ජනපති-අගමැති කියන්නේ බොරු.. රාජපක්ෂ යුගයේ බැඳුම්කර වංචාවක් පිළිබඳ බැදුම්කර වාර්තාවේ කිසිතැනෙක සදහන් නෑ…

January 23, 2018 at 12:04 am | lanka C news
ජනපති-අගමැති කියන්නේ බොරු.. රාජපක්ෂ යුගයේ බැඳුම්කර වංචාවක් පිළිබඳ බැදුම්කර වාර්තාවේ කිසිතැනෙක සදහන් නෑ…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

රාජපක්ෂ යුගයේ දී බිලියන 4,000ක වංචාවක් සිදු වුණා කියා බැඳුම්කර වාර්තාවේ තිබෙන බවට ජනපති සහ අගමැති පුන පුනා සෑම විටම සෑම තැනම ප්‍රකාශ කරනවා.  මම පිටු 945ක බැඳුම්කර වාර්තාව මුල සිට අගට කියෙව්වා.  උපලේඛණ විතරයි තවමත් කියවන්න තිබෙන්නේ. රාජපක්ෂ යුගයේදී  එහෙම වංචාවක් පිළිබඳ කිසිම සඳහනක් වාර්තාවේ නෑ.  එහෙම සඳහනක් තිබෙනවා නම් එය තිබෙන්නේ කුමන පිටුවේ ද කියා පෙන්වන්න කියා මේ බොරුව ප්‍රචාරය කරන අයට මම අභියෝග කරනවා.

වාර්තාවේ 915 පිටුවේ වැදගත් සඳහනක් තිබෙනවා.  2008 සහ 2014 අතර කාලයේ දී සෘජු තැන්පතු ක්‍රමයට බැඳුම්කර නිකුත් කිරීමේ දී අයතා කටයුතු සිදු වීමට ඉඩ තිබුණු බවට සාධක තිබෙනවා.  ඒ නිසා වොහාරික විගණනයක් කර එවැනි දෙයක් සිදු වී තිබේ නම් ඊට වගකිවයුතු මහ බැංකුවේ නිළධාරින් හෝ  ප්‍රාථමික තැරැව්කරුවන් හෝ වෙනත් අය හඳුනා ගෙන සිදු වී ඇති අලාභය ගණනය කරන්න කියා කොමිසමේ 11 වන නිර්දේශයේ සඳහන් වෙනවා.

ප්‍රාථමික තැරැව්කරුවන්ගෙන් අල්ලස් ලබා ගෙන සංවේදී අභ්‍යන්තර තොරතුරු ලබා දීම වැනි අකටයුතු කම් මේ කාලයේ  සමහර නිළධාරින් කර තිබෙන නිසා එම යුගයේත් සමහර නිලධාරීන් එසේ කටයුතු කරන්නට ඉඩ ඇතැයි කියන සාධාරන සැකය   මතයි මේ  11 වන නිර්දේශයක් ලබාදී තිබෙන්නේ.

ඒ හැරුණු විට රාජපක්ෂ යුගයේ දී බිලියන 4,000ක බැඳුම්කර වංචාවක් සිදු වුණා කියා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ කිසිම සඳහනක් කර නොමැතිබව අපි ඉතා වගකීමේන් ප්‍රකාශ කරනවා.

– අරවින්ද අතුකෝරල

10 views

7 Comments to “ජනපති-අගමැති කියන්නේ බොරු.. රාජපක්ෂ යුගයේ බැඳුම්කර වංචාවක් පිළිබඳ බැදුම්කර වාර්තාවේ කිසිතැනෙක සදහන් නෑ…”

  1. Wijebahu says:

    This is the same guy who pick pocketed money from ausie businessman.

    • Dinusha Fernando says:

      Although you don’t know, it was revealed in the court that Aussie was a bankrupt rogue who was hired by Pa Cha Ranawaka aka PC Ranawaka to fabricate this story against Hon Udaya.
      At least, read newspapers, just like the President to know the truth.

  2. Sunil says:

    බලාගෙන යනකොට යමපාලන ආණ්ඩුවෙ ඉන්නෙම චේතිය බොරු
    කාරයොනෙ. මුන්ට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද මේ විදිහට අල්ලෙ පැලවෙන බොරු ප්‍රචාරය කරන්නෙ.

  3. Manel says:

    Thank you Mr Gammanpila. We ordinary people do not have time to read this report. It is very helpful for us if someone like enlightening us on these facts. People are fed up with Ranil and Sirisena’s lies. Sirisena’s ‘kaduwa’ , where is it hidden. No action yet for already identified bank robbers.

  4. Mahasona says:

    Was the leader of the opposition sleeping while these things were happening. Ranil is an ineffective and inefficient Leader of Opposition as well as a PM.

  5. indunil says:

    aluth nayakathwayae inimakk….

  6. kappiththaa says:

    ගම්මම්පිල මහතානෙනි. ජනාධිපතිතුමා ඔය කියවන්නෙ වෙන කවුරුහරි කියපු දෙයක්නෙ. මොකද එතුමා ඉංග්‍රීසි දන්නෙ නැහැනෙ. එතුමා වටේ ඉන්නෙත් බොරු කප්පිත්තල ටිකක්නෙ. අපි අනුකම්පා කරමු. (මේ විෂයෙදි විතරක්)

Main News