ජනපති අගමැති සීතල යුද්දයක.. ජනපතිගේ විද්වත් කමිටුව නොතකා නාමල්-රෝහිතගේ නැන්දා, මාමා ගුවන් සේවයේ අධ්‍යක්‍ෂවරුන් කරලා..

January 16, 2020 at 10:40 am | lanka C news
ජනපති අගමැති සීතල යුද්දයක.. ජනපතිගේ විද්වත් කමිටුව නොතකා නාමල්-රෝහිතගේ නැන්දා, මාමා ගුවන් සේවයේ අධ්‍යක්‍ෂවරුන් කරලා..

අද වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එනිසා ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව පෙනී යන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

රටේ යහපත් වෙනසක් බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූ ජනතාවගේ බලාපොරොත්තු මේ වන විට කඩ වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජයේ ආයතන වලට ඉහළ තනතුරු සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටුව පසෙක තබා අද වන විට පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් පැත්තකට විසිකර නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්ද ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු පිරිනමා ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

255 views

29 Comments to “ජනපති අගමැති සීතල යුද්දයක.. ජනපතිගේ විද්වත් කමිටුව නොතකා නාමල්-රෝහිතගේ නැන්දා, මාමා ගුවන් සේවයේ අධ්‍යක්‍ෂවරුන් කරලා..”

  1. Mc says:

    පල පල මෙතන අවුලන්නෙ නැතුව. තොපි අවුරුදු 5ක් කොරෙ. අයෙත් තොපි වගෙ හිවල්ලු ගෙන්න තරම් අපිට පිස්සු නැ බොල.

  2. NAK says:

    After seventy years of two party politics which nearly ruined the country A golden opportunity has arrived for the country to be ruled by an entirely different party with different people.
    Yes, there are some remnants from the old school but they too will be smoothed out in time.
    The two main parties which ruined the country has ultimately met their fate and come to the end of their useful life.

  3. බන්ඩා says:

    මහින්ද ගෝඨා හැල හැප්පිලි හොයන්නෙ නැතුව යූඑන්පීය ට වැරදුනේ කොතනද කියල හොයා ගත්තොත් උඹට මංත්‍රී කමවත් රැක ගන්න හැකි වේවි බන්ඩාරයො.

Main News