ජනපති-අගමැති හෑල්ලු කල නිවේදනය ඉල්ලා අස්කර ගන්නැයි පොහොට්ටු ලේකම්ට දැනුම් දේ..

June 15, 2021 at 10:02 pm | lanka C news
ජනපති-අගමැති හෑල්ලු කල නිවේදනය ඉල්ලා අස්කර ගන්නැයි පොහොට්ටු ලේකම්ට දැනුම් දේ..

ඉන්ධන මිල ඉහළ දැමීම ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩු විසින් ගත් සාමූහික තීරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය පසුපස සිටින අදෘශමාන බලවේගය කවුරුන් දැයි තමන් නොදන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා එම නිවේදනයෙන් ප්‍රසිද්ධ කළේ තම මතයද පක්ෂයේ මතය දැයි තමන් නොදන්නා බව ද ඇමතිවරයා පැවසීය.

එකී නිවේදනය තමන් පිළිගන්නේ හෝ අනුමත කරන්නේ ද නැතැයි පැවසූ ඇමතිවරයා එය වැරදි නිවේදනයක් බවත් මහලේකම්වරයා එම නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවත් අවධාරණය කලේය.

මෙවන් ලිපියක් නිකුත් වීමට බලපෑ අදෘශ්‍යමාන බලවේගය කවුදැයි ආණ්ඩුව තුලද ප්‍රශ්නාර්ථයක් ඇතැයි ද කී ඔහු ආණ්ඩුවක් වූ විට මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

දෙරණ රැපවාහිනියේ 360 වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

33,731 views

6 Comments to “ජනපති-අගමැති හෑල්ලු කල නිවේදනය ඉල්ලා අස්කර ගන්නැයි පොහොට්ටු ලේකම්ට දැනුම් දේ..”

  1. ගස් උඩ " සූම් ඉස්කෝලේ " says:

    දුටුවද ලමයි ගස් උඩ නගිනව වයිෆයි ගන්ට
    ලෙන්ගතුවම ඉල්ලන්නෙ එය ලබලා දෙන්ට
    අහසින් වඩින ගෝටා දෙවිඳු ඉටු කර උන්ට
    දුන්නම ඔය හෑල්ලු මැකේ ගූගල් සූම් යන්ට

    • රජාන්ගනේ -යය-7-BOC-පිම්පි- චාමර-සුහද මාවත says:

      මල්ලි අපි උපන් ගෙඉ සල්ලි කාරයෝ, මම අස්සරේ කරන්නේ full සල්ලිකාරයෝ පමණි
      ඉස්සර මම fun එකට රෙන්නේ පොල්කොට දෙක දාපු වැසිකිළියක. මට ඕව මතක නැ

      හවසට ලොකු මල්ලි ඔයාගනේ සෙට් වෙමුද හූ හූ හූ හූ

  2. Victor says:

    දැන් වෙන්නයන්නෙ මෙම ලේඛම් මන්ත්‍රිදූරයෙන් අස්වෙලා ඒක බැ සිල්ට දීමයි.

  3. දලූබන්ඩෙක් බැබිල ගහක් උඩ රුන්නාලූ says:

    අයියෝ මහ ලෙවකම් තූමාත් බැබිල ගහ උඩ රුන්න දලූබංඩෙක් උනා. නිකන් ගාගන්නව. කාටද ආඩම්බර?

  4. පොහොට්ටු පිපී ආවා says:

    මේවා සියල්ල පොහොට්ටු  පක්ෂය තුලින් පෙර  සැලසුම් සහගත නාටක. මාතෘකාව උදෙසා මහජනයාගේ කැලඹීම නවත්වන්න පක්ෂය තුලින්ම පිරිසක් දෙකට බෙදී රගදක්වනවා. අපි මේවාට හසුනොවිය යුතුය. අතිශයින්ම දුර්වල විපක්ෂයක තියෙන රටක සුලභ නාටක. මෙවැනි බොහෝ නාටක ඉදිරියට රගදැකවීමට නියමිතයි. පසුව නටක අවසානයේ  සියල්ලෝම අපගේම  අත්පොළසන් මැද වේදිකාව ඉදිරියටවිත් සිප වැලඳ ගෙන  නැවතත් ඊලඟ ඡන්දයට  ඉදිරිපත්වනු දැකීමට නියමිතයි. හා..හා…

  5. පොරමෝලා says:

    හස්තය බැස්ල්ගෙ තමයි. ඔහුගේ දේශපාලනයේ තිඹරි ගෙය සිරිකොත බව සිහිපත් කල යුතුයි