ජනපති-අගමැති එකග වුණා.. කැබිනට් සංශෝධනයක් කරනවා.. කලින් නෑ කිවුවේ වෙසක් පෝයට කලින් නෑ කියලා..

May 13, 2017 at 3:22 am | lanka C news
ජනපති-අගමැති එකග වුණා.. කැබිනට් සංශෝධනයක් කරනවා.. කලින් නෑ කිවුවේ වෙසක් පෝයට කලින් නෑ කියලා..

රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනයක් ඉදිරියේ දී සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ඖෂධවෙිදීන් 52 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙි උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“කැබිනට් සංශෝධනයට ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් එකඟත්වය පළ කර තිඛෙනවා. රටට හිතකර අයුරින් කැබිනට් සංශෝධනය සිදු කරනවා. වෙසක් පොහොයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව මම මිීට පෙර ප්‍රකාශ කළා. කැබිනට් සංශෝධනයක් වෙසක් පොහොයට පෙර සිදු කරන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුනා. නමුත් එය සිදු වූයේ නැහැ.

රාජ්‍ය සේවකයින් සදහා වත්මන් රජය රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමක් සිදු කළා. සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමට අනුව අතිකාල දීමනා වැඩි විය යුතු බවට ඉල්ලීම් කළා. අපි සාකචිඡා මාර්ගයෙන් ගැටළුව විසදුවා. සෞඛ්‍ය සේවකයින්ගේ පමණක් 2017 වසරේ අතිකාල දීමනා ගෙවීමට අමතර මුදල් ලෙස රුපියල් බිලියන 04 ක් අවශ්‍ය වී තිඛෙනවා. මුදල් අමාත්‍යාංශය පොරොන්දු වුනා 2016 ජනවාරි මාසයේ සිට වැඩි කළ අතිකාල දීමනා ගෙවීමට ඒ සදහා අවශ්‍ය චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරයි.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

28 views
Main News