ජනපති එන්න පෙර ලොකු අඩවුවක්.. අගුණුකොලපැලැස්ස හිරගෙදර පහරදීම ගැන ආණ්ඩුවේ මාධ්‍ය ගේමක්..

January 19, 2019 at 4:40 pm | lanka C news
ජනපති එන්න පෙර ලොකු අඩවුවක්.. අගුණුකොලපැලැස්ස හිරගෙදර පහරදීම ගැන ආණ්ඩුවේ මාධ්‍ය ගේමක්..

අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයේ සිරකරුවන්ට සිදුකල ප්‍රහාරය මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට වගකිම පැවරෙන අාකාරයට හුවා දක්වමින් ප්‍රවෘත්ති නිර්මාණය කරන්න ලෙස ආණ්ඩුවේ ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍යකට උපදෙස් ලැබී තිබේ.

බන්ධනාගාර නිලධාරීන් පසුගිය නොවෙම්බර් 11 ද එහි රැඳවියන්ට අමානුෂිය ප්‍රහාරයක් එල්ල කල අතර එම සිද්ධිය දිගින් දිගටම විකාශනය කරන ලෙස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් විසින් අදාල ආයතන සභාපතිට උපදෙස් දී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් පැවති මාධ්‍ය හමුවක් ප්‍රවෘත්ති විකාශණයේ ප‍්‍රමාණවත් ලෙස වලට යොදා නොගත්තේ යයි චෝදනා කරමින් එම මාධ්‍ය හමුව සම්පුර්ණයෙන් ම විකාශනය කරන්නැයි ලද උපදෙස් මත ඒ ආකරයෙන් කටයුතු කර ඇත.

බන්ධනාගාරයේ පහරදිමේ ‘දිනය’ නිරන්තරයෙන් ජනතාවගේ ඇස ගැටෙන ලෙස අදාල දර්ශනද යොදාගන්නා ලෙසද දන්වා ඇත.

විදෙස් සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ලංකාවට පැමිණිමට පෙර අදාල ප්‍රවෘත්ති සකස් කරන ලෙසද දැනුවත් කර තිබේ.

18,241 Viewers

2 Comments to “ජනපති එන්න පෙර ලොකු අඩවුවක්.. අගුණුකොලපැලැස්ස හිරගෙදර පහරදීම ගැන ආණ්ඩුවේ මාධ්‍ය ගේමක්..”

  1. john the baptice says:

    මෙය බටලන්ද හා සමානයි නඩු දෙකම එකට ගමු එන මැතිවරනයේදී මෙයට පිළිතුරු මුන්ට දෙමු

  2. කල කල දේ පල පල දේ….

Main News