ජනපති-අගමැති කැබිනෙට්ටුවේදී දැඩිව ගැටේ…

October 30, 2019 at 10:40 am | lanka C news
ජනපති-අගමැති කැබිනෙට්ටුවේදී දැඩිව ගැටේ…

ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (29 වැනිදා) අනුමැතිය දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කොළඹ ප්‍රදේශයේ රථ වාහන කළමනාකරණය, දිවයිනපුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කරයි.

මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතු බව මුදල් අමාත්‍යාංශයෙ සඳහන් කරයි. ඇමෙරිකානු ජනතාවගෙන් මෙම ප්‍රදානය ලබාගන්නා 37 වන රට වන්නේ ශ්‍රී ලංකාවයි. මීට අදාළ ගිවිසුම කඩිනමින් අත්සන් කර වසර 2020 සිට ක්‍රියාත්මක කිරීමටද පියවර ගන්නා බව, මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රදානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශය ​ඊයේ (29 වැනිදා) ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙම ගිවිසුම අත්සන් කිරීමේදී ගැටලු ඇතිවන බවයි. මානව හිමිකම් ප්‍රශ්න ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එහෙත් ඊට විරුද්ධව අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එවැනි ගැටලුවක් ඇති නොවන බවයි. මුදල් අමාත්‍ය මංගල සමරවීරද මේ පිළිබඳව අදහස් පළකර ඇත.

– aruna

55 views

14 Comments to “ජනපති-අගමැති කැබිනෙට්ටුවේදී දැඩිව ගැටේ…”

  1. Jeevana says:

    This is an facilitated invasion . Sri Lankans should Unite and STOP this at any cost.
    It is better to be active NOW than thinking any other day it will be easier!

    UNP mongrels have ruined Sri Lanka with the Western sponsored PUKAPALANA.

    Sri Lanka UNite Under GOTABAYA to make some sense!

    Buddhist Priests should UNITE not go inside the Neo Colonial ass!

    SAVE SRI LANKA!

  2. LION says:

    ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉඩම් අක්කර තිස්දහසක් ඇමෙරිකානු රජය සමග දැඩි ලෙස හිතවත්ම කටයුතු කරන ප්‍රමුඛ පෙලේ සමාගමකට ලබා දීමේ සැලසුමක් අනාවරණය වී තිබේ.

    විශේෂයෙන්ම වක්‍රව ඇමෙරිකානු රජයට මෙහි අයිතිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් මෙලෙස සමාගමක් හරහා ත්‍රිකුණාමලයේ මෙම ඉඩම් අක්කර තිස්දහස මෙම සමාගම හරහා ඔවුන් ලබා ගැනීමට සැලසුම් කර ඇත.

    ත්‍රිකුණාමලය භූම් ප්‍රදේශය සහ වරාය දෙස දෑස් යොමා සිටින එක්සත් ජනපද ආණ්ඩුවට වක්‍රානූකූලව භූමි ප්‍රදේශයේ පාලනය මේ අනූව අක්කර තිස්දහසක ප්‍රදේශයක් පුරා ලබා ගැනීමට හැකි වනු ඇත.

    මේ අනූව ඇමෙරිකානු රජයේ මීළග අවසන් ඉලක්කය වනුයේ ත්‍රිකුණාමල වරාය ද බදු පදනම මත ලබා ගැනීම ය.

  3. Niru says:

    There is always a danger in signing agreements with the USA. History tells us how they abandoned Iraq, Libya, and Afganistan.
    Not only that this month they abandoned the Kurdish people who helped to get rid of ISIS in Syria.

    The USA is an unreliable “friend”. So it is good always to avoid any agreements with them

  4. Sun says:

    They looted the banks and planning to sell the land for few dollars to fill the budget gaps before ruining the country. No one can survive due to too much of debts.

Main News