ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..

May 15, 2020 at 12:02 am | lanka C news
ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..

පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීමේ අරමුණින් හෙට(15) දින සිට මෙම නාවික හමුදා අනුඛණ්ඩය මුහුදු මහා විහාරයේ ස්ථාපනය කරන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විහාරස්ථානයේ ඉඩම් හිමිකම් ගැන මේ දිනවල සිදුවන විවිධ ගැටුම් පිළිබඳ සොයා බැලීමට පැමිණෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා අද පස්වරුවේ එම විහාරස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මේ අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාරවරියට අමතරව,වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මුහුදු මහා විහාරයට ඉඩම් අක්කර 72 අයිතිව ඇති බව සඳහන් වුවද මේ වන විට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 14 ක ප්‍රමාණයක් බව ද මෙහිදී හෙළි විය.

විහාරයට අයිති සියලු ඉඩම් යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මින් ඉදිරියට විහාරස්ථානය සතු එක වැලි කැටයක් හෝ කිසිම පුද්ගලයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ඉදිරි සතියේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර දිගවාපිය විහාරස්ථානයට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් ද වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර එම ඉඩම් නැවත ලබාගැනීම සඳහා ද කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය. දිගවාපිය විහාරස්ථානය ද නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ඊයෙ දීඝවාපිය විහාරස්ථානයට ද ගියහ.

– ada

250 views

110 Comments to “ජනපති අණින් ආරක්‍ෂක ලේකම් ත‍්‍රිවිද හමුදාවම සමග මුහුදු මහා විහාරයට යයි.. උරුමය රැකදෙන්න හමුදා කදවුරක් එහි ඉදිකරයි..”

  1. Dikman Aiyya says:

    ……Polonmaru PABAYA,..Gal Ponziyai totaly destriyed this country last 4 years,….ammage redde YAHAPAALNAYA,…Redda ussagena idala ekeee arinakam….Thanks Gota,..we love you!

  2. Chinthana says:

    Clear Lands… “Hela Jaathiya…” Hela Jaathiyata Pana…” Hela Jaathika Abimaane……..

  3. ExUNPer says:

    Well done!
    We have the right to protect these…
    Whether it is Buddhist, Hindu, Tamil, or Muslim, it is every citizens duty.
    Anyone who rejects this would be an utter racist/extremist.

  4. Niroshana says:

    පහු වෙලා හරි කරපු දේ විශිෂ්ටයි මේ රටෙි වැලලුන වලලපු අභිමානය ඇති කර සිවි හෙලය අති කිරීමටයි ඔබට අපගේ ඡන්දය දුන්නෙ…ජය වෙිවා බුදු සරණයි!!!

  5. mali says:

    give lands to sinhalese people as well if so they can stay and look after these tmples otherwise when another government come into power they will remove the navy camp within seconds and these people will grab all the lands again with the help of UNP/Jvp and Richrds etc. we need to change the demography of these areas otherwise we can not stop racism based land grabbing.sinhalese need to settle in these areas rather than living in a 2 perch land in colombo and suberbs.

    • Dikman Aiyya says:

      …true,…there should be a strong law to protect all these lands and archeological places from YAHAPAALANAYA like setups and fking governments,…so nobody can mess around with these lands and places. Hope and pray that GOTA would do this and complete this job

  6. අල්ලපු ගෙදර තිනන් says:

    සෑම බෞද්ධයාම බැලිය යුතුම වීඩියෝවක්:: https://youtu.be/FaDyf8NDkSo

    • Christopher says:

      සැබෑම සත්‍යයක්! මමත් දැන් තමයි මෙම වැඩසටහන නැරඹුවේ.
      මෙය පලකලාට බොහොම ස්තුතියි.

  7. Your program is very very versatile.an example fro the whole country.
    Thank you
    Very Much
    Sir

  8. කෝරලේ says:

    මගෙ ඡන්දය විශිෂ්ඪ ආයෝජනයක් වෙලා. Hats off president.

  9. Eranda says:

    69 ලක්ෂයක ජනතාවගේ තවත් ජයග්‍රහණයකි.

  10. sumith says:

    Excellent action by the Government, more action expect to protect the Buddhism.

Main News