ජනපති-අගමැති විරසකය ඉහලට.. තේ නොබී ජනපති යන්න යයි..

May 9, 2018 at 9:20 am | lanka C news
ජනපති-අගමැති විරසකය ඉහලට.. තේ නොබී ජනපති යන්න යයි..

ඊයේ දිනයේ උත්සව ශ‍්‍රීයෙන් පාර්ලිමේන්තු නව සැසිවාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ආරම්භ කිරීමෙන් පසු සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයට ජනාධිපතිවරයා සහභාගී වූයේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාම්ප‍්‍රදායික තේ පැන් සංග‍්‍රහය පැවැත්වින.

මීට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති දේශපාලන විරසක භාවය යයිද වාර්තා වෙයි.

විශ්වාස භංගයේදී හා ඇමති මණ්ඩල සංශෝධනයේදී ඇති වූ සිද්ධීන් හේතුවෙන් මෙම විරසකය වැඩි වී ඇති බවද වාර්තා වෙයි.

ඉදිරි කාල සීමාව සදහා වූ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ගජමිතුරැ ආර්ථිකය පරදා රට ගොඩගත යුතු බවකි.

72 views
Main News