ජනපති අඩවිය හැක් කල සිසුවාට ජනපතිගෙන් තෑගි..

November 18, 2016 at 8:02 am | lanka C news
ජනපති අඩවිය හැක් කල සිසුවාට ජනපතිගෙන් තෑගි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් පරිවාස භාරයට පත්කර ඇති පාසල් සිසුවාට ජනාධිපිවරයා විසින් ඊයේ දිනයේ තිලිණයක් ප‍්‍රධානය කලේය.

ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයට කැඳවා සිසුවාට මෙම තිලිනය ලබා දී ඇති අතර සිසුවා සම්බන්ධයෙන් වූ නීතිමය කටයුතු ඉක්මන් කර අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටට උවමනා පසුබිම ගැනද ජනාධිපතිවරයා විසින් අවධානය යොමු කර ඇත.

457

307 views
Main News