA says:

    මෙයා කොටා නිසා කම්කරු ජනපති කරමු නේද​??
    සුභ නැකතින් දකුනු කකුල උතුරටත් වම්කකුල දකුණටත් තියාළා ඇවිදගෙන තමයි එලි බහින්න ඕනැ??

  3. කුඩා දරුවා says:

    අපි ආදලේ තෙවරප්පෙරුම මාමිට..
    “තෙවරප්පෙරුම For 2020”

  4. Kumari says:

    සිරස කිලි මහරාජා මෛත්‍රීව ජනාධිපති කොට, මෛත්‍රීව නටවන්න ගොස් මෛත්‍රීත් ආණ්ඩුවත් යුඇන්පීයත් දෙකම විනාශ කර ඇත. මහරාජා දැන් මේ සැරසෙන්නේ සජිත් වැනි යුඇන්පී යේ රූකඩයක් 2020 ජනාධිපති කොට තම මාධ්‍ය ඒකකය හරහා රටත් යුඇන්පී යත් පාලනය කරන්නටය.“මෛත්‍රී රැවටුනා වගේ යුඇන්පී යත් රවටා රටේ පාලනය සියතට ගැනීමේ ඒකායන අභිලාෂයෙන් දෙකොන ගිණිගත් වඳුරෙකු මෙන් ඉදිරියටත් කිලී මහාරාජා උප්පරවැට්ටි යොදනු ඇත. අද වුවද මෛත්රිපාලගේ මාධ්‍ය නඩයේ කටයුතු කරන්නේ කිලීගේ නරින්ය.උපදේශකයින් වී සිටින්නේද කිලි මහාරාජා ගේ නඩයමයි හැබැයි කිලී මහරාජාගේ සිරස විසින් නැටවූ දේශපාලඥයන් කවදාවත් ගොඩ ඇවිත් නැත. ගාමිණි ෆොන්සේකා , සිරිසේන කුරේ, මිලින්ද මොරගොඩ, ලක්ෂ්මන් යාපා යන මහරාජා නටවපු දේශපාලඥයන්ට අද යන එන මං නැත. ඒක මහරාජාගේ කරුමයද..? ඔවුන්ගේ කරුමයද..? කියන්න දන්නේ නැත. සිරස කිලි මහරාජාගෙන් ගැලවුන චන්ද්‍රිකා සහ මහින්ද වාර දෙකක් ජනාධිපතිකම් කළහ. මහරාජාගෙන් ගැලවුන රනිල් යළි අගමැති විය. මහරාජාගෙන් ගැලවෙන්න උත්සහ නොකළ එකම නායකයා මෛත්‍රීය. හැමෝම බලාගෙන ඉන්නේ සජිත්ට මොකක් වෙයිද කියාය.

  5. බිල්ල says:

    මුස්ලිම් චන්ද සජිත්ට වඩා ගන්න පුළුවන් කරුමයාට. රිෂාර්ඩ් හට විශ්වාස භන්ගෙන් ගැලවෙන්න පාර කපල දුන්නේ කරුමයා තමයි. විශ්වාස භංගේ කල් දාල මුස්ලිම් ඇමතිවරුන්ට ගේමට සෙට්වෙන්න කල් ලබාදුන්නේ කරුමයා. ඔහුම තමයි රිෂාර්ඩ් ලොන්ඩරිය ඇටවුවේ.බොරු බොදු රංගනයකට මිනිහව දමන්න පුළුවන්.

  6. Sun says:

    Hard is ahead. We need someone to lead the country with a good vision and care. old politicians have ruined the country and now we have nowhere to go. Politicians talk nonsense and that is not applicable to today’s politics. Politicians are good at counting money but no sense of caring people. Most of them know nothing about politics and world affairs. We need some one to work wholeheartedly to uplift the country from this agony. I cannot see any one in this cabinet my friends,

  7. Bandula. says:

    Obathuma dinanawanam apith kamathi Eth! Oya lokka innakan obata e warama labunoth loku pudumayak, mokada thwath nuwara paththen, gampha paththen eka eka aya porakana nisa wade amaru wevi neda?

  8. gamarala says:

    අන්තිමට කියනකොට එහෙමයි. කරන කොට මෙහෙමයි…

  9. Love nature says:

    කියනකොට එහෙමයි කරනකොට මෙහෙයි කිවිවා වාගේ

    සුදු හකුරැ කතාව වගෙයි පිරැලට මුල් වු කතාව ද මීට සමානය. රඡ වාසලට සුදු හකුරැ සපයන්නෙක් විය. දිනක් රඡතුමා ඔහු රඡවාසලට කැදවා හකුරැ සාදන සැටි විමසා සිටියේය. දේවයන් වහන්ස මම මේවා හදන්නේ බොහෝම සැලකිල්ලෙන් හරිම පිරිසුදුවට. උඩට උඩුවියන් බැදලා,පයට පාවාඩ දාලා තමයි,ඔබ වහන්සේට මේවා හදන්නේ. හකුරැ සාදන්නා තැනට සුදුසු ලෙස පිලිතුරැ දුන්නේය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට සිතූ රඡතුමා හකුරැ සාදන්නාගේ නිවසට ගියේය. ඔහු හකුරැ සෑදුවේ අපිරිසිදු වටපිටාවක සිටය. උඩුවියන් හෝ පාවාඩ නැත. රඡු ඒ පිළිබදව ඔහුගෙන් විමසා සිටි විට ඔහු පිළිතුරැ දුන්නේ කියන කොට එහෙමයි.කරන කොට මෙහෙමයි කියාය.

  10. charles says:

    Sajith should ask Ranil to nominate him as presidential candidate Other wise challenge him. Sajith can get much more Sinhala votes than Ranil anyway. Even though Sajith does not look like a good leader.

Main News