ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ඩී.ඒ. රාජපක්ෂ, දෝන දන්දිනා දිසානායක ගුණ සමරයි..

November 8, 2021 at 2:24 am | lanka C news
ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ඩී.ඒ. රාජපක්ෂ, දෝන දන්දිනා දිසානායක ගුණ සමරයි..

දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 54වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ‌ ප්‍රධානත්වයෙන් 07 දින පැවැත්විණි.

පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, එස්.එම් චන්ද්‍රසේන,රාජ්‍ය අමාත්‍යවරුන්වන ශෙහාන් සේමසිංහ, ඩී.වි චානක,ජානක වක්කුඹුර,තේනුක විදානගමගේ,දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් පළමුව ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු කමිටුව වෙනුවෙන් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක සහ ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උපුල් දිසානායක මහත්වරු සහ දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලාවක් පළඳවා ගෞරව උපහාර දැක්වූහ.

තංගල්ල වගේගොඩ පුරාණ වජිරගිරිය විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ හිමි මෙහි දී පැවිදි අනුශාසනාව පැවැත්වූහ.

රුහුණු මාගම් පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි සුමන නාහිමි, තංගල්ල පොළොම්මාරුව වනවාස කුඩා විහාරයේ විහාරාධිකාරී ධම්මදින්න මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී මණ්ඩාඩුවේ ධීරානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

මේ අතර වීරකැටිය මැද මුලන පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය දෝන දන්දිනා සමරසිංහ දිසානායකගේ ස්මාරක වෙත 06 පස්වරුවේ ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම මැතිනිවරු පහන් දල්වා දෙමාපිය ගුණ සිහිපත් කළහ.

– රොහාන් වැලිවිට

12,975 views

15 Comments to “ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ඩී.ඒ. රාජපක්ෂ, දෝන දන්දිනා දිසානායක ගුණ සමරයි..”

  1. 0.00069 BIYYO says:

    ආයෙ විශේෂයෙන් සමරන්න දෙයක් නැහැ ….රාජපක්ෂලා ගේ දෙමවුපියන්ම අපේ රටේ මිනිස්සු හැමදාම සමරනවා ….මේ රටට කරමින් යන විනාශය ගැන මතක් කර කර ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ඉන්න අයත් මුන්ගෙ දෙමවුපියෝ සමරනවා

  2. කැලණියේ නයා says:

    සමරන්ට ඕනි තමා කිසිම වැඩක් පලක් රස්සාවක් නොකර කෝටි ගනන් සල්ලි හම්බු කරල එන්ගලන්තෙ රජ පවුලටත් නැති සැප අරන් ඉන්න මේ වගේ දරු මුනුපුරෝ ටිකක් ලෝකෙ කොහේවත් නෑ ඉතිම් එහෙව් පරපුරක් දායාද කරපු එක සමරන්නැතුව කෝමෙයි රටවැසියා නම් උදේ හවස සමරනව මේ දවස්වල.

  3. lolla says:

    කව්ද බං දෝන දන්දිනා කියන්නේ…. අදමයි ඇහුවේ…..දෝන කතරිනා නං අහල තියෙනව්

    • LION says:

      පෘතුගීසින්ට රටපාවා දෝන කතිරිනාගේ නවතම සිහිවටනය ,කුරහන් සාටකේ හොරු රැල ගේ මෑනියෝලු ….ලගදීම බැසිල්ගේ පිළිරුවත් රටේ අගනුවර ප්‍රදර්ශනය කරාවි ….කාටද ආඩම්බර 69 ලක්ෂයක් පොහොට්ටුවට ජන්දේ දුන් මොඩයින් ට නේද ? රටේ ආණ්ඩුවේ සේවකයින්ට වැටුප් ගෙවන්න මුදල් නැහැ ..මේවට ඕනෑතරම් මුදල් තියනවා දන්දිනා වෙනුවෙන් රටේ මුදල් නාස්ති වෙන හැටි