ජනපති-අගමැති-මලික් රහසේ හමුවෙති.. සාකච්චාවේ කිසි තොරතුරක් නෑ..
April 1, 2019 at 10:52 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති මලික් සමරවික්‍රම යන තිදෙනාගේ රහසිගත හමුවක් ඊයේ දිනයේ සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙම හමුව සිදුව ඇත්තේ මහනුවර පිහිටි මලික් සමරවික්‍රම මහතාගේ නිවසකදීය.
එහිදී ඔවුනට දිවා ආහාරයද සූදානම් කර තිබී ඇත.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාරයෙන් ගෞරව සම්මානය ලබා දීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු මෙම හමුව සිදුව තිබේ.
මෙහිදී තිදෙනා අතර කුමන ආකාරයෙන් සාකච්ඡාවක් වූයේ දැයි කිසිදු තොරතුරක් නැත.
Mr President your days are over. Your wrong miscalculated move in contesting the last presidential elections ruined your career in politics. There is no come back for you for sure.