ජනපති උපන් දිනය ආගමික වතාවත් පමණයි.. FB ගිණුමේ පැය තුනට ප‍්‍රතිචාර දොලොස්දහසයි..

June 20, 2020 at 12:40 pm | lanka C news
ජනපති උපන් දිනය ආගමික වතාවත් පමණයි.. FB ගිණුමේ පැය තුනට ප‍්‍රතිචාර දොලොස්දහසයි..

අද දිනට යෙදී ඇති තම උපන් දිනය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත් පමණක් සිදු කරන ලදී.

අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී අද අලුයම කිරි ආහාර පූජාවක් පැවැත්වූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ආගමික වතාවත් සිදු කළහ.

රුවන්වැලි චෛත්‍ය රාජයාණන් උදෙසා කප්රුක් පූජාවක්ද චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍ර ජනාධිපතිවරයා විසින් සිදු කළේය.

එම පරිශ්‍රයේ ඇති දුටුගැමුණු රජුගේ සහ විහාර මහා දේවිය පිලිරූවලට මල් මල් මාලා පැළදවීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

උපන්දිනය ආගමික වතාවත්වලට පමණක් සීමා කළ ද මෙම ආගමික වතාවත්වල පින්තූර ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කර පැය තුනක කාලයක් ඇතුළත ප්‍රතිචාර 12,000 පමණ ප්‍රමාණයක් ලැබී තිබේ.

331 views

18 Comments to “ජනපති උපන් දිනය ආගමික වතාවත් පමණයි.. FB ගිණුමේ පැය තුනට ප‍්‍රතිචාර දොලොස්දහසයි..”

  1. rala says:

    You are a wonderful leader to our nation of yesterday, today, and the future. Happy Birthday!sir!!!

  2. ක්‍රිමිනල් says:

    දෙකටම නැති ඉරාජ් නාම්බගේ විගඩං විඩීයොවලට ඔයිට් වඩා ලයික්/කමෙන්ටු වැටෙනවා ආයිබොවන්ඩ.මොනා උනත් ශුභ උපන්දිනයක් ඔබ තුමාට !

  3. අපේ රට says:

    සුබ උපන් දිනයක් සමග දිගාසිරි පලමුව පතමි. දෙවනුව සමස්ත ජනයා ඔබට දුන් කතිරයට මේ දක්වා සාධාරණය ඉටුකර ඇත. මේ රට විනය ගරැක නිතිගරැක සැමට එකක්වු නිතියකට යටත්වු දිනුමත් රටක් බවට පත්කිරිමට හැකියාව ලැබෙන්නත් ඒ සදහා රට පෙලගැස්සිමටත් හැකියාව ලැබේවා.

  4. අපේ රට says:

    සුබ උපන් දිනයක් සමග දිගාසිරි පලමුව පතමි.දෙවනුව සමස්ත ජනයා ඔබට දුන් කතිරයට මේ දක්වා සාධාරණය ඉටුකර ඇත.මේ රට විනය ගරැක නිතිගරැක සැමට එකක්වු නිතියකට යටත්වු දිනුමත් රටක් බවට පත්කිරිමට හැකියාව ලැබෙන්නත් ඒ සදහා රට පෙලගැස්සිමටත් හැකියාව ලැබේවා.

  5. Saradiel says:

    සුබ උපන්දිනයක් වේවා

  6. කාන්තිලතා ගුණසේන says:

    ඔබ තුමාට සුභම, සුභ උපන් දිනයක් වේවා!
    රට, දැය, සමය රැකගැණීමට ශක්තිය, බලය, ධෛර්යය නොඅඩුව ලැබේවා!!.
    තෙරුවණ් සරණෙන් නිදුක්ව, නිරෝගීව යෙහෙමින් වැජඹේවා!!!
    වැජඹේවා!!!

Main News