ජනපති අවුරුද්දට රටටම සුබ පැතු SMS බිල කීයද..
April 16, 2019 at 3:00 pm | lanka C news
මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
තොරතුරු නිලධාරි,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
ගරු මහත්මයාණෙනි/මහත්මියනි,
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත යටතේ කරනා තොරතුරු ඉල්ලීමයි
1. 2019 අප්‍රේල් මස 14 වනදා ජනාධිපතිවරයා විසින් රටේ මහජනතාව වෙත යවන ලද සුබ පැතුම් සහිත ජංගම දුරකථන කෙටි පණිවිඩය සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණ ද?
2. 2019 ජනවාරි 1 වනදා ජනාධිපතිවරයා විසින් රටේ මහජනතාව වෙත යවන ලද සුබ පැතුම් සහිත ජංගම දුරකථන කෙටි පණිවිඩය සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය කොපමණ ද?
3. උක්ත සඳහන් ජනාධිපතිවරයාගේ සුබ පැතුම්, දුරකථන කෙටි පණිවිඩ අවහිර කිරීමේ සේවා මඟ හරිමින් යැවීමට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව ජනාධිපති ලේකම් කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ නීතියේ කුමණ වගන්තිය යටතේ ද?
4. රටේ මහජනතාවට හා රටේ ජනතාවගේ ප්‍රශ්න ජනාධිපතිවරයා ඉදිරියට ගෙන එන නමුත් දේශපාලන ඩීල්වලට යටත් නොවන සිවිල් ක්‍රියාකාරීන් වන අපට, ජනාධිපතිවරයා හමුවීමට කෙරූ ඉල්ලීම් හා ජනාධිපතිවරයා වෙත අප යවනා ලිපි අවහිර කිරීමට කටයුතු කරනා ක්‍රමවේදයක් ගෙන යන ජනාධිපති ලේකම්වරුන් මඟහැරීමට ඇති ක්‍රමවේදය කුමක් ද?
– මහජන අයිතීන් සුරැකීමේ පදනම
ආවේ නන් සරල කතා කියාගෙන
Well done. Politicians send unwanted messages using private telecommunication companies and the receivers cannot send their greetings back
Using their own language. ( Mothers are lucky)
This is my last warning to Dialog !!
එතකොට අගමැටි අවුරුද්දට කලින් එවපු එකට කීයක් ගියාද කියල හොයන්න ඕනේ නැතෙයි?
Janadipathy yavu sms vagema Agamathi yavu sms vala viyadamath api danagannama one. Ai jsnadhipathy evve Suba Pathum. Namuth Jothirvedi Ranil evve Avurudu Nakath Seettuvak.