ජනපති අයිති එජාපයටයි.. ජන වරම ලැබුනේ අපටයි.. එය මතක තබා ගත යුතුයි..

October 22, 2016 at 2:10 pm | lanka C news
ජනපති අයිති එජාපයටයි.. ජන වරම ලැබුනේ අපටයි.. එය මතක තබා ගත යුතුයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අයිති එජාපයට බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයාට ජනවරම ලැබුනේ එක්සත් ජාතික පෙරමුන හරහා බවත් අගමැතිවරයා ප‍්‍රමුඛ එජාපය එම මැතිවරණ ව්‍යපාරයේ පෙරමුණ ගත් බවත් පවසන ඔහු ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පරාජය කරන්න කැප වූ බලවේග අද ඔහු අයිති කරගන්න දගලන බවද සදහන් කරයි.

අද සමහරැුන් එය මතක නැතිවාක් මෙන් කටයුතු කරතත් ජනවරම ලැබුනේ එජාපයට බව ඒ අය මතක තබා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ඇමති කිරඇල්ල මේ බව සදහන් කර ඇත්තේ සත් අන්ත පුවත්පතක් හා අදහස් පල කරමිනි.

29 views

17 Comments to “ජනපති අයිති එජාපයටයි.. ජන වරම ලැබුනේ අපටයි.. එය මතක තබා ගත යුතුයි..”

  1. sembakuttiarachi says:

    අනෙ අප්පෝ ඔය ජනාදිපතිය ඔයාලම තියාගන්න. නිකං දුන්නත් අපිට නං එපා ඔය කයිරාටික වැඩක් කරන්න බැරිනාහෙන් අඬන එකා

  2. suji says:

    ඉක්මනට ඡන්දෙ තියපන්කෝ

  3. Asaranayaa says:

    ඕන ගොනකුට ඕනෑ දෙයක් කියන්න පුලුවන්, ගනන් ගන්න එපා, පුස් වෙඩිලි

  4. DIGA JANTHU says:

    ONA GENEKUTA ජනපති අයිති එජාපයටයි.. ජන වරම ලැබුනේ අපටයි.. එය මතක තබා ගත යුතුයි..KIYALA KIYANNA PULUWAN

  5. Anil says:

    Then why not contested by UNPs for presidential election

  6. raymond says:

    ඒක අපි හොදටම දන්නවා එකනේ ශී ල නි පෙ අපි එයාට අකමෑති

  7. හීන් බබා සීයා says:

    ජනාධිපතිතුමා හිතන්න ඕනේ කාගේ උදව්වෙන්ද ඔහු ජනාධිපති වුනේ කියලා…..

  8. ප්‍රදීප් says:

    පසුගිය ජනාධිපතිවරණයේ, මයිත්‍රිපාල ජනාධිපතිතුමාට විරුද්ධව කටයුතු කල අය දැන් එතුමාව අයිති කරගන්න හදනවා. එහෙම වෙන්න බෑනේ…

  9. lalkantha says:

    වැඩේ ම තමා අඉති කර ගන්න. උබලම තියා ගනිව්, අපිටනම් එපා

  10. Boo says:

    ජනපතිවරණයේදී චන්ද ලැබුනේ එජාපයටනං චන්දෙට රනිල්වම දාන්න තිබුනනේ?

    එහෙම නොකළේ එජාපයට චන්ද ලැබෙන්නේ නැති බව දැනගෙන හිටි නිසයි. ජය ගත හැකි චන්ද ලැබුනේ ශ්රිනිප චන්ද දායකයින්ගෙන් ශිලනිප සිරිසේනට. ඒ නිසා ඔය ඕන ගොනෙකුට කියන්න පුළුවන් ගොන් කතා රටට ඔට්ටු නෑ.

Main News