ජනපති අපේක්‍ෂක නම් කරන්නේ කමිටු වාර්තාව අනුවයි..- පාන්දරම සජිත් කලබල වුණු අගමැතිගේ ප‍්‍රකාශය මෙන්න..

September 17, 2019 at 10:40 am | lanka C news
ජනපති අපේක්‍ෂක නම් කරන්නේ කමිටු වාර්තාව අනුවයි..- පාන්දරම සජිත් කලබල වුණු අගමැතිගේ ප‍්‍රකාශය මෙන්න..

මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා නම් කරන්නේ අපේක්ෂකයා තෝරා ගැනීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව ලැබුණු පසු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ මුණගැසෙමිනි.

අදාළ කමිටුව පත් කරන ලද්දේ අගමැතිවරයා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේ පසුගියදා පැවති සාකච්ඡාවෙදී ගත් තීරණය අනුවයි.

එම කමිටුවේ සාමාජිකයන් වන්නේ රාජිත සේනාරත්න, දිනේෂ් වීරක්කොඩි, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන පිරිසයි.

41,960 Viewers

4 Comments to “ජනපති අපේක්‍ෂක නම් කරන්නේ කමිටු වාර්තාව අනුවයි..- පාන්දරම සජිත් කලබල වුණු අගමැතිගේ ප‍්‍රකාශය මෙන්න..”

  1. aurudu 30k ma unp eka winasha karala thawath innethuthwa denwath palayan nodaking thoooo

  2. UNP-GALIBBA says:

    කවුරු උනත් පක්‍ෂ නායක්ත්වයට ගරුකලයුතුව ඇත තමාගේ මතය නොව ක්‍රුත්‍යාදීකාරී මඬලයේ තීරනයට එකඟවිය යුතුය ප්‍රජාතන්ත්‍රවාදය යනු සාමුහික මතයට ගරුකිරීමය. තමාගේ මතය පමණක් නම් එය ඒකාදිපති මතයකි.සජිත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකොරාට නොදන්නේද එයමය​????

  3. මතවාද says:

    කමිටුවට ඉන්නේ සජිත් හිතවාදී පිරිසක් වෙලත් තීන්දුව දෙන්න පරක්කු ඇයි?

  4. මළත් UNP says:

    මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සිටින බලවත්ම පුද්ගලයා සජිත් පේමදාස මහතායි. ඔහුට බිම්මට්ටමේ සියලුම ඡන්දදායකයින් ඒකරාශී කරගෙන ගෝඨාභය මහතාට කරට කර සටනක් දිය හැකි තත්ත්වයක පසුවෙයි. එම නිසා පොහොට්ටු වාදීන් රනිල් සමග එක්වී සජිත් මහතාගේ අපේක්ෂකත්වය කඩාකප්පල් කිරීමේ හොර මෙහෙයුමක යෙදී සිටී.

Main News