ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත් පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී….

November 15, 2020 at 2:09 am | lanka C news
ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත් පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී (14) පස්වරුවේ පැවැත්විණ.

රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපතිතුමා ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය නිමිති කොට සෙත් පැතීමේ පිංකම සංවිධාන කෙරිණ.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ පිංකමට දිවයිනේ නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ.

මිරිසවැටිය පුදබිමේ බුද්ධ මන්දිරයේ බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් පූණ්‍ය කර්මය ආරම්භ විය.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා දුටුගැමුණු මහ රජතුමාගේ ප්‍රතිමාවට මල් මාලා පළදවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය ස්තෝත්‍ර කියවීම සිදු කළහ.

මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගර්භයේ තැන්පත් කර ඇති ජයකොන්තයට පහන් දැල්වීම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් කරනු ලැබීය.

ජනාධිපතිතුමා දැහැත් වට්ටිය පිළිගන්වා මහා සංඝරත්නයට සෙත් පිරිත් සජ්ජායනාවට ආරාධනා කළේය.

සෙත් පිරිත් සජ්ජායනයෙන් අනතුරුව මල්වතු, අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේ අටමස්ථානාධිපති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට තිළිණ පිළිගැන්වූහ.

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට පිරිකර පුජා කළ අතර, ජාතික, ආගමික සහ සාමාජයිය මෙහෙවර උදෙසා මහා සංඝරත්නය වෙනුවෙන් උපහාර තිළිණ පිළි ගැන්වීම සිදු කෙරිණ.

මැති ඇමතිවරු, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්ය අංශය

13,862 views

14 Comments to “ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත් පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී….”

  1. බොදවුනු සිහින..... says:

    පාර්ලිමෙන්තු චන්දයට පෙර ලෝකයේ සාරර්ථකම සහ පාලනය අතින් ඉහලම රට ශ්‍රී ලංකාවයි..!, ඡනාධි සහ භමුධාපති සියල්ල ඉතා මනාව කලමනාකරනය කරනලදී. නමුත් පාර්ලිමෙනතු ඡන්දයෙන් පසු ශ්‍රී ලංකාවේ පාලනය අතින් ඉතාම දුර්වලම විනාශකාරී සහ විනාශකරී භාවෙය් අඩියටම අැදවැටිම පැහැදිලිවම දකින්නට ලැබින..! පාර්ලිමෙන්තු ක්‍රමය පවතින රටවල දුෂණය වන්චාව ඉහලබැවින් සහ පලනය දුර්වල බැවින් වෙෙරස පාලනයද පාර්ලිමෙන්තු ක්‍රමය පවතින රටවල් අසාර්ථකය!

    • සමන්ත says:

      අගමැතිතුමාගේ වරදින් මේ හැමදේම වෙන්නේ. එතුමන්ට තාමත් බැරිවුණා අලිසබ්‍රි නම් අන්තවාදීයාගේ කට වහන්න. එසේ නොමැති නම් කොරෝනා මරණ භූමිදානය කාත්තන්කුඩි වල හරි සයින්දමාරු වල හරි කරන්න කියන්න. මොකද මේ ප්‍රදේශ දෙකේ ඉන්නේ 100%ක්ම මුස්ලිම් නිසා. කොහොමත් දෙවියෝ ඒ පැත්තේ ඇති.

  2. Rama says:

    Teruwan saranayai 🙏.ape lankawa ta ..❤️

  3. Upul Attanayake says:

    I really don’t understand what a Stupid politics. Why these Leaders Breaching Law .Law must be Above The Religion. this Country never going to make things Happening . Developed any country’s Not care Temple ,Mosque, Church They make Rule living together .no one talk about religion. poor All Asian Country’s Same Box

  4. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව 25 දෙනෙකුට අඩුවෙන් වගෙයි සහභාගි වෙලා තියෙන්නෙ …🤣

  5. බෞද්ධ බයිලා says:

    තවත් සන්දර්ශනයක් කරන්න වගේ ලෑස්තිය !!
    We will never understand the difference between reality and wishful thinking!

  6. බූරු පුතානෝ සජීයා says:

    අපි ෆේල් නෑ. ඒකයි පන කඩාගෙන පන්සල් ගානෙ දුවන්නෙ.

  7. Siyathu says:

    After 20A he said he will solve all problems. Looks like 20A is not enough and now he wants help from heaven! Poor Srilanka is poorer yet again! Don’t cry Srilanka!

  8. Nimal says:

    සාදු සාදු සාදු 🙏🙏 ලංකාවාසී සහ ලෝ වාසී සැමට සෙත් වේවා…!!!
    රතන සුත්‍රයේ තුනුරුවන් ගේ මහා ගුණ කදේ බලෙන් සියලුම සත්වයෝ
    සුවපත් වෙත්වා ..

  9. Vidora says:

    Kala Vipatti

    The rule is incompetent wicked leaders is called kala vipati. Times of war and countrywide disorder are also called kala vipatti. At such times, akusala kamma is opportune to produce bad results. Consequently people suffer poverty and famine. Even those endowed with kusala kamma cannot enjoy their good results at such bad times. People live in catastrophe; the sick die for lack of medical care. Such are the evils of kala vipatti.
    This relates to all World leaders and governments that have failed In above ways specially Covid pandemic

  10. saman says:

    ජාතියේ පිනට පහලවු අතිගරු ජනදිපතිතුමාට සහ අතිගරු අගමැතුමාට ජයවෙවා. ඔබතුමාල දෙදෙනා නැතිනම් මෙලහකට රටෙන් භාගෙටත් වඩා covid වලින් මැරිලා.

Main News