ජනපති අත්සන් කල ගැසට් පත‍්‍රය ලේකම් අවලංගු කරයි..

March 31, 2017 at 4:40 pm | lanka C news
ජනපති අත්සන් කල ගැසට් පත‍්‍රය ලේකම් අවලංගු කරයි..

විල්පත්තු ආසන්නයේ පිහිටි ‘මාවිල්ලූ සංරක්‍ෂණ වනය’ ජනාධිපතිවරයා විසින් අත්සත් තබා ප‍්‍රකාශයකට පත් කරන ලද ගැසට් පත‍්‍රය වහා අවලංගු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත හා වන සංරක්‍ෂණ ජනරාල්වරයා වෙත නියෝග කර ඇති බව ‘අද’ පුවත්පත වාර්තා කරයි.

මෙම සංරක්‍ෂන වනාන්තරය ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගියදා සිදු කරනු ලැබූ රුසියානු නිල සංචාරය අතරතුරදීය. එම තීන්දුවට එරෙහිව පාර්ශව ගණනාවක් විසින් දැක්වු විරෝධය මත මෙම නියෝගය නිකුත් කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

51 views

15 Comments to “ජනපති අත්සන් කල ගැසට් පත‍්‍රය ලේකම් අවලංගු කරයි..”

  1. Dickie Bird says:

    Ammata siri, secretary President wela…………………

  2. බකලදාස says:

    ට්‍රම්ප්ගෙ එක්සික්‍යූටිව් අනාඥා වගේද?
    නැත්නම් අපි කවුරැත් නොදන්න චෙස් පාරක් ද?

    😃

Main News