ජනපති අගමැති මට කැමති නෑ.. මං ඉල්ලා අස්වෙනවා.. මට ඉන්න ගෙයක්වත් නෑ.. කුලියට ගෙයක් හොයාගන්න ඔ්නෑ..- පොලිස්පති

October 15, 2018 at 9:20 am | lanka C news
ජනපති අගමැති මට කැමති නෑ.. මං ඉල්ලා අස්වෙනවා.. මට ඉන්න ගෙයක්වත් නෑ.. කුලියට ගෙයක් හොයාගන්න ඔ්නෑ..- පොලිස්පති

හැමෝගෙම උවමනාව තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම සමු ගැනීමට සූදානම් බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලංකාදීප පුවත් පත සමග අදහස් පල කර ඇත.

‘දැන් හිටියා ඇති කියලා හිතෙනවා. මම පොලිසියේ අවුරුදු තිස්තුනක් අවංකව රාජකාරි කළා. එක ගල් කැටයක් වත් කාගෙවත් අරගෙන නෑ. හරි හම්බ කර ගත්තේ මිනිස්සු සහ ආත්ම ගරුත්වයයි නමයි විතරයි. මෙහෙම වැඩ කරද්දි ගල් විතරක් නම් ලැබෙන්නේ තවදුරත් තනතුරුවල ඉඳලා වැඩක් නෑ.

දැන් මට ඉතිරි අම්මගේ ආදරය පවුලේ සෙනෙහසයි විතරයි. මට තාමත් ඉන්න ගෙයක් නෑ. දරුවන්ට ඉන්න තැනක් තියෙන්න ඕන නිසා කුලියට වත් දෙයක් හොයාගන්න ඕනේ’

ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපති හෝ අගමැති දැනුම්දීමක් කර නැතත් ඔවුන්ගේ ඇගවීම් තමනට තේරෙන බවත් ඔවුන් තුළ තමන් ගැන කලකිරීමක් ඇත්තේ නම් තනතුරේ තවත් හිඳීමෙන් වැඩක් නැති බවත් ඔහු සඳහන් කළේය.

139 views

35 Comments to “ජනපති අගමැති මට කැමති නෑ.. මං ඉල්ලා අස්වෙනවා.. මට ඉන්න ගෙයක්වත් නෑ.. කුලියට ගෙයක් හොයාගන්න ඔ්නෑ..- පොලිස්පති”

  1. නැවුම් මාවත says:

    මෙයා අස්වුනොත් වැඩියෙම පහර වදින්නෙ අපේ පාට-ලී මැතිතුමාට.
    එතුමා අර රාජගිරියේදී තරුණයෙක් අනතුරට ලක්කර පලාගිය සිද්ධියේ CCTV දරශන මකා දාපු එකත් ඇදිල එයිද?

  2. දුමිල්කා දුව says:

    මාමේ යන්න එපා මාමේ. නුවර අපි ඔයාට හරි ආදරෙයි

  3. පූජිත ජයසුන්දර කියන්නේ ඉතාම හොඳ අවංක මහත්මයෙක් එතුමා අනිත් නිලධාරීන් වගේ හොරාකාලා පගා ගහලා නෑ එ වගේම හොඳ බෞද්ධයෙක් සරල පුද්ගලයෙක්.පොලිස් නිලධාරියෙක් හැටියට එකම හරිම අවංකව තමන්ගේ රාජකාරිය ඉටු කරනවා කවදාවත් පරීක්ෂණ වලට බලපෑම් කරන්න උසස් නිලධාරීන්ට ඇමතුම් දීල නෑ ඒ වගේම එක එක මැති ඇමතිලා කියන විදිහට එක එකාට කඩේ යන්නෙත් නෑ ඒ නිසාම තමයි මෙතුමා එක්ක තරහ මොකද උන්ව ගණන් ගන්නේ නැති නිසා. කාලෙකට පස්සෙ පත්වුණු කෙනෙක් හොඳ DIG කෙනෙක් තමයි මෙයා. අපේ රටේ කොහොමත් හොඳ මිනිස්සුන්ට වැඩිකල් රාජකාරියක් කරන්නවත් ජීවත් වෙන්නවත් බෑ පොසොන් වංචාවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට තමයි රටේ තැන තියෙන්නේ සියල්ල දන්නවා වගේ මෙතන දාලා තියෙන කමෙන්ට් වලින්ම ඒක පේනවා ඒත් පොලිසිය ඇතුළු පුද්ගලයෙක් හැටියට මෙතුමාගේ අවංකභාවය අපි දන්නවා ඒ නිසා එතුමා එතුමාගේ මුළු රාජකාරි කාලය ම නිම වෙන තුරු සේවයේ රැඳී සිටීම තමයි වැදගත්.

Main News