ජනපති අපේක්‍ෂකත්වය ශ‍්‍රීලනිපයට නොදෙන බව පොහොට්ටුව දන්වයි.. නිමල් සිරිපාල, දුමින්ද අමරවීර දැඩි තීන්දුවකට සූදානම්..

February 24, 2019 at 11:20 am | lanka C news
ජනපති අපේක්‍ෂකත්වය ශ‍්‍රීලනිපයට නොදෙන බව පොහොට්ටුව දන්වයි.. නිමල් සිරිපාල, දුමින්ද අමරවීර දැඩි තීන්දුවකට සූදානම්..

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව ගොඩනඟන පුළුල් දේශපාලන සන්ධානයේ සභාපති ධුරය හෝ ජනාධිපති අපේක්ෂකත්වය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට නොහැකි බව පොදුජන පෙරමුණ නායකයන් දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට දැනුම් දුන් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයකු පැවසීය.

සාකච්ඡාවලදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන යෝජනාවලට එකඟවනවා හැරෙන්නට ප‍්‍රති විරුද්ධ යෝජනා ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොහැකි වී ඇතැයි ද මේ නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් දැඩි ලෙස කලකිරී සිටින බව හෙතෙම පැවසීය.

යෝජිත පුළුල් සන්ධානයේ සභාපති ධුරය හා ජනාධිපති අපේක්ෂකත්වය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට හිමි විය යුතු බවට කරුණු ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට නිහඬ වන ලෙස ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස අවවාද කර ඇතැයි ද මන්තී‍්‍රවරයා පැවසීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පාවාදී ගොඩනඟන පුළුල් සන්ධානයකින් පලක් නොමැති බවත් මේ නිසා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පක්ෂයේ නායකයන් රැසක් මාර්තු මාසය තුළදී දැඩි තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව ද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

– divaina

165 views