ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..

May 15, 2020 at 12:02 am | lanka C news
ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..

පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීමේ අරමුණින් හෙට(15) දින සිට මෙම නාවික හමුදා අනුඛණ්ඩය මුහුදු මහා විහාරයේ ස්ථාපනය කරන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විහාරස්ථානයේ ඉඩම් හිමිකම් ගැන මේ දිනවල සිදුවන විවිධ ගැටුම් පිළිබඳ සොයා බැලීමට පැමිණෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා අද පස්වරුවේ එම විහාරස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මේ අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාරවරියට අමතරව,වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මුහුදු මහා විහාරයට ඉඩම් අක්කර 72 අයිතිව ඇති බව සඳහන් වුවද මේ වන විට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 14 ක ප්‍රමාණයක් බව ද මෙහිදී හෙළි විය.

විහාරයට අයිති සියලු ඉඩම් යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මින් ඉදිරියට විහාරස්ථානය සතු එක වැලි කැටයක් හෝ කිසිම පුද්ගලයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ඉදිරි සතියේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර දිගවාපිය විහාරස්ථානයට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් ද වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර එම ඉඩම් නැවත ලබාගැනීම සඳහා ද කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය. දිගවාපිය විහාරස්ථානය ද නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ඊයෙ දීඝවාපිය විහාරස්ථානයට ද ගියහ.

– ada

312 views

110 Comments to “ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..”

  1. Aurora says:

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති කරන්න දුන්න චන්දේ අපතේ නොගිය බව සනාථ වෙමින් තියනවා. චීරන්ජයතු!

  2. Ayatollah says:

    We sincerely hope that Governer Mrs Anuradha Yahampath along with Secretary Defence Kamal Gunaratne will respore the rights of the viharaya grabbed by the muslim extremists and protect the rights for the next century. All who has grabbed the land has to be chased out and with due punishment. Do not allow the politics of SLMC to interfere

  3. පුදුම හැගීමක් දැනෙනවා. අපේ බලාපොරොත්තු එ විදිහටම ඉටුවෙනවා. පර හම්බයින් තොපේ Pig vote වලින් නෙමෙයි අපි රජයක් පිහිටවුයේ. අපි නියම සිංහලයෝ බොලව්…!
    අපි යක්ක පරපුරේ බොලව්……..!
    ජයවේවා ජනාධිපතිතුමණි……..!

    • Saradiel says:

      දැන් සිටින ජනපති අපේ සිංහල බෞද්ධ ජන්දෙන් පත්කරපු ජාතික වීරයෙක් ..අන්තවාදී හම්බයින්ට දෙමළ ජාතිවාදීන්ට නටන්න දැන් බැහැ
      නීතියටයි වැඩ …හම්බ ,දෙමළ කෙරුම් ඉවරයි

  4. View says:

    දෙවියන් වහන්සේ ලාංකික වන අපිට පිහිට වු සේක. ගෝඨාභය ජනාධිපතිතුමණි ඔබතුමාට ජේසු පිහිටයි.

  5. සරා says:

    ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙකුට බලය ලබාගත් දිනයේ සිට මේවැනි අති ප්‍රබල අභියෝගවලට මුහුදෙන්න සිද්ද වෙලා නැහැ.දේශපාලනයට නවකයෙකු වු ඔබතුමා ඒ සියළු ප්‍රශ්නවලට නිර්භීතව මුහුන දුන්නා අත්දැකිම් ලබා ගත්තා. ඒවගේම අනෙක් රාජ්‍ය නායකයන්ට මෙවැනි අභියෝග ආවේ තම පාලන කාලසිමේ අවසාන භාගයේදියි.දැන් ඔබතුමා ඉදිරියේදි එන සියළු අභියෝගවලට සාර්ථකව මුහු දිය හැකි පන්නරය ලැබි තියෙනවා.අපි ඔබතුමා මේ රටේ ජනාධිපති විදියට පත්කලේ එන සියළු ප්‍රශ්නවලට ඉක්මන් සාර්ථක තාක්ශණික තින්දු තිරන ගනිවි කියන බලාපොරෝත්තුවෙන්.දැන් ඔබතුමා නිවැරදි වෙලාවට නිවැරදි තාක්ෂණික තින්දු තිරන ගන්නා බව හොඳට පෙනෙනවා.අපි හිතනවා ඉදිරි අවුරුදු 10 ඔබතුමා මේ රටට ඉතා හොඳ සාධනීය තැනකට ගෙනේවි කියලා.ඒවගේම ඒ සඳහා ඔබතුමාට අවශ්‍ය පාර්ලිමේන්තු බලය අපි උපරිමයෙන් ලබාදෙනවා.හැම ප්‍රශ්නයටම තාක්ෂණික තින්දුවක් ගන්නවා නම් අපේ රට මේ තත්වයෙන් ඉහලට එනවා මයි.බලන්න මුහුදු විහාරයේ ප්‍රශ්නය වහපාලන ආන්ඩුව මුස්ලිම් හා දෙමල අන්තවාදයට යටවෙලා මේක උඩු දුවන්න දුන්නා.දැන් ඉතින් උන්ට යන එඑන මං නැති වෙනවා.මෙම භුමියේ ඉන්න සියල්ල ඉවත්කර වෙනත් තැනක පදිංචි කරවන්න.

  6. හිටං says:

    ගහලාහරි ගනින් අපේ උරුමය රැකගන්න නැත්නම් කවුරුත් නැහැ …

  7. Nuwan says:

    Not only this. All areas that is been designated by our old kings must be protected.

    Helaya is a sleeping Giant ! The right leadership is there now.

  8. Jagath Silva says:

    uthuru neganahira palath dekama puravidya karav

  9. Harsha says:

    Excellent…
    Proud of my vote sir..

  10. Harsha says:

    Excellent work
    Proud of my vote sir..

Main News