ජනපති අණත් නොතකා දිල්රුක්ෂි අල්ලස් කොමිසමේ තවමත් වැඩ…
October 20, 2016 at 3:00 pm | lanka C news
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වූ එහි හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මේ වන විටත් එම කොමිසයේ ධුරයේ නිල කාමරයේ කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
ඇගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් දිනයේ පිලිගනු ලැබූ අතර එම ධුරයේ වැඩ බැලීම සදහා කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරියක් වන සුනේත්‍රා ජයසිංහ මහත්මිය පත් කරනු ලැබීය.
ඉදිරි පරීක්ෂන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ආදී කරුණු ගැන හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය උපදෙස් දෙමින් සිටින අතර මේ තත්වය මත කොමිසම පරිපාලනය අවුල් සහගත තත්වයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.