ජනපති එද්දී පිරිසක් කසිප්පු පෙරයි.. පෙරූ පිරිස පැන දුවයි..

March 25, 2021 at 10:02 pm | lanka C news
ජනපති එද්දී පිරිසක් කසිප්පු පෙරයි.. පෙරූ පිරිස පැන දුවයි..

2015ට කලින් පැවති රජයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස තමන් කටයුතු කරන්න දී නුගේගොඩ වැලි පාර්ක් පිට්ටනියේ ගොඩ ගසා තිබුනේ ගල්, පස්, වැලි ආදිය බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් මුලින්ම එම ස්ථානයට එන විට එහි කසිප්පු පෙරමින් තිබූ බවත් එහ පුද්ගලයන් දිව ගිය බවත් ජනාධිපතිවරයා පැවසීය.

එම ස්ථානය පසුව ගස්වැල් සිටුවමින් අලංකාර තත්ත්වයට පත්කළ බවද ජනාධිපතිවරයා කීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධාන වල නියෝජිත හමුව එම ස්ථානයේ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ කෝට්ටේ ඇතුළු නගර හරිත නගර වලට පත් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලයේදී බවද පැවසූ ජනාධිපතිවරයා පසුගිය වසර පහක කාලය තුළ මේ ආකාරයේ කිසිදු ව්‍යාපෘතියක් නොකල බවත් එසේ නොකර සිටි අය දැන් පරිසරය බදාගෙන කෑගසන බවද කියා සිටියේය.

55,160 views

8 Comments to “ජනපති එද්දී පිරිසක් කසිප්පු පෙරයි.. පෙරූ පිරිස පැන දුවයි..”

  1. රන්වල says:

    පරිසරය සුරැකීම කියන්නෙ පිඩලි ඇල්ලිම වගේ සිල්ලර වැඩක් නොවන වගත් වනාන්තර තෙත්බිම් ජීවී පද්ධතියක හා කොළඹ පාර අයිනේ වදුලක අතර ලොකු වෙනසක් ඇති බවත් වටහා ගැනීමේ ශක්තියත් රටක නායකයා සහ කසිප්පු අල්ලන රාලහාමි අතර වෙනසත් හදුනා ගැනීමට ලැබේවා

    • gamaya says:

      මේ විදියට බලනකොට සින්හරජේ කැලේ වැවක් දෙකක් හදලා පිඩලි පාරක් එහෙම අල්ලලා ලස්සන හෝටල් පාරක් දාන එක පරිසර හිතකාමී වැඩක් කියලා මයේහිතේ

    • well said says:

      Epic!Well said.

  2. Sks says:

    ගස් වලට ආදරේ කෙල්ලෝ දැන් මයිල් බාන්නෙත් මැද්දෙන් ලයින් එකක් ඉතුරු කරලා.. හිට්ලර් කට් එක

  3. " මකරාගේ ද්වීපය"🤬 says:

    රටේ දූෂනය අහසටත් උඩින් දැන් දැකගත හැක..!
    ” කසල තේ “… ‘මාර්ග අනතුරු’… “වසවිස පොල්තෙල්”
    රටතුලට ගෙන්වීම රටේම සිංහල ජාතියටත් නමටත්
    අවමානයකි..! අද ලංකාව මත් කුඩු දූෂිත රටකි..!
    ත්‍රිවිධ හමුදාවෙන් ” පොලීසිය ” ඉවත් කරන්න!
    ඒ තරම්ම පොලීසිය ” රූකඩයන් ” බවට පත්වී හමාරය..!
    දඬුවමට ‘දඩ කොළය’ වෙනුවට ” කස පහර ” දීම කාලෝචිතය!
    වසරක් ” හමුදා- පාලනය ” කරල රට බේරා ගන්න කාලය
    දැන් පැමින ඇත.

  4. RED BULL says:

    ඔතන කලින් අරක්කු පෙරුවෙ කෙහෙල් වත්තෙ එවුන්.

  5. lotus says:

    නුගේගොඩ වැලි පාර්ක් පිට්ටනියේ ගස්වැල් සිටුවමින් අලංකාර තත්ත්වයට පත්කළ බවද ජනාධිපති can u put some wild elephant too????

  6. Kadiya says:

    ආණ්ඩුවක් උද්‍යාන කරණය කරන එක වැරැද්දක් නැහැ. රට පිරිසිදුව පිළිවෙලකට තියාගන්න එක හොඳයි. නමුත් වැදගත්ම දේ පරිසරය රැකීමයි. “පරිසරය රැකීම” කියන වචන දෙක ඉතාම පුළුල් අර්ථයක් දෙනවා. කෙටියෙන්ම කියනවානම් “ස්වාභාවිකව තියන පරිසරය ඒ තියන විධියටම තියෙන්න දෙන එක” තමයි. අපේ අති පණ්ඩිතකම් අනුව කරන වෙනස්කම් පරිසරයට අවශ්‍ය නැහැ. තියෙන්න ඕන හොඳම විධියට තියනවා, “පරිසරයට ඕන විධියට ඔහේ තියෙන්න අරිමු, බාධා නොකරමු.”

Main News