ජනපති අණින් බැඳුම්කර බෑණාගේ සමාගම අත්හිටුවයි..

January 21, 2017 at 4:40 pm | lanka C news
ජනපති අණින් බැඳුම්කර බෑණාගේ සමාගම අත්හිටුවයි..

මහත් ආන්දෝලනයකට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) සමාගමට අයත් ගිණුම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම තීරණය ගෙන තිබෙන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු නොකරන බවට ආණ්ඩුව වෙත දිගින් දිගටම එල්ල වන චෝදනා පදනම් කරගෙන රජයේ වගකිවයුතු නිලධාරීන් ඇතුළුව මූල්‍ය උපදේශකවරුන් සමඟ දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ලබා දුන් වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙනි.

මේ වන විටත් අදාළ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමක් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ද ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයා පැවසීය.

වැඩිදුරටත් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයා පැවසූ ලෙස අග්‍රාමාත්‍යවරයා සිය විදේශ සංචාරය නිම කර මෙරටට පැමිණි වහා මූල්‍ය උපදේශකවරුන් විසින් ලබා දුන් වාර්තාවට අනුව කටයුතු කිරීමට නියමිතව ඇත.

එසේම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ ද මත දෙකක් තිබීමත් අදාළ ගනුදෙනුව සම්බන්ධව සිදු කළ කෝප් කමිටු විමර්ශනය ද විවාදාත්මක වීමත් යන කාරණා ද මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.

අප ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කිරීම සම්බන්ධව පැවැති සාකච්ඡාවල දී මූලික වශයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් හෝ කමිටුවක් හරහා කඩිනමින් එය සිදු කළ යුතු බවට යෝජනා වී ඇති අතර ඊට ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වවල ද එකඟතාව පළව ඇත. එම විමර්ශන කටයුතු දවසක් එන තෙක් පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීමට යෝජනා වී ඇත්තේ ද ඉහත සාකච්ඡාවල දී මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින්ය.

එසේම අදාළ විමර්ශනය සිදු කිරීමේ දී බැඳුම්කර මිලදී ගත් ප්‍රාථමික ගැනුම්කරුවා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හැර ද්විතීයික ගැනුම්කරුවන් වෙත කිසිදු බලපෑමක් සිදු නොවිය යුතු බව ද එම සාකච්ඡාවල දී අවධාරණය වී ඇත. එසේම සිදු කරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් එසේ නොවුනහොත් බැඳුම්කර වෙළෙඳපොළ මෙන්ම කොටස් වෙළෙඳපොළ ද බරපතළ අවදානමකට ලක් විය හැකි බවත් එනිසා එම අවදානම් සියල්ල පිළිබඳ මනා අවධානයකින් යුතුව විමර්ශන සිදු කළ යුතු බවත් එම සාකච්ඡාවන්ට සහභාගී වූ පාර්ශ්ව පෙන්වා දී ඇත.

තව ද පසුගිය දා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේ දී ද බැඳුම්කර ගනුදෙනුවට අදාළව ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඊට එක් වූ මන්ත්‍රීවරුන් ද අවධාරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාව ද සම්බන්ධ කර එල්ල වී ඇති එම චෝදනා ආණ්ඩුවට එරෙහිව බරපතළ අවියක් කරගෙන ඇති තත්ත්වය වළකා ගන්නට තමන්ට ද අවශ්‍ය බවය. ඒ වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන බවත් ඊට තමන් ද එකඟ බවත් ඔවුන් සපයා ඇත.

මේ පිළිබඳ අප කළ විමසුමක දී මූල්‍ය විශ්ලේෂකයන් සඳහන් කර සිටියේ අදාළ බැඳුම්කර ගනුදෙනුව රාජ්‍ය භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව සිදු කළ නෛතික ගනුදෙනුවක් නිසා කුමන විමර්ශනයක් සිදු කළත් එය ඉතා ප්‍රවේශම් සහිතව සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවය. එසේ නොවුණහොත් එය මෙරට මූල්‍ය වෙළෙඳපොළේ ආයෝජනය කර සිටින පාර්ශ්ව මෙන්ම ඉදිරියේ දී ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයන් වෙත සෘණාත්මක උත්තේජනයක් සපයනු ඇති බවය.

– සංජය ලියනගේ
Sathhada

8 views

30 Comments to “ජනපති අණින් බැඳුම්කර බෑණාගේ සමාගම අත්හිටුවයි..”

  1. sky says:

    ඇයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) සමාගමට අයත් ගිණුම් සියල්ල තාවකාලිකව අත්හිටුවන්නේ .
    .සම්පුර්ණයෙන්ම තහනම් කලයුතුයි
    රනිල් එනතුරු ජනතාව රැවටීමක් නේද මේ කරන්නේ ?

    • suji says:

      ඔය අත්හිටුවීම මෙයාට කොරන්න දෙන්නෙ නෑ රනිලා. ඌ නැති කොට මෙයා චන්ඩිය වගෙ කතා කොරනව. තව දවස් දෙකකින් කියයි මං එහෙම කිව්වෙ නෑ කියල.

  2. Champa says:

    Wow!!!! Super! Super!! Super!!!

    ජනාධිපතිතුමා ජනතා හඬට කන්දීලා, සමාජයේ විවිධ පාර්ශවයන් බැඳුම්කර වංචාවට එරෙහිව දක්වපු කරුණු වලට කන්දීලා, ඒවා පිලි අරන් තියෙන එක ගැන හරිම සන්තෝසයි.

    Inside information අරගෙන වංචාවෙන් උපයා ගත්ත, මේ සමාගමේ සියලු වත්කම් ආණ්ඩුවට ලැබෙනවා. ඒ බිලියන් ගාන හොඳටම ඇති, රටේ ඉදිරි කටයුතු වලට.

    දුප්පත් මිනිස්සුන්ට දුක් විඳින්න වෙන්නේ නැහැ. බදු බරත් අඩු කරන්න පුළුවන්. ගොවීන්ට සහනාධාර දෙන්නත් පුළුවන්. කෘෂිකර්මාන්තය, ග්‍රාමීය කර්මාන්ත නංවන වැඩ පිළිවෙලකට කෙලින්ම යන්න පුළුවන්. අපේ වටිනා සම්පත් කිසි දෙයක් විකුණන්න වෙන්නේ නැහැ. මගේ සතුටට සීමාවක් නැහැ.

    මහබැංකු බැඳුම්කර වංචාවේ මහා මොළකරු අගමැටිතුමා අනිවාර්යයෙන්ම ඉල්ලා අස් වෙනවා. අස් වුනේ නැත්නම්, අස් වෙන්න කියලා රටම එක හඬින් නැගී හිටින්න ඕනේ. පලි ගැනීමේ චේතනාවක් මගේ හිතේ නැති නිසා හිරේ දැමිය යුතුයි කියලා කියන්නේ නැහැ.

    විමල් – අපි සව්දිය පුරමු……… We should celebrate!!! බැඳුම්කර වංචාව ගැන හොයන්න කියලා ඔබ කරපු සටන දිනන්නයි යන්නේ. අර ඔයා කියපු “බැඳුම්කරේ” පත්තරේ ඒකත් නවතිනවා. “බැඳුම්කරවාහිනී” ඒකත් නවතිනවා.

    ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න මම ගත්ත තීරණය හරියටම හරි. විමල්, මගේ තීරණය නිසා වික්ෂිප්ත වෙලා හිටපු ඔබට මම එදා කිව්වා, මම අවුරුදු දෙකක් තිස්සේ ඔබ පස්සේ ආව, දැන් ඔබ මගේ පස්සේ එන්න කියලා. එනවද? (I am joking).

    බලන්න විමල්, මම “ඊයේ” කතරගම දෙවියන්ට ලියපු කවියක් මේ Editor දැම්මෙ නැහැ. මගේ පරණ අයිතියක් ගැන කියල කියපු එකක් 🙂 අනිත් අය දකිනවට බය වුනා මම හිතන්නේ. හැබැයි අන්තිම එක දැම්මට කමක් නැහැ මම හිතන්නේ.

    “අත්හළ රට” බාරගන්න
    සමාධියෙන් අත් මිදෙන්න
    අකලට වට වැසි අරගෙන
    කතරගමට “යලි” වඩින්න !!!

    රටට හොඳ කාලයක් ලබාගෙන එනවා.

    ඔබට දළදා සමිඳු පිහිටයි, ජනාධිපතිතුමා.

    විමල් ඔබටත් දළදා සමිඳු පිහිටයි. මම හුඟක් දුකෙන් හිටියට මේක ඇහැව්වහම පුදුම සතුටක් දැනුනා.

    • හර්ෂණ says:

      මචාහංලා මේ මට විතරක් දැනෙන හැටිද කියලා බලාපන් .මේ චම්පා ඉස්සර කියපු කතා කොහොම වෙතත් දැන් දැන් නිකන් අපේ සිරිසේනගේ පැත්තට අපිව තල්ලු කරනවා තල්ලුකරනව වගේ දැනෙන්නේ නැද්ද ?”චම්පා “කියන නම යටතේ අපි අහන්න සතුටු දේවල් ලියල අපේ හිත් අරගෙන දැන් නිකන් මොකද්දෝ මොකද්දෝ යටිකුට්ටු ගේමක් දෙනවා දෙනවා වගේ තමයි මටනම් දැනෙන්නේ ?
      ඉස්සර සිරිසේනට විරුද්දව ලියපු චම්පා දැන් සිරිසෙනව හදාගන්න බලනවා අපෙන් සමාව අරගෙන දෙන්න බලනවා වගේ තමයි මටනම් තේරෙන්නේ .මේ අර දුවගේ ඉන්ටර්නෙට් හමුදාවේ කෙනෙක් වෙන්න බැරිද ?
      මේ වගේ අයට කියන්නේ කොන්ෆිඩන්ස් ට්‍රික්ස්ටර් කියලා .පළමුවෙන් අපේ විශ්වාසය දිනාගන්නවා දෙවනුව අපිව දක්කනව

      • අනේ මෙහෙමත් කතා says:

        අනේද කියන්නේ.සිරිසේන කියන්නේ සතපහකටවත් විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්ද ?මේ චම්පා ඔයා අපිව අන්දන්න හදන්නේ මොකද ?ඩොලර් මිටියක්වත් ලැබුනද ?

        • Champa says:

          Who asked you to “dress up”? I never asked anybody.

          If you feel like “dressing up” 😀 😀 😀 what can I do? It is your choice, not mine.

        • Rupe says:

          200% agree.

        • suji says:

          වම්පා කියන කෙනාත් මූ අල්ලගෙන. මේ ආප්ප සිරාට රැවටුනේ ඇයි චම්පා.

          • හර්ෂණ says:

            චම්පාව සිරිසේන අල්ලාගෙන නෙවයි මචං චම්පා අපිව අල්ලාගෙන අපේ විශ්වාසය දිනාගෙන තීරණාත්මක කාලේ එනකොට ජනමතය වෙනස් කරන්න හිමිහිට අපිව අදිනවා අනික් පැත්තට .ආප්පයා දන්නවා මහින්ද නිසා මිනිහට තියෙන බලපෑම ඉතින් බටහිර තානාපතියෝ ලවුවා ඒජන්තයෝ ලවුවා බලපෑම් කරනව නොයෙක් කුමන්ත්‍රණ කරලා මහින්දව වට්ටන්න බලනවා ඒ අස්සේ වෙබ් එකේ ගේම් දෙන්න මේවගේ හමුදාවක් දාල කියල වෙබ් අඩවියක තිබුනා.මෙන්න එකෙක් .
            ඕනාවට වඩා ආදරයක් පෙන්නන එවුන්ගෙන් පරිස්සම් වෙන්න කියන්නේ එකයි මතකනේ “ජනාදිපතිතුමනි ඔබතුමා අපිට රජෙක් ,රජෙක් කියල දඟලපු සිරිසේන දුන්නු ගේම .චම්පා විමල් ගැන කියන ආදර කතා අපිව ඇන්දුවා

            සිංහල යකා මහතාණෙනි චම්පා චම්පාම තමයි මෙයට කලින්ද මා මේ ගැන ලියා ඇත චම්පා ඒවාට මෙලෙසින්ම උත්තර ලියා ඇත
            චම්පා හිත වෙනස් කරගත්තාවත් අහිංසක උගතෙක් වක් නෙවෙයි.
            චම්පා කියන්නේ කුලියට අර ගෑනිගේ වෙබ් හමුදාවේ සේවය කරන අපේ හිත වෙනස් කරන්න මුල ඉඳන්ම කපටි විදියට ලියන කුලී ලියන්නෙක් බව දැන් පැහැදිලියි .
            අපිට ආප්පයා හදාගන්න ඕන නෑ චම්පා ආප්පයා යනු මෙරට දේශපාලනයේ බිහිවූ අන්තම කෙළතොළු පාවාදෙන්නෙක් මේවගේ මට්ටමට කිසිම කෙනෙක් මේ රටේ සිටියේ නෑ එනිසා ඔය බයිලා මිනිස්සු පිළිගන්නේ නැති බව උඹේ බොස් ගෑනිට කියපන් .
            අපි මහින්ද වටා විමල් වටා එකතුවී රට ජාතිය බෙරගන්නම් ,උඹ විමල්ට කවි ලියලියා ආප්පයාට කඩේ පලයන්

            මේ චම්පා කියන්නේ එක චරිතයක් පමණයි මේ වගේ අපේ මතය වෙනස් කරන්න ඔපිනියන් ලිඩර්ස්ලා වෙන්න ලියන මිනිස්සු සිය ගානක් වෙබ් එකේ ඉන්නවා මුලින්ම ඒගොල්ලෝ අපිට වඩා ඔවුන් දන්නවා කියල පෙන්වන්න නොයෙක් වැල් වටාරම් ලියනවා අපි එවිට ඔවුන් අපිට වඩා උගත් අපිට වඩා දැනුවත් නිවැරදි තීරණ ගන්නා අය බව සිතාගන්නවා ඉන්පසු අපි ඉබේටම ඔවුන් කියන දේවල් නිවැරදි බව උපකල්පනය කරනවා ඒ අනුව අපිත් අපේ තීරණ එවැනි පුද්ගලයන් ගේ මතය අනුව ගන්නව. අපේ ස්වාදීන සිතිවිලි අර අපේ විශ්වාසය දිනාගත් පුද්ගලයාගේ අදහස් වලින් වසා දමනවා .

            මතකතියාගන්න මේ විදියට ලියන්න පහුගියකාලේ බටහිර රටවලින් අපේ එන්ජිඕ කාක්කන්ට පුහුණුවක් දුන්නු බව .මහින්ද පරද්දුවේ මේ වෙබ් එකෙන් නොවේද ?දැන් මුන් ආයෙත් ඒ ගේම පටන් අරගෙන අවදියෙන් ඉන්න .කොමෙන්ට් කියවනවිට නිතරම තමුන්ම විමසා බලා කටයුතු කරන්න .

      • Champa says:

        “Machan” Harshana

        Who cares whether you come to my side or not?

        I have a universal right to express my opinion. I go my journey without waiting for anyone to follow me. I always say this. Individuals don’t matter to me. What matters to me is the country.

        😀 😀 If you feel like you are swaying to my side 😀 😀 😀 is it my fault? Or your lack of confidence in your own opinion?

        Since when did I get the power to control your thinking?

        • Champa says:

          To All Crying Babies:

          I feel sorry for you. And how much did Ranil pay you to write comments? Your attempt to save Ranil is hilarious.

          None of your comments have any substance.

          There are no perfect people. If you want the President to be perfect, you should first look at yourself. Haven’t you ever done any mistake in your whole life? Haven’t you ever corrected yourself? If you say NO, that means your are a God. Please go back to your divine abode.

          I don’t live in the past. I move forward, may be faster than anybody else.

      • Rikie says:

        හර්ශණ, මටත් ඔය ටිකම හිතුන බන්. උබේ guess එක 100% හරි.

    • janaka says:

      චම්ප ඇදගෙන නානව.එන්න බලන්න මිතුරනි.!!

    • මං සිරිසේන​ says:

      අනේ පව්,චම්ප අසරණයි!!

    • rambanda says:

      තමුන්ට අමු කැවිලා නේද. නැත්නම් මේ වගෙ සුනකයෙකුට පන්දම් අල්ලන්නෙ කුමටද

    • Sihala Yaka - සිහල යකා says:

      I think

      1.somebody else mimics Champa.

      OR

      2. Champa is becoming a baby

      OR

      3. He is a mole

      no person with normal mind would believe cunning Sira like this.

  3. kamasiri Kuruwita says:

    මේ ඔක්කොම රනිල් / රවී එනකම් විතරයි . තමන් ජනාධිපති කලේ කවුද කියල රනිල් අහපුගමන් ලොක්කට කටඋත්තර නැතුව භය භීතියට පත්වෙනවා. මොකද ඕන නම් ලොක්ක එලවන්නත් රනිල්ට හොඳටම පුළුවන්. මේ නිසා මේ අත්හිටවන කතා , කොමිසන් කතා ඔක්කොම නිකන් හීන විතරයි. ජනතාවට මෝඩ චුන් දෙන්න කියන පොර ටෝක් විතරයි. හරියට අනුර කුමාර දෙන පොර ටෝක් වගේ. නමුත් ජනතාව දන්නවා ඇත්තම නියම පොර රනිල් තමයි කියල.

    • Alapaluwa says:

      Kumarasiri You are absolutely correct.I just wont to add few words on your comment.

      මේය වෙනවනම් ඇත්තටම බොහොම හොඳයි නමුත් ප්‍රශ්නය එයනොවේ දැන් සිංහයා වගේ කථා කරාට රනියා අපුගමන් බලුවෙනවා වෙව්ලනවා දතකට පුට්ටුවේනවා අන්තිමට වැඩේ සිදුවෙනවා ඔන්න ඕකයි අන්තිමට සිදුවෙන්නේ අපිට බලාගන්න බැරියා.අනෙක අවුරුදු දේකකටත් වඩා කාලයක් ගතකර මේතරම් රටේ ප්‍රශ්න උද්ගත වේලාත් නීතියට පිටින් රනිල්ගේ සහා ඔවුගේ සහාචරයන්ගේ උවමානකම් මත සැම අවස්ථාවලදි නිකරුනේ පුජිතයා වැනි කුජිතවුණු කාලකන්ණියන්ව ප්‍රොයෝජනයට ගේන කරණ මේ දේශපාලන දඩයම මේ වසළයා නොදන්නේද? නැත. නමුත් කරකියාගන්න බැරිව මනුෂ්‍ය සුවරුපයක් ඇති, මේ දේවර්ගයෙන් මොකකටවත් නැති, මුකුත්ම දන්නේනැති, මේ මනුෂ්‍යාට මේතරම් බලයක් තිබේද?අහෝ එනම් එය ආශ්චර්යකි. එය එසේ වුනම් අපිට අපේ ඇඟිලි තුඩූ මෝට්ටවේනකම් මේකේ කොටන්න අවශ්‍ය වෙන්නේ නැනේද?අනේ එහෙත් අපේ කරුමෙට අපිට හිටිය අපේම ශක්තිමත් මහාපුරුකක් මේ කපටි කයිරාටිකයට මෙල්ල කරගැනීමට තරම් මේ වසළ කුලයෙන් උපන් නරපනුවාට හැකිවුණානේද. මේය සිතන විට සිතට දැනෙන දුක මහමේරක් වාගේ සිටිය මහින්ද මැතිතුමා ගියාට පසු දැනුන වේදනාවට හා සමාන වේදනාවක් වැනිය. මෙතරම් දැන උගත් අය මොවුට රැවටීමට හැකිවුනම් රැවටේනම් අහිංසක අපිවැනි තව කවර කථාද? එහෙත් අයුක්තිය ඉදිරියේ යුක්තිය වේනුවෙන් හිසගසා දැමුවත් නියම සිංහල ලේ ඇති නියම සිංහ කුලයට දාව ඉපදුණු අපි රටවේනුවෙන් මියයෑම සැපයි මේවැනි බොරු ප්‍රෝඩාකාරයින්ට රැවටී මුළාවී සිටිනවට වඩා ****

      • asaranaya says:

        පඹයට, පින්ගුත්තරයා කඩුවෙන් දෙකයි කියන්න ඔනෙ What nonsense !.පඹයට හුජ්ජ යනවා, ඕක පඹයා ලබන තාවකාලික සුවයක්, ඒකත් හරියට චන්ද කාලෙ ගහපු ගැටේ වගෙ කොස්කොල කවන 62 ලශයෙ හරක්ට පේන්න.
        කියන්න තියෙන්නෙ ‘පල ඩෝ’ කියලයි.

  4. Anura says:

    Harinam me wanchawata sambanda unwai gooniye bendala muudata Danna one

  5. kamasiri Kuruwita says:

    මෙයා යාළුවො පවා දුන්නට රනිල් කවදාකවත්ම තමන්ගේ යාලුවෝ පවාදෙන්නෙත් නැහැ , ද්‍රෝහිවෙන්නෙත් නැහැ. ඒ හින්ද අර්ජුනට භයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ

  6. Nandasoma says:

    මේව කරල මිනිස්සු රවට්ටන්න බැහැ…..

  7. සුජීව says:

    ඔන්න බලන්න මේවා ඔක්කොම පුස් වැඩ වෙන හැටි
    රනිල් සර් ඇවිල්ලා හුහ් …… කිව්වා විතරයි සිරිසේනට ..ජ යනවා
    ලොතරැයි කාරයන්ට එහෙ ඉඳලම වැඩේ දුන්න පවු උන් ජනපතියාට ස්තුති කළා වචන අපරාදේ ,දන්නේ නැද්ද මේ ඉන්නේ රූකඩයක් බව .මතක නැද්ද අර ටීවී ad එක ?අර රුකඩ නැටවීම ?
    දැන් ඒවා ඇත්ත වෙලා නේද ටෝයියෝ ?

  8. Hitan gedara appuhami says:

    No no sky, it is only till completion of local government election.
    Appaya is a real traitor. Dont trust him

  9. Dickie Bird says:

    Ranil & Ravi gone on a “Rasthiyadu” at Government expense.

    Government must disclose how much money has been spent for Ranil, Mangala & Ravi’s overseas trips.
    They are going overseas like nobody’s business.

    Appaya hoodwinking the people again. Why did he wait untill now?

  10. Sunil Fonseka says:

    Appaya try to devise votes against UNO playing this type of dramas. 99% of SLFP people know the drama. Now patriots don’t need party they need to save there motherland. This papaya MAKABEUNATA PASSE they can reorganize any party.

Main News